• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියගේ තව කෙළි එළියට! ජනප්‍රිය නිළියකට ජිම් යන්න 40,000ක් අමාත්‍යාංශයෙන් ගෙවලා! කකුල කඩාගෙන ඇඳේ ඉද්දිත් ගේමක් ගහලා ලක්ෂ 11ක ඉන්ධන දීමනාව අරන්! Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කෙහෙළියගේ තව කෙළි එළියට! ජනප්‍රිය නිළියකට ජිම් යන්න 40,000ක් අමාත්‍යාංශයෙන් ගෙවලා! කකුල කඩාගෙන ඇඳේ ඉද්දිත් ගේමක් ගහලා ලක්ෂ 11ක ඉන්ධන දීමනාව අරන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කියන චරිතය ගැන අපිට නිරතුරුවම කතාකරන්න සිදුව තිබෙනවා. ඒ, වෙන කිසිවක් නිසා නෙවෙයි. ඔහු විසින් දේශපාලන අවභාවිතයන් කිරීම. විශේෂයෙන්ම ඇමැතිවරයෙක් වශයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ කටයුතු කරමින් සිටියදී දූෂණ, අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධයෙන් තමයි ඔහුට විරුද්ධව නඩු රාශියක් තියෙනවා. ඔහුට විතරක් නෙවෙයි ඔහුගේ මුළු පවුලටම නඩුහබ පැවරිලා තියෙනවා. ඒ තරම්ම දූෂිත පවුලක් ලෙස ඔබ අප කාගේත් අවධානයට ලක්වෙලා ඉන්නවා ඒ පවුල. Sri Lanka Latest News

කෙහෙළිය රඹුක්වැල්ල පිළිබඳ මම අද තවත් සුවිශේෂ කරුණක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණ පිළිබඳ ඔබ එක් පැත්තකින් පුදුමයට පත්වෙන්නත් පුළුවන් මේ හිටපු ඇමැතිවරයා මොන තරම් අධම පුද්ගලයෙක්ද කියන එක. මම ඔබට කියන්න යන්නේ ඔහුට සමීප රංගන ශිල්පිනියක් ලෙස ප්‍රචලිතව ඉන්න එක්තරා ජනප්‍රිය කාන්තාවක් ගැන. ඇය මේ වනවිට එක්තරා මාධ්‍ය ආයතනයක නියෝජ්‍ය සභාපතිවරිය වශයෙන් කටයුතු කරන බව තමයි අපිට දැනගන්න තිබෙන්නේ. ඇය වෙනුවෙන් තමයි කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා අමාත්‍යාංශයේ මුදල් වැයකරමින් ඇය සමග හිතවත්කම් පවත්වාගෙන ගිහින් තියෙන්නේ. ඒක ඔවුන්ගේ අයිතියක්. නමුත් මෙතැන ප්‍රශ්නය තියෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇය වෙනුවෙන් අමාත්‍යාංශයේ මුදල් වැය කිරීමයි.

