කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණය සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිය හරහා ලබා ගත් ණය වැඩසටහන මේ දෙසැම්බර් 31 වැනිදා දක්වා අවසන් වන බවත් මේ නිසා දෙසැම්බර් 31 වැනිදායින් පසුව මෙය අහෝසි වීමෙන් මෙය අසම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත්වන බවත් වර්තමානයේ අප රටේ පවතින මූල්‍ය තත්ත්වය තුළ මුදල් ලබා ගෙන මෙය ක්‍රියාත්මක විය යුතු ව්‍යාපෘතියක් හා ආයෝජනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ලෝකයේ සෙසු රටවල ඩොප්ලර් රේඩාර් ක්‍රමය ඇතුළු නව උපකරණ ලබා ගෙන අනාවැකි පළ කිරීම ආදිය සිදුකරන බැවින් ලෝක බැංකුවට දේශගුණික පාර්ලිමේන්තුව ලෙස මේ සම්බන්ධයෙන් ලිඛිතව යොමු කර මෙය අහෝසි නොකරන ලෙස දිට්වා සුළි කුණාටුව මත පදනම්ව ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා දේශගුණික පාර්ලිමේන්තුව පිළිබඳ කාරක සභා රැස්වීම අමතමිනි. මේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, බලශක්ති අමාත්‍යාංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, UNDP (නේවාසික නියෝජිත), FAO (නියෝජිත), WFP (අධ්යක්ෂ) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නියෝජිතයන් එක්විය.
‘එල් නිනෝ’ සහ ‘ලා නිනා’ තත්ත්වයන් කාලගුණය නිසා ආහාර ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවනවාද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් වගා සැලසුම්, කන්න රැස්වීම් ආදිය ක්‍රියාත්මක වන විට නියමිත වේලාවට නව තොරතුරු මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බැවින් මේ නව තොරතුරු ලබා දෙන ක්‍රමවේදය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම දේශගුණික විපර්යාස ගැටලු සේම නිශ්චිත ප්‍රමාණයක් අස්වැන්න නොලැබීම තුළින් ඇතිවිය හැකි ආහාර අනාරක්ෂිතභාවය පදනම් කර ගෙන රටට අවශ්‍ය ආහාරවල කෘෂි නිෂ්පාදනවල අඩුවක් පවතිනවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් කාලගුණ දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය ගැන ගොවියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආශ්රිත ජලාශ්රවල ජලය භාවිත කරන ක්‍රම ඇති බවත් පාරිසරික හේතු සඳහා යොදා ගන්නා ජලය, වගා ජලය, පානීය ජලය සහ විදුලි උත්පාදනය ආදී ක්‍රම ඇති නිසා මෙහි දී ප්‍රමුඛතාව ලබා දෙන කරුණ කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේ ය. එසේම මැණික් ගඟ වසරේ එක් කාලයක පිටාර ගැලීමත් තවත් කාලයක උග්‍ර ජල හිගයක් පැවතීමත් දක්නට ලැබෙන බවත් එම නිසා අඛණ්ඩ ජල සැපයුමක් තිබෙනවා සේම සංවර්ධනය තුළින් වාරි යෝජනා නිර්මාණය වීමත් සමග ලුණුගම්වෙහෙර වැනි ජලාශ්ර තුළින් බස්නා ජලය වැඩි වී බූන්දල ජල උද්‍යානයට එම ජලය නිකුත් වීම නිසා එහි ජලය වෙනස් වී මත්ස්‍ය බිහිවිම අඩු වී ෆ්ලෙමින්ගේ නම් සංචාරක පක්ෂි පැමිණිම පවා අඩුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










