කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් විපක්ෂය විසින් නම්කර ඇති රීසා සරුක් මහතාට එරෙහිව තවත් අපේක්ෂකයකු විපක්ෂය පැත්තෙන්ම නම්කර එවීමේ මෙහෙයුමක් මේ වනවිට දියත් වී ඇති බවක් දැකගන්නට ඇත.Sri Lanka Latest News
රීසා සරුක් මහතා නගරාධිපතිවරයා වශයෙන් පත්වීම කඩාකප්පල් කිරීමේ අරමුණෙන් විපක්ෂයේම පක්ෂ නායකයකු වෙත මෙම කොන්ත්‍රාත්තුව භාරදී ඇති බවක්ද දැනගන්නට තිබේ.
ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති විපක්ෂයේ පක්ෂ නායකයා කොළඹ නගරාධිපති ධුරය සඳහා තම පක්ෂයේ අපේක්ෂකයකු නම්කිරීමට කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ.
මේ ආකාරයට විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙදෙනකු නම්කරවාගෙන කොළඹ නගරාධිපති ධුරය විපක්ෂය වෙත හිමිවීම වැළැක්වීම මෙම කොන්ත්‍රාත්තුවේ අරමුණ වී ඇති බවද දැනගන්නට ඇත.