මේ කියන රංගන ශිල්පිනියට කාය වර්ධන මධ්‍යස්ථානයකට (ජිම්) යෑමටත් කෙහෙළිය රඹුක්වැල්ල අවස්ථාව ලබාදීලා තියෙනවා. ඒකට වියදම් කරලා තියෙන්නේ අමාත්‍යාංශයේ මුදල්. ඒ අනුව රත්තනපිටියේ පිහිටි ප්‍රසිද්ධ කායවර්ධන මධ්‍යස්ථානයකට තමයි ඇයව කෙහෙළිය විසින් යොමුකරලා තියෙන්නෙ. එම කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුට අමාත්‍යාංශයේ මුදල්වලින් මාසිකව රුපියල් 40,000ක මුදලක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ අදාළ කාන්තාවගේ පුහුණුකරුට අමාත්‍යාංශයේ මුදල්වලින් රුපියල් 40,000 බැගින් මාසිකව ගෙවලා තියෙනවා. මේ මුදල් ඔහුට ගෙවලා තියෙන්නෙත් අපූරු ආකාරයකට. ඒ කියන්නේ අදාළ කාන්තාවගේ පුහුණුව වෙනුවෙන් මුදල් ගෙවීමක් කියලා නෙවෙයි ලේඛනවල සඳහන් කරලා තියෙන්නේ. එම පුහුණුකරු කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස සේවය කරනවා, ඒ අනුව ඔහුට ඒ තනතුරට අදාළව රුපියල් 40,000ක වැටුපක් මාසිකව ලබාදෙනවා කියන පදනම මත තමයි මේ මුදල් ගෙවලා තියෙන්නේ. බලන්න කොයි තරම් මුදල් අවභාවිතයක්ද මේ පුද්ගලයා සිදුකරලා තියෙන්නේ ඉතා උපක්‍රමශීලී විදියට. ඔහු කාලයක් රටේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළා. තවත් කාලයක් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළා. තවත් කාලයක ආරක්ෂක අංශවලට සම්බන්ධ මාධ්‍ය ප්‍රධානියෙකු ලෙසත් කටයුතු කළ කෙහෙළියගේ සැබෑ ස්වරූපය තමයි මේ අනුව පැහැදිලි වෙන්නේ.
ඒ විතරක් නෙවෙයි. ඔබට මතක ඇති මීට වසර කීපයකට පෙර කෙහෙළිය රඹුක්වැල්ල ඔස්ටේ්‍රලියාවේ ගිය අවස්ථාවක ඉහළ මහලකින් ඇදවැටිලා කකුල් කඩාගත්තා. ඒ අවස්ථාවේ ඔහු බීමතින් සිටියා කියලත්, ලංකාවේ ජනප්‍රිය නිළියක් හමුවෙන්න ගිය වෙලාවක ඒ අනතුර සිදුවුණා කියලත් කතාවක් සමාජයේ තිබුණා. මේ අනතුරෙන් පස්සේ කෙහෙළිය රඹුක්වැල්ල මාස ගානක් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ගත්තා. ඒ කාලයේදී ඔහු දරපු ඇමැති තනතුරේ වගකීම් ඉෂ්ට කරන්නත් ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඒ කාලය තුළ ඔහුගේ ඉන්ධන දීමනාව විදියට රුපියල් 11,80,000ක් ඔහු ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඇමැතිවරයකුට, ඔහුගේ තනතුරට අදාළ ඉන්ධන දීමනාව ලබාදෙන්නේ ඔහු එම රාජකාරිය ඉටුකරනවා නම් විතරයි. නමුත් කෙහෙළිය රඹුක්වැල්ල රෝහල්ගත වෙලා ඉන්නකොට ඔහුට ඇමැති ධුරයේ වගකීම් ඉෂ්ට කරන්න බැහැනේ. එහෙනම් ඔහුට ඒ ඉන්ධන දීමනාව ලබාගැනීමේ හැකියාවකුත් නෑ. නමුත් මේ පුද්ගලයා අදාළ කාලය තුළදී තමන් රාජකාරි ඉටුකළා කියලා ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් 11,80,000ක මුදලක් ලබාගෙන තියෙනවා. ඒ මුදල ඔහු ලබාගෙන තියෙන්නෙත් අපූරු විදියකට. මම ඒ ගැනත් ඔබට කියන්නම්.

