විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. Sri Lanka Latest News
එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ මෙසේය.
‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සදහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 10 (2)(ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධූර කාලය දීර්ඝ කරන ලද කාලසීමාව මාස 12ක් ඉක්මවී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාලසීමාවක් සදහා අදාළ විසිරුණු සභාව නැවත කැදවිය හැකි විය යුත්තේය.