ලංකා විදුලි බල මණ්ඩලය ආශ්‍රිත ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමේ ක්‍රියාවලිය පිළිබඳව ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා ආයතනය දැඩි කනස්සල්ල පළකර ඇති බවත් එමඟින් ඔවුන්ගේ සහය ඉදිරි ව්‍යාපෘති සඳහා නොලැබී යාමේ අවධානමක් මතුකරමින් තිබේ.Sri Lanka Latest News
මේ බව ඇඩ්වොකාටා ෆේස්බුක් පිටුව වාර්තා කර ඇති අතර තවමත් රජය විසින් මේ සම්බන්ධව නිසි පිළිතුරක් ලබා දී නොමැති නමුත් බලශක්ති අමාත්‍යවරයා විසින් වැඩසටහනකදී අදාළ ආයතන ක්‍රියාකර ඇති ආකාරය රාජ්‍ය ත්‍රාන්තික නොවන හා දේශපාලනීකරණය වූ ප්‍රවේශයක් ලෙස සඳහන් කර ඇති බවත් එය රාජ්‍ය නිවේදනය නම් එය බරපතල කාරණයක් වනු ඇති බවත් අවධාරණය කර තිබේ.
ඇඩ්වොකාවා ෆේස්බුක් පිටුවේ පළකර තිබූ එම සම්පුර්ණ සටහන පහත දැක්වෙයි.
🔴 විදුලි බල මණ්ඩයේ අත්තනෝමතිකව ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමේ ක්‍රියාවලිය පිළිබදව ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව හා JICA ආයතන තම දැඩි කනස්සල්ල පල කොට තිබීම ඔවුන්ගේ සහය ඉදිරි ව්‍යාපෘති සදහා නොලැබී යාමේ අවදානමක්ද මෙයි මතුකරමින් ඇත.
👉මෙම ආයතන තුන එකාබද්ධ නිවේදනයක් බලශක්ති ඇමතිවරයාට යොමුකරමින් නව විදුලි බලපතනට එක් කරන ලද සංශෝධනයන් පිළිබද ප්‍රශ්න මතුකොට ඇත. අප රටේ බලශක්ති ආයෝජනයන් සදහා ප්‍රමුඛ දායකත්වයක් මෙම ආයතන 3 මගින් ලැබී ඇත. එම නිසා ඉදිරි බලශක්ති හා සංවර්ධන ව්‍යාපෘති සදහා මෙම ආයතන සමඟ හොඳින් ගනුදෙනු කිරීම ඉතා වැදගත් කාරණයකි .
🔴එම නිවේදනයට අනුව
1 . ස්ථිර රජයේ හිමිකාරිත්වය පිළිබදව ප්‍රශ්න නගා ඇත.
මූලික පනතේ 17 වන වගන්තියේ 2 වන උප වගන්තිය සංශෝධනය කරන ලද අතර (a), (e), (f), (g), සහ (h)(ii) ලෙස දක්වා ඇති ආයතන රජය විසින් (භාණ්ඩාගාර ලේකම් හරහා) “ස්ථිරව” හිමිකරගෙන තබා ගනු ලැබේ.
NSO, NTNSP, සහ විශ්‍රාම වැටුප් වගකීම් සමාගම සඳහා 100% රජයේ හිමිකාරිත්වය පවත්වා ගැනීම නිසා ,
• රාජ්‍යය මූල්‍ය බර වැඩි කරනු ඇත
• විදුලි උත්පාදන සමාගම සහ බෙදාහැරීමේ සමාගම සඳහා පුද්ගලික ආයෝජන අවස්ථාවක් සීමා කරනු ඇත
• විශාල ආයෝජන අවශ්‍යතා ඇති අංශයක සංවර්ධනය සඳහා රජයේ විකල්ප අවහිර කරනු ඇත
2. ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයීමේ ආයතනය (NTNSP)
වගන්තිය 20 යටතේ LTL Holdings සහ Sri Lanka Energies යන සමාගම් දෙකම NTNSP යටතට ගෙන ඒමට සැලසුම් කර ඇත.
මෙය ගැටලුවක් වනු ඇත
• LTL Holdings සතුව 1GW කට වඩා විදුලි උත්පාදන ධාරිතාවක් ඇත (ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි)
• Sri Lanka Energies සතුව 15MW පමණ ජල විදුලි උත්පාදනයක් ඇත.
