සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,
‘‘ශ්‍රී ලංකාව අවසන් වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් ඇති කරගන්නා අවසන් වතාවට බවත් ඒ සඳහා වගබලා ගන්නා බවත් ජනාධිපති අනුර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව භාර ගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ ආකාරයටම කරගෙන යාමට අවශ්‍ය වෙනවා. ඒසේ සිදුවුණේ නැතිනම් නැවත රට පස්සට ගමන් කරන බව ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතා හමුවු අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගනුදෙනුවේදී ලංකාවට ලැබීමට තිබෙන මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණක් නෙවෙයි ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතනවල මුදලුත් එකතුකරගෙනයි. ඒ හරහා තමයි අයවැය සඳහා මුදල් ලැබෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් වලින් බලශක්ති සඳහා හෝ සම්ප්‍රේෂණ සඳහා වියදම් කිරිමට නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙන්නේ එවැනි දේවල් සඳහා නෙවෙයි. අයවැය සඳහා තමයි ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතනවලින් මුදල් ලැබෙන්නේ.
ඒ වගේම ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතන එකතුවෙලා බලශක්ති ඇමැතිවරයාට ලියමුක් යොමුකරලා තිබෙනවා. ශ්‍රී ලංකාව ඉදිරිපත් කර තිබෙන 2024 වසරේ සම්මත වුණ විදුලිබල පනත ආපසු හරවා ගැනිම සම්බන්ධයෙන් එම ලිපියේ මුලික කාරණා 4 ක් සඳහන් වෙනවා.
සියලුම විදුලිය නිෂ්පාදනය කිරීමේ , බෙදා හැරිමේ , විදුලිය ජනනය කිරීමේ ආයතනයල අයිතිය රජය සතු කරගත යුතු බව මෙම මුලික කාරණා වල සදහන් වෙනවා. ඒ වගේම වික්ටොරියා , රන්දෙනිගල , රන්ටැඹේ ජල විදුලි බලාගාරවලින් අඩු මුදලට විදුලිය ජනනය කරනවා. ඒ වගේම නොරොච්චොලය වගේ ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර තිබෙනවා. ඒ වගේම සුර්යය බලාගාර සහ සුළං විදුලි බලාගාර තිබෙනවා. මේ සියලුම බලාගාර රජයට අයත් බලාගාර. 2024 වසරේ සම්මත වුණ විදුලිබල පනත හරහා මෙම ආයතන සියල්ල කොටස් වලට කඩනු ලැබුවා. විදුලිය ජනනය කළ සියලුම ආයතන
කොටස් වලට කඩනු ලැබුවා. ඒ වගේම මේ යටතේ මහවැලියට අයත් විදුලි බලාගාර රජය සතුව තබා ගන්නා බවත් අනෙක්තු බලාගාර රජය සතු කරගන්නා බව ස්ථිරව සඳහන් කරලා නෑ. අනෙකුත් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර අවශ්‍යනම් කොටස් වෙළඳපොල හරහා ලබාගැනිමට හැකි බව විදුලිබල පනතේ සඳහන් වෙනවා.
ඒ වගේම එම ලිපියේ විදුලි සම්ප්‍රේෂණ රැහැන් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ වගේම ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ රැහැන් ඉදිරියට පවත්වාගෙන යාමට ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම විදුලි සම්ප්‍රේෂණ රැහැන් වලින් සියයට 50 ක් රජයට අයිතිවිය යුතු බවත් පසුව ඉතිරිය සඳහා පෞද්ගලික ආයෝජන ලබාගත හැකිබවත් නව විදුලිබල පනතේ සඳහන් වෙනවා. ඒ වගේම විදුලිය බෙදා හැරීමේ ආයතන සියල්ලගේ අයිතිය සියයට සියයක්ම තිබුනේ ලංකා විදුලි බල මණ්ඩලයට. කෙසේ නමුත් නව විදුලි බල පනත හරහා මහවැලිය , නොරෙච්චෝලේ , ඩිසල් බලාගර , සුළං බලාගාර , සුර්යය බලාගාර සියල්ල එක ආයතනයක් බවට පත් කරලා ඒ ආයතන සියල්ල රජය සතු විය යුතු බව තමයි සංශෝධනයේ සඳහන් වෙන්නේ. ඒ වගේම විදුලි සම්ප්‍රේෂණයේ සියයට සියයක් රජය සතුව පැවැතිය යුතු බවත් එහි සඳහන් වෙනවා. ඒ වගේම සම්ප්‍රේෂණ ආයතන සියල්ල එක ආයතනයක් ලෙස ගොඩනා ලෙකෝ ආයතනයත් එම ආයතනවලටම එකතු කරලා ලංකා විදුලි බල මණ්ඩලයේ ආයතන ලෙස නම් කරලා තිබෙනවා. ඒ වගේම මේ දෙය සිදුකරන්නේ ඇයි කියලා ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතන අපෙන් ප්‍රශ්න කරලා තිබෙනවා.
