• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

290ක් පිච්චිලා මැරෙද්දී ජීවිතය බේරාගත් සියවසේ මිනිසා පළමුවරට මාධ්‍යයට කතා කරයි! VIDEO I Sri Lanka Latest News

June 13, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
290ක් පිච්චිලා මැරෙද්දී ජීවිතය බේරාගත් සියවසේ මිනිසා පළමුවරට මාධ්‍යයට කතා කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දශකයකින් ලෝකයේ වාර්තා වූ දරුණුතම ගුවන් අනතුර පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ අතර, ඉන් දිවි බේරාගත් එකම ගුවන් මගියා තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම පළමු වරට මාධ්‍යයට හෙළි කර තිබේ. Sri Lanka Latest News

මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ, රමේෂ් විශ්වකුමාර් නැමති බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත 40 හැවිරිදි ඉන්දියානුවෙකි.

යානය නික්මි විනාඩියකට අඩු කාලයකදී එහි විශාල පිපිරුම් ශබ්දයක් ද ඇසුණු බවත් තමා යානයෙන් පිටතට විසිවූ ආකාරය පවා නොදන්නා බවත් ඔහු සඳහන් කර තිබේ. 

ගුවන් යානයේ 11A දරණ අසුනේ සිටි ඇති ඔහු ආරක්ෂිත පටි ගලවා දමා යානයේ හදිසි දොරටුවෙන් පැන්න බව මුලින් වාර්තා වුණි.

කෙසේ වෙතත් අනතුරින් පස්සේ ඔහු තුවාල සහිතව ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණි.

කොහොම නමුත් තමා කිසිවෙකු විසින් ගිලන් රථයකට නංවාගත් අයුරු මතක බවත් සඳහන් කර ඇති රමේෂ් යානයේ සිටි බොහෝ දෙනෙකුගේ මළ සිරුරු දුටු බවත් පවසා තිබේ.

පසුව රමේෂ්ව රෝහල්ගත කර තිබුණු අතර, ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රෝහල වෙත පැමිණ තිබුණි.

තම අත්දැකීම පිළිබඳ අදහස් පළ කළ රමේෂ්,

“හැමදේම වුණේ මගේ ඇස් ඉදිරිපිට. මට විස්තර කරන්න අමාරුයි. හදිසි පිටවීමේ දොරටුව භාවිත කළේ නෑ. ඒක කැඩිලා තිබුණේ. මගේ ආසනෙත් කැඩිලා තිබුණේ. දොර කැඩුන තැනින් එළියක් දැක්කා. මම එතනින් එළියට ආවා. පිටත් වුණ ගමන්ම වගේ තමා මේක සිද්ධවුණේ. ඒ එක්කම ගිනි ගන්න පටන් ගත්තා. අගමැතිතුමා ඇහුවා හැමදේම හොඳින් ද කියලා. මම මගේ සහෝදරයත් එක්ක මාස 9ක් විතර ඉන්දියාවේ ඉඳලා ලන්ඩන් යන්න තමා ගියේ. ඇත්තටම ඒ අවස්ථාව විස්තර කරන්න බෑ. ඒක ආශ්චර්යයක්.”

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපොළ බලා නික්මුණු එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ (12) මෙලෙස අනතුරට ලක්වුණි.

මගීන් 230ක් සහ නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය අහමදාබාද් සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් නික්මී මොහොතකින් අනතුරට ලක්වුණි.

මෙම ගුවන් තොටුපොළේ මෙහෙයුම් සිදුකරනු ලබන්නේ, අගමැති මෝදිගේ ප්‍රබල ආධාරකරුවෙකු වන ගෞතම් අදානිගේ අදානි සමූහය විසිනි. 

අනතුරට මුහුණදෙනු ලැබුවේ, එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 වර්ගයේ ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයකි. 

අමෙරිකානු බෝයිං සමාගමේ බෝයිං 737 යානා අනතුරු කිහිපයකට මුහුණ දුන්නත් 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ යානයක් මුහුණදුන් පළමු මාරක අනතුර ලෙස සැලකේ.

ෆ්ලයිට් රේඩාර් 24 FLIGHTRADAR 24 ගුවන් ගමන් තොරතුරු දැක්වෙන වෙබ් අඩවියට අනුව එයාර් ඉන්දියා ඩ්‍රීම්ලයිනර් යානය අඩි 625ක පමණ උසකට පමණක් යොමුව තිබුණි.

ඒ අනුව යානය නිමිත ලෙස ඉහළ නැංවීමට නොහැකිව තිබී ඇති අතර, යානය නිකුත් වී විනාඩියක් තුළ එහි නියමුවන් අනතුරු ඇඟවීමේ නැත්නම් ආධාර ඉල්ලීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

අනතුර සිදුව ඇත්තේ ඊට ප්‍රතිචාර ලැබීමට පෙරය.

යානය කඩා වැටුණු වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයේ ඒ මොහොතේ දිවා ආහාරය ගනිමින් සිටි වෛද්‍ය සිසුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණි.

තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මේ අනුව ගුවන් අනතුරින් මිය ගිය මුළු සංඛ්‍යාව 246ක් වේ.

ගුවන් යානයේ සිටි මිය ගිය බවට සැලකෙන අය අතර, ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයෙකු වූ විජේ රූපානි ද සිටී.

අනතුරට හේතුව මෙතෙක් නිගමනය කර නොමැති අතර, යානයේ කළුපෙට්ටිවල දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ දැනගැනීමට හැකිවෙනු ඇත.

යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් මේ වනවිට සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් යානයේ ලෑන්ඩින් ගියර් (LANDING GEAR) නැත්නම් රෝද අනතුර සිදුවන විටත් එළියට විවෘත වී තිබූ අතර, සාමාන්‍යයෙන් යානය ඉහළට නංවන කොට ඒවා අකුලා ගත යුතුව තිබුණි.

යානයට නියමිත වේගය හෝ ආනතිය ලබාගැනීමට නොහැකිවන හේතූන් කිහිපයක් ගුවන්යානා විශේෂඥයින් පසුව ඉදිරිපත් කර තිබුණි.

කුරුල්ලන් යානයේ ගැටීම,  යානයේ කාර්මික දෝෂයක් හෝ නියමුවාගේ අත්වැරැද්දක් නිසාවෙන් ද අනතුර සිදුවන්නට හැකි බව ගුවන්යානා විශේෂඥයින් පවසයි.

නමුත් ගුවන් යානයේ ඉංජින් පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් මෙයට හේතුව බවට ඉන්දීය මාධ්‍ය ඊයේ දින වාර්තා කර තිබුණි.

එහෙත් වසර 11ක් පැරණි මෙම ඩ්‍රීම්ලයිනර් යානයේ නියමුවන් ලෙස කටයුතු කර ඇත්තේ, පැය 8200ක පියාසර පලපුරුද්දක් සහිත කැප්ටන් සුමීට් සබර්වාල් සහ පැය 1,100ක පියාසර පළපුරුද්දක් සහිත සහායක නියමු ක්ලයිව් කුන්දාර් විසිනි.

තවත් ගුවන්යානා විශේෂඥයෙකු පෙන්වා දෙන්නේ, යානයේ අත්තටු සමබරව නොපැවතීම නිසා එය එසවීමට නොහැකිවීම අනතුරට හේතුවිය හැකි බවය.

SendShareShare
Previous Post

කැබිතිගොල්ලෑවේදීත් විපක්ෂය එකමුතු වෙයි! සභාපති සජබයෙන්! I Sri Lanka Latest News

Next Post

අනුර ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමුවෙයි! සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන කරන්න ආරාධනා කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.