• මෙම සමාගම් දෙකෙහිම සම්ප්‍රේෂණය, බෙදාහැරීම, ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය වැනි වෙනත් ව්‍යාපාර ද ඇත
එමගින් ලැබෙන ප්‍රතිඵලය:
• NTNSP එකම ආයතනයක් යටතේ ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයෙන් 20%ක් පමණ පාලනය කරනු ඇත.
• සම්ප්‍රේෂණ ජාල වැඩිදියුණු කිරීමේ ප්‍රධාන කාර්යය අවධානය වෙනතකට යොමු වනු ඇත
• විදුලි බලමණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් වන (සම්ප්‍රේෂණය vs උත්පාදනය) ප්‍රධාන අරමුණට බාධාවක් වනු ඇත
• විනිවිදභාව හා ලැබැදියා පිළිබද ගැටළු ඇතිවිය හැකි අතර එය දූශණයට හා වංචාවට දොරගුලු විවර කරනු ඇත
3. බෙදාහැරීමේ සමාගම පිළිබදව පවතින ගැටළු
වගන්ති 20 යටතේ බෙදාහැරීමේ සමාගම LECO සමාගමේ සියලු වත්කම්, වගකීම් සහ කාර්යයන් භාර ගනු ඇත.
LECO සමාගම ගැන
• CEB බෙදාහැරීමේ අංශවලින් ස්වාධීනව ක්‍රියාත්මක වේ
• ගනුදෙනුකරුවන් සහ සේවකයන් සඳහා කාර්යක්ෂම ක්‍රම සහ නව තාක්ෂණය භාවිතා කරයි
නව යෝජනාවේ ගැටලු
• එක් බෙදාහැරීමේ සමාගමක් අනෙක් සමාගම සම්පූර්ණයෙන් අවශෝෂණය කිරීම
• වාණිජ, ක්‍රියාත්මක සහ නීතිමය ප්‍රභාව නොසලකා හැරීම
මතුවන ව්‍යාකූලත්වය
• අති විශාල බලයක් සහිත NTNSP සහ බෙදාහැරීමේ සමාගම් නිර්මාණය වීම එමගින් පද්දතියේ කාර්යක්ශමතාවය විනිවිදබාවය හා වගවීම අහිමිවීයාන , ලැබැදියා අතර ගැටළු මතුවීම , දූශණ වංචා හා අක්‍රමිකතාවයන්ට මග
පෑදීම මෙන්ම සියළු පාඩු අක්‍රමිකතා මුල්‍ය වංචා පාරිභෝගිකයින්ට දැරීමට සිදුවීම
👉මේ ආකාරයට දීර්ඝ පැහැදිලි කිරීම් හා ප්‍රශ්න නැගීම් සමගින් මෙම නිවේදනය නිකුත් කොට ඇත. තවමත් රජය විසින් මේ සම්බන්ධව නිසි පිළිතුරක් ලබා දී නොමැත.
👉බලශක්ති අමාත්‍යවරයාගේ පුද්ගලික අදහස් දැක්වීමක් පමණක් වැඩසටහකදී ඉදිරිපත් කොට ඇත. එහිදී ඔහු මෙම නිවේදනය විවේචනයට ලක් කරන අතර එය රාජ්‍ය ත්‍රාන්තික නොවන හා දේශපාලනීකරණය වූ ප්‍රවේශයක් ලෙස සඳහන් කරනු ලබයි .
👉එය රාජ්‍ය නිවේදනයද ? එසේ නම් එය බරපතල කාරණයක් වනු ඇත . මෙය බරපතලව ගතයුක්තකි. මෙවැනිම අවස්ථා අප ඉතිහාසය පුරාවටම දැක ඇත. ඒවා වල ප්‍රතිඵලය ලෙස බංකොලොත් රාජ්‍යයක කරුවලේ පෝලිම් වල ලැග්ගෙමු , පාලකයින්ගේ මහන්ත්‍ත අදූරදර්ශි තීන්දු තීරණ වල පලවිපාක අප ජාතියක් ලෙස තවම විදවන්නෙමු ඉතින් අප නැවතත් ඒ පාරේ යායුතු නොවේ වැරදි පිළිගත යුතුය. එවා පාඩම් ලෙස ගෙන හදාගත යුතුව ඇත.
පණිවුඩකරුවාට මඩුවල්ගයෙන් තැලීම පසෙකලා සත්‍ය අවබෝධ කරගත යුතුව ඇත. නැතහොත් තවත් අර්බුදයකට ඇදවැටීම සක්‍රයාගේ පුතා වෛමාටවත් නැවැත්ව්ය නොහැක .