ඒ වගේම LTL කියන ආයතනය විදුලිය සම්ප්‍රේෂණය කරන ආයතනයේ කොටසක් බවට පරිවර්තනය වන බව නව විදුලි බල සංශෝධන පනතේ සඳහන් වෙනවා. කෙසේ නමුත් ලංකා විදුලි බල මණ්ඩලයට පසු තිබෙන විදුලි උත්පාදනය සඳහා තිබෙන විශාලතම ආයතනය වන්නේ LTL කියන ආයතනය. එම ආයතය විදුලිය සම්ප්‍රේෂණය කරන ආයතනයේ කොටසක් බවට පරිවර්තනය කිරිමෙන් ලබැදියාවන් අතර ගැටුමක් ඇතිවෙනවා. ඒ වගේම සහස් දනවි සහ රිවි දනවි ව්‍යාපෘති ඉදි කරන්න LTL කියන ආයතනයට බිලියන 20 ක මුදලක් අවශ්‍ය වුණා. ඒ අනුව මොවුන් කොටස් වෙළදපොලේ ප්‍රාථමික කොටස් නිකුතුවකට එකඟ වුණා. කෙසේ නමුත් ඛණිජ තෙල් නිතගත සංස්ථාවේ තිබෙන බිලියන 8 ක මුදලෙන් LTL ආයතනයේ කොටස් මිලදි ගන්නා බව රජය කැබිනට් පත්‍රිකාවක් මගින් දන්වා තිබෙනවා. ඒ හරහා ගැටලුවක් මතුවෙනවා. ඛණිජ තෙල් නිතගත සංස්ථාවට මෙතරම් ලාභයක් උපයන්න හැකියාවක් තිබෙනවානම් ඉන්ධන සඳහා අයකරන අමතර බදු ඉවත් කරන්න ඛණිජ තෙල් නිතගත සංස්ථාවට කටයුතු කළ යුතුයි.
ඒ වගේම එම ලිපියේ විදුලිය බෙදා හැරිමේ ආයතන සම්බන්ධයෙන් තොරතුරු විමසා තිබෙනවා. ඒ අනුව විදුලිය බෙදා හැරිමේ ආයතන තුළට ලෙකෝ ආයතනය සම්බන්ධ කර ගන්නේ ඇයි දැයි ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා. ඒ වගේම එක විදුලිය බෙදා හැරිමේ ආයතනයකට තවත් විදුලිය බෙදා හැරිමේ ආයතනයක් අල්ලා ගැනිමට නිතිය අනුව සිදුකළ නොහැකියි. නමුත් නිති වෙනස් කරලා ලංකා විදුලි බල මණ්ඩලය ලෙකෝ ආයතනය අල්ලා ගැනිමෙ උත්සහ කරනවා. මේ හරහා තරගකාරිත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යනවා.
