• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමිතාබ් බච්චන්ලා – ෂාරුක් ඛාන්ලා – දීපිකා පදුකෝන්ලා – රන්බීර් සිංලා ලංකාවට අරන් එනවා! රාජසිංහ රජ්ජුරුවන්ගේ ඓතිහාසික කෑම වට්ටෝරුවත් හොයාගෙන! තරු හතක් උඩ උස්සලා ලංකාව ගොඩදාන්න හදන පුංචි මිනිහා! අනුරලා – විජිතලා මේ ඉල්ලමට පයින් ගහයිද? Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අමිතාබ් බච්චන්ලා – ෂාරුක් ඛාන්ලා – දීපිකා පදුකෝන්ලා – රන්බීර් සිංලා ලංකාවට අරන් එනවා! රාජසිංහ රජ්ජුරුවන්ගේ ඓතිහාසික කෑම වට්ටෝරුවත් හොයාගෙන! තරු හතක් උඩ උස්සලා ලංකාව ගොඩදාන්න හදන පුංචි මිනිහා! අනුරලා – විජිතලා මේ ඉල්ලමට පයින් ගහයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් කටවහරට කියන්නේ පොඩි මිනිසුන් කරන්නේ පොඩි වැඩ කියලා. ලොකු වැඩ කරන්නේ ලොකු මිනිසුන් කියලා. හැබැයි ඉඳලා හිටලා පොඩි මිනිස්සුත් ලෝකෙම කතාකරන ලොකු වැඩ කරන හැටි ලෝකෙ හැම රටකින්ම අහන්නට දකින්නට ලැබෙනවා. පහුගිය දවසක ලංකාවේ ඒ වගේ පොඩි මිනිහෙක් ලෝකෙම කතාකරන ලොකු වැඩක් කරන්න අත ගහලා තිබුණා. සාමාන්‍යයෙන් එහෙම ලෝකෙටම දැනෙන්න ලොකු වැඩ කරන්නේ කවුරුත් දන්න කියන ලොකු මිනිස්සු. හැබැයි අද අපි මේ කියන්න යන මිනිහා එහෙම ලොකු නමක් තියෙන ලොකු මිනිහෙක් නෙවෙයි. ලොකු හිතක් තියෙන තනි මිනිහෙක්. එයාගෙ නම තිසර හේවාවසම්. එයාගෙ ගම ගාල්ල. ගාල්ලෙන් ආපු මේ තනි මිනිහා පහුගිය කාලේ අතගහලා තිබුණේ කවුරුවත් හීනෙන්වත් හිතන්නේ නැති ලෝකෙම හොල්ලන ලොකු වැඩක් කරන්න. (Sri Lanka Latest News)

තිසර මේ ගැන කියන්න මීට ටික දවසකට කලින් ලංකාවේ සියලුම විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල මාධ්‍යවේදීන්ට එන්න කියලා තිබුණා. ඒ එන්න කියලා තිබ්බෙත් එසේ මෙසේ සාමාන්‍ය තැනකට නෙවෙයි. කොළඹ අලුතෙන්ම ඉදිවෙච්ච තරු පහේ සුපිරි සිනමන් ලයිෆ් හෝටලයට. ඒ හින්දම මේ ලොකු වැඩේ මොකක්ද කියලා බලන්න ප්‍රධාන ධාරාවේ ජාතික පුවත්පත්වල කර්තෘවරුනුත් විද්‍යුත් මාධ්‍යවල ඉහළ පෙළේ නිලධාරීනුත් මේ අවස්ථාවට එක්ව සිටියා. එතැනදී තමයි තිසර හැමෝටම කිව්වේ මම ලංකාවේ පළමු තරු හතේ හෝටලය හදනවා කියලා. ඒකේ විශේෂත්වය වුණේ ලෝකෙම මේ වෙද්දී තරු හතේ හෝටල් තියෙන්නේ හතක් විතරයි. තිසර ලංකාවේ මේ හදන්න යන්නේ ලෝකෙ අටවැනි තරු හතේ හෝටලය. ඒ කියන්නේ තිසර ලංකාවේ අටවැනි පුදුමය කරන්නයි ලෑස්ති වෙන්නේ.