මේ කාලයේ කෙහෙළිය රඹුක්වැල්ලගේ මාධ්‍ය ලේකම්වරයෙක් විදියට කටයුතු කළා සරත් දඹවින්න කියලා පුද්ගලයෙක්. කෙහෙළිය රඹුක්වැල්ල ඔහුට ප්‍රකාශ කරලා තියෙනවා, තමන්ගේ රාජකාරි කටයුතු මෝටර් රථයෙන් ගිහින් ඔහු විසින් ඉටුකළා කියලා අදාළ ඉන්ධන දීමනාව ලබාගන්නා ලෙස. ඒ අනුව සරත් දඹවින්නට තමන්ගේ ඇමැතිවරයා කියපු මේ දේට පිටුපාන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. නමුත් මේ මාධ්‍ය ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරයකු වුණු ඩබ්ලිව්.බී. ගනේපොළ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරලා තියෙනවා. දඹවින්න, ගනේපොළට කියලා තියෙනවා කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා මට මේ වගේ දෙයක් යෝජනා කරනවා, මම ඒකට මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ ගනේපොළ මහත්තයා දඹවින්නට කියලා තියෙනවා ඔය දේ කරන්න එපා, මාධ්‍ය ලේකම්වරයාට, ඇමැතිවරයාගේ රාජකාරි ඉටුකරන්න හැකියාවක් නෑ, ආණ්ඩුව පෙරළිච්ච වෙලාවක ඔබටත් ඒ වරදට සිරගත වෙන්න සිදුවේවි කියලා. ඒ අනුව සරත් දඹවින්න බියට පත්වෙලා තියෙනවා. ඔහු ඒ වංචාව කරන්න ඉදිරිපත් වෙලා නැහැ. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල තමන්ගේ පුද්ගලික ලේකම් වුණු ඒ.පී.ඒ. ජයවර්ධනට කියලා තියෙනවා ඔබ මගේ රාජකාරිය ආවරණය කළ නිසා අදාළ කාලයට ඉන්ධන දීමනාව ලබාගන්නා ලෙස. ඒ අනුව ඔහු කිසිදු බියකින් තොරව එම ඉන්ධන දීමනාව චෙක්පතකින් ලබාගෙන එය බැංකුවෙන් මුදල් බවට පත්කරගෙන කෙහෙළිය රඹුක්වැල්ලගේ අතට ලබාදීලා තියෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල ඔස්ටේ්‍රලියාවේ ගිහින් කකුල කඩාගත්තට පස්සේ රෝහල්ගත වෙලා ප්‍රතිකාර ගන්නත් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 110ක මුදලක් අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපති අරමුදලෙන් මුදල් නිකුත් කරන්නේ දුප්පත්, යමක් කමක් කරගන්න බැරි අසරණ අය වෙනුවෙන් පමණයි. කෙහෙළිය කියන්නේ එහෙම මුදල් නැති, අසරණ කෙනෙක් නෙවෙයි. ඕනෑ තරම් මුදල් තියෙන පුද්ගලයෙක්. ඉතින් එහෙම කෙනෙක් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 110ක් අරගෙන තියෙනවා. බලන්න මොන තරම් අපරාධයක්ද කියලා. මේ වගේ පුද්ගලයෝ නැවත වරක් පාර්ලිමේන්තුවට එවන්න එපා කියන එක අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕනේ. රාජපක්ෂලා, වික්‍රමසිංහලා, සිරිසේනලා මේ රටේ ජනාධිපතිකම්, අගමැතිකම් දැරුවා. නමුත් මේ කෙහෙළිය ඇතුළු හොර නඩය කරපු දූෂිත ක්‍රියාවලට විරුද්ධව නිසි පියවරක් ඔවුන් ගත්තේ නැහැ. ඔවුන්ව ආරක්ෂා කිරීම පමණයි කළේ. නමුත් අද අනුර කුමාර දිසානායක බලයට පත්වෙච්ච නිසා තමයි මේ වගේ දූෂිතයන්ට වැඩ වැරැදිලා තියෙන්නේ. හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. කරපු අපරාධ පිටිපස්සෙන් එළවන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා ලංකා ඉතිහාසයේ විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේම ගත්තත් සිරගත වෙලා දඬුවම් විඳින්න සිද්ධ වෙන දේශපාලන පවුල විදියට කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුල ඉතිහාසගත වෙයි.

Sri Lal Channel යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

විපක්ෂය කඩාකප්පල් කරන්න විපක්ෂයටම කොන්ත්‍රාත්තුවක්! කොළඹ පොදු අපේක්ෂකයාට එරෙහිව විපක්ෂයෙන්ම අපේක්ෂකයෙක්! Sri Lanka Latest News

Next Post

හැමෝගෙන්ම බැණුම් අහපු මාලනීගේ දුව සමනලී කට අරී! Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.