ඒ වගේම එම ලිපියේ විදුලි බිල සංශෝධනය ගැනත් සඳහන් වෙනවා. ඒ අනුව මාස 6 කට වතාවක් විදුලි බිල සංශෝධනය කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව සියයට 18 කින් විදුලි බිල වැඩි කිරිමට සුදානම් වුණත් මහජන උපයෝගිතා කොමිසන් සභාව අවසර දුන්නේ විදුලි බිල සියයට 15 කින් වැඩි කිරීමටයි. කෙසේ නමුත් විදුලි බිලේ ගාස්තු වැඩිවිම සම්බන්ධයෙන් තිරණ ගත හැකි වන්නේ මහජන උපයෝගිතා කොමිසන් සභාවට පමණයි. ඒ වගේම විදුලිබිල සියයට 20 කින් අඩුකරන්න කටයුතු කරද්දි ආණ්ඩුව ඒ සඳහා කැමැත්ත පලකළේ නෑ. නමුත් සියයට 20 කින් විදුලි බිල අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පෙන්නලා දුන්නා. ඒ වගේම මුලද් අමාත්‍යාංශය සමඟ එකතු වී විදුලි බිල සඳහා තිරු බද්ද සකස් කළ යුතු බව සඳහන් වෙනවා. කෙසේ නමුත් විදුලි පාරිභෝගිකයාව බලාගත්ත එකම ආයතනය වන මහජන උපයෝගිතා කොමිසන් සභාව පන්නා දමන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මේ කටයුත්ත සිදුනොකරන ලෙස ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතන සඳහන් කරනවා. ඒ වගේ විදුලි බිලෙන් තුනෙන් එකක් අඩුකරන බව තමයි ජාතික ජනබලවේගය බලය ලබාගැනිම පෙර ප්‍රකාශ කළේ. නමුත් දැන් විදුලි බිල අධික ලෙස ඉහළ දමා තිබෙනවා. ඒ වගේම පෙර පැවැති ආණ්ඩුවලින් ජනතාවට ලබාදි තිබු බලය සම්පුර්ණයෙන්ම පැලවත්තෙන් ඩැහැ ගන්න කටයුතු කරනවා.
ඒ වගේම ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතන බලශක්ති ඇමැතිවරයාට යොමු කළ ලිපියට ඇමැතිවරයාගෙන් මේ වනතුරු කිසිදු ප්‍රතිචාරයක් නෑ. ඒ වෙනුවට Director General of the Power Sector Reforms Secretariat in Sri Lanka හි පුබුදු නිරෝෂන් කියන පුද්ගලයා තමයි පිලිතුරු ලබාදිලා තිබෙන්නේ. ඔහු යොමු කළ ලිපිය පසුව එය මාධ්‍යයටත් ලබාදෙනවා. කෙසේ නමුත් පුබුදු නිරෝෂන් කියන පුද්ගලයා ලියපු ලියුම ලෝක බැංකුවට සහ ජයිකා යන ආයතන වල නම් සඳහන් කරලත් නෑ.
නමුත් ආසියානු සංවර්ධන බැංකුවට ඔහු එම ලිපිය යොමු කරලා තිබෙනවා. ඒ වගේම ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතන බලශක්ති ඇමැතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් පළමු කරුණේ ප්‍රශ්නයක් නැති බවත් විදුලිය නිෂ්පාදනය කිරීමේ , බෙදා හැරිමේ , විදුලිය ජනනය කිරීමේ ආයතනවල අයිතිය රජය සතුව තබා ගන්නා බවත් නමුත් මෙය un bundle කරන්න හැකි බව ඔහු සදහන් කරනවා. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් ලෙස අපි දන්නේ නෑ රජය කරන්න යන දේ පිළිබඳව. නමුත් පුබුදු නිරෝෂන් දන්නවා. පුබුදු නිරෝෂන් කියන දේවල් අපි කොහොමද විශ්වාස කරන්නේ. ඒ වගේම පුබුදු නිරෝෂන් ඇමැතිවරයාට ලියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස අපිට ලිපිය පිළිගන්නත් බෑ. ඒ නිසා හොඳම දේ තමයි බලශක්ති ඇමැති ලෙස පුබුදු නිරෝෂන්ව පත් කිරීම. එහෙම කළොත් අපිට පුබුදු නිරෝෂන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුලුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත පුද්ගලයෙකුට ලෝක බැංකුවට , ජයිකා සමාගමට පිළිතුරු දෙන්න අයිතියක් නෑ. ඒ වගේම රජයේ මතය පුබුදු නිරෝෂන්ට ප්‍රකාශ කරන්න බෑ. එය ඇමැතිවරයා තමයි ප්‍රකාශ කළ යුත්තේ. ඒ වගේම ලෙකෝ ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය සතුවට ගැනිමේ කිසිදු ගැටලුවක් නැති බව පුබුදු නිරෝෂන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසමේ බලයත් රජය පැහැර ගැනිම පිළිබඳවත් සැලකිල්ලක් දක්වලත් නෑ. ඒ වගේම ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතන එකතුවෙලා බලශක්ති ඇමැතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් මුලික කාරණා 4 ක් අදාල නැති බවත් පුබුදු නිරෝෂන් කියන පුද්ගලයා සඳහන් කරලා තිබෙනවා.