මේ හෝටලය හදන්න තිසර තෝරගෙන තියෙන්නේ මාරම මාර තැනක්. ඒ තැන තමයි මහනුවර මාතලේ නකල්ස් කඳුවැටියට ආසන්නයේ පිහිටා තියෙන උඩිස්පත්තුවේ අක්කර 27ක භූමිභාගයක්. මෙතැන හඳුනාගෙන තියෙනවා ලෝකෙ පිරිසිදුම වතුර තියෙන තැනක් විදියට. ඒ වගේම ලෝකෙ පිරිසිදුම වාතාශ්‍රය තියෙන තැන්වලින් එකක් විදියට මේ තැන හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ හෝටලය හදන තැන ගත්තම එක දවසේ කාලගුණ තත්ත්වයන් හතරක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ කියන්නේ උදේ 6 ඉඳන් දවල් 2 වෙනකන් තියෙන්නේ එක කාලගුණ තත්ත්වයක්. දවල් 2 ඉඳන් හැන්දෑවේ 6 වෙනකන් තියෙන්නේ තව කාලගුණ තත්ත්වයක්. හැන්දෑවේ 6 ඉඳන් පාන්දර 2 වෙනකන් තියෙන්නේ තවත් කාලගුණ තත්ත්වක්. ආයේ පාන්දර 2 ඉඳන් උදේ 6 වෙනකන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාලගුණ තත්ත්වයක්. ඉතින් මෙන්න මේ කියන ලෝකෙ තියෙන පිරිසිදුම වතුර, ලෝකෙම තියෙන හොඳම වාතාශ්‍රය එකම දවසේ විවිධ කාලගුණික තත්ත්වයන් හතරක් දැකගන්නට ලැබීම කියන සංචාරකයන්ගේ ආකර්ෂණීය මාතෘකා තුන උඩ තමයි තිසර මේ තරු හතේ සංචාරක හෝටලය හදන්න උඩිස්පත්තුව තෝරාගෙන තියෙන්නේ.

තිසර මේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක මුදලක් අයෝජනය කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. දැනටමත් ඒකෙන් බිලියන 7ක් වියදම් කරලා හෝටල් ව්‍යාපෘතියෙන් 70%ක් අවසන් කරලයි තියෙන්නේ. ලබන අවුරුද්දේ මේ හෝටලය විවෘත කරන්න තිසර බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම තිසර මේ තරු හතේ හෝටලය විවෘත කරන්නේ පිටරටින් ඇවිල්ලා මෙහේ පොඩි හෝටලයක ඉඳලා, පාරේ කඩේකින් කොත්තුවක් කාලා, අයන් එකෙන් රොටියක් රත්කරගෙන කන සාමාන්‍ය සංචාරකයන්ට නෙවෙයි. තිසර බලාපොරොත්තු වෙන්නේ ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නළු නිළියෝ වෙච්ච ෂාරුක් ඛාන්ලා, අමිතාබ් බච්චන්ලා, දීපිකා පදුකෝන්ලා, රන්වීර් සිංලා, ෂාහීඩ් කපූර්ලා, සල්මන් ඛාන්ලා ලංකාවට අරගෙන එන එක. ඒ අයගේ සංචාරක ගමනාන්තයක් බවට ලංකාව පත්කරන එක. ඒ වගේම සෞදි රජ්ජුරුවෝ ලංකාවට ගෙන්නලා මේ හෝටලය විවෘත කරන්නත්, ඒ හරහා මැදපෙරදිග කෝටිපති සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගන්නත් තිසර දැනටමත් සැලසුම් සකස් කරලා ඉවරයි. ඒ හරහා සාමාන්‍යයෙන් වෙනදා ඩොලර් 50, 60, 100 කාමරයකට ගෙවන්න පුළුවන් සංචාරකයෝ වෙනුවට එක රැයකට ඩොලර් 1000 ඉඳන් ඩොලර් 15,000 දක්වා අත දිගහැරලා වියදම් කරන්න පුළුවන් ඉන්දීය, මාලදිවයින්, ජපන්, සෞදි කෝටිපතියන් ලංකාවට ගේන්න තමයි තිසර ලෑස්ති වෙන්නේ.

ඒ වගේම තිසර මේ හෝටලය හදද්දී ඔළුවේ තිබ්බේ ඕනෙම සංචාරකයෙක්ට තමන් කැමැති විදියට, තමන් ආසා විදියට, තමන්ට හිතෙන විදියට සියලු දේවල් පාවිච්චි කරන්න පුළුවන් විදියේ හෝටලයක් නිර්මාණය කරන එක. ඉතින් ඒ අත්දැකීම සංචාරකයන්ට දෙන්න ඕනේ හින්දා ඉස්සෙල්ලාම මෙතැනට එන සංචාරකයෙක්ට ප්‍රශ්න 40ක ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න 40 ඇතුළේ ඒ සංචාරකයා කන්න කැමැති මොනවද, ආසම පාට මොකක්ද, ආසම සුවඳ මොකක්ද, ඉන්න ආසා කොහොමද, සංචාරකයාට තිබෙන ලෙඩ රෝග මොනවද, තමන්ට සේවය ලබාදෙන කාර්ය මණ්ඩලය කොහොම වෙන්න ඕනෙද වගේ හැම පැත්තක්ම ආවරණය කරලයි තියෙන්නේ.
එතැනදී අපි මෙතෙක් කල් ලංකාවේ සංචාරක කර්මාන්තයේ