පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සුහදතාව වාර්ධනය කිරීම සදහා නුවරඑළියේ සංවිධාන කොට තිබූ ක්‍රිකට් තරගයට සහ මන්ත්‍රී හමුවට සහභාගී නොවන ලෙස දැනුම් දෙමින් දුරකතන ඇමැතුම් ලබා දීමට කටයුතු කොට ඇති පොහොට්ටුවේ ඇමැති ප්‍රබලයකු සහ මන්ත්‍රීවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබලයන්ට පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පැවත්වෙන මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගය මෙවර නුවරඑළියේ පැවැති අතර ඊට සහභාගී වන ලෙස පක්ෂයෙන් සියලුම පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කොට තිබිණ.
නමුත් ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පසුගිය දින කිහිපයේදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කතා කොට මෙම අවස්ථාවට සහභාගී නොවන ලෙස දැනුම් දීමට පියවර ගෙන ඇත.
මන්ත්‍රීවරුන් නුවරඑළියට රැගෙන යාම සදහා බස් රථය පැමිණි අවස්ථාවේදී පවා ඊට ගොඩ නොවන ලෙසට මෙම තිදෙනාගෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ඇමැතුම් ලැබී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම මන්ත්‍රීවරු නුවරඑළි ගමන අතරතුරදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර එදින සවස ඒ පිළිබද පොහොට්ටු ප්‍රබලයන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
පසුව කළ සොයාබැලීම්වලදී එම තොරතුරු සත්‍යයක් බව අනාවරණය කරගැනීමට බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු පක්ෂ මූලස්ථානයට හැකියාව ලැබී තිබේ.
ඒ අනුව ඉදිරියේදී පොහොට්ටුවේ සුහද හමුව කඩාකප්පල් කිරීමට කටයුතු කළ මෙම පොහොට්ටු ප්‍රබලයන් තිදෙනා පිළිබදව පක්ෂයටත්, රටටත් කරුණු අනාවරණය කිරීමට පොහොට්ටු නායකයන් තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙම ප්‍රබලයන්ගේ ඇමතුම් නොතකා පොහොට්ටු සුහද හමුවට මන්ත්‍රීවරුන් 60ක් පමණ සහභාගී වී සිට ඇති බවද දැනගන්නට ඇත.