ඒ වගේම විදුලිබල පනත පිළිබඳව පාර්ලිමේන්තුව තුළ කතා කළ යුතුයි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පුද්ගලයෙකුට කතා කරන්න නොහැකියි. ඒ වගේම මෙම සංශෝධනය ගෙන එන්නේ කුමාර ජයකොඩි ඇමැතිවරයා. ඒ නිසා මෙම සංශෝධන සම්බන්ධයෙන් උත්තර ලබාදිය යුත්තතේ ඇමැතිවරයා. කෙසේ නමුත් ඉදිරියේදී යම් ආධිපත්‍යයක් ලබාගැනිමට තමයි පුබුදු නිරෝෂන් කියන පුද්ගලයා සුදානම් වන්නේ කියන තොරුතුරු වාර්තා වෙනවා.
ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරන්න අනුර දිසානායක ජනාධිපතිවරයාට අවශ්‍ය නැතිවුණත් ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරගෙන යාමට සිදුවෙනවා. නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරගෙන යාමේදී ඇමැතිවරයාට නෙවෙයි තිරණ ගන්නේ පැලවත්තෙන් නම් කරන පුද්ගලයා. ඒ අනුව ඇමැතිවරයෙක් සිටියාට වෙනත් කණ්ඩායමක් තමයි රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන්න කටයුතු කරන්නේ. ඒ වගේම ආණ්ඩුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුනොකළහොත් විශාල ප්‍රශ්න රැසකට රටට මුහුණ දෙන්න සිදුවෙනවා.
ඒ වගේම රන්දෙණිගල , රන්ටැඹේ , කොත්මලේ , වික්ටොරියා සියල්ල එකක්. ඒවායේ අයිතියක් කිසිම කෙනෙකුට කවදාවත් යන්නේ නෑ. නමුත් නොරෙච්චෝලේ , ඉන්ධන බලාගාර , සුළං බලාගාර රජයේ බදු මුදලින් නඩත්තු කිරිමේ අවශ්‍යතාවයක් නෑ. එකයි මුලික් ආර්ථික දැක්ම. ඒ වගේම රජය සතුව තබා ගත යුතු බවට මහවැලියට දමා තිබු කොන්දේසිය අලුත් සංශෝදනය හරහා නොරෙච්චෝලයට , ඉන්ධන බලාගාර , සුළං බලාගාර දමා තිබෙනවා. කෙසේ නමුත් අපට අවශ්‍ය වන්නේ විදේශ ආයෝජනයයි. ඒ වගේම ජනාධිපතිවරයාත් ප්‍රකාශ කර තිබෙනවා විදේශ ආයෝජන අවශ්‍ය බව. එසේනම් ඒ සඳහා අවශ්‍ය කරන රාමුව සකස් කළ යුතුයි. සමාජ වෙළද පොළ ගැන කතා කළාට ඒවා සිදුකරන්නේ නෑ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ආර්ථිකය ස්ථාවර කළා. නමුත් දැන් අවශ්‍ය වන්නේ ස්තාවරභාවය නෙවෙයි. ආර්ථිකයේ වර්ධනයක් තමයි දැන් අවශ්‍ය වන්නේ.‘‘










