ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා පැවැති අයහපත් කාලගුණයෙන් ස්වභාවික විපත්වලින් ආපදාවට ලක් වූ නුවරඑළිය නගර සීමාව ඇතුළු මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සියලුම ප්‍රදේශ ප්‍රතිසංස්කරණ කටයුතු (04) නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය ,Sri Lanka Latest News
මෙම වැඩපිළිවෙළ සදහා “කළුතරින් නුවරඑළියට සහන හස්තයක්” මැයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය යළි ගොඩනැගීමේ අරමුණින්, කළුතර දිස්ත්‍රික්කයෙන් 70 දෙනෙකුගෙන් හා ආහාර පාන අවශ්‍ය උපකරණ යන්ත්‍ර සූත්‍ර සමග දැවැන්ත ස්වේච්ඡා කණ්ඩායමක් නුවරඑළියට පැමිණි අතර එම කණ්ඩායමේ සහයෝගයද නුවරඑළිය නගරය සංවර්ධන කටයුතු මෙහිදී ලැබීම විශේෂත්වයකි ,
හානියට පත් ප්‍රදේශ යළි නගා සිටුවීමේ අරමුණින් පැමිණි මෙම පිරිස සමග නුවරඑළියේ මහ නගරසභාවේ ආයතන ප්‍රධානීන් නාගරික මන්ත්‍රීවරුන් සේවක මණ්ඩලයේ සහ පොදු ජනතාවගේ සහයෝගයෙන් නුවරඑළිය නගරය ශාන්තිපුර, හාවාඑළිය, කළුකැලේ, මාගස්තොට යන කොට්ඨාශවල ආපදාවන්ට පත්වූ මාර්ග, නිවාස ඇතුළු සියළු ගොඩනැගිලි පිරිසිදු කර, යථාවත් කිරීමේ කටයුතු මෙහිදී ආරම්භ කර ඇත.













