සෞඛ්‍ය ඇමැතිවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් වසරක කාලයකදී විදේශ සංචාර පනහක නිරතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය අංශය සකස් කළ වාර්තාවකින් අනාවරණය වෙයි.Sri Lanka Latest News
මෙම වාර්තා සකස් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස්. ශ්‍රී ධරන් විසිනි.
අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය තොරතුරු දැන ගැනීමේ පනතට අදාළව කළ ඉල්ලීමකින් පසු මෙම වාර්තාව සකස්කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විදෙස් සංචාර පහක්, සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විදේශ සංචාර දෙකක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විදේශ සංචාර හතරක් ද ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු නියෝජිත ආයතන මගින් කළ ආරාධනාවලට අනුව මෙම විදේශ සංචාර ගොස් ඇති අතර, එම ආයතන විසින් ගුවන් ටිකට්පත්, ආහාර සහ නවාතැන් පහසුකම් සඳහා වන වියදම් ලබා දී ඇත. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය අංශය විසින් මෙම වෛද්‍යවරුන්ට විදේශ රාජකාරි නිවාඩු අනුමත කර ඒ සඳහා අනියම් දීමනාවක්ද ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.
එම වාර්තාවට අනුව විදේශ සංචාර වැඩිම සංඛ්‍යාවක නිරතව ඇත්තේ ද වාර්තාව සකස් කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වීම ද විශේෂත්වයකි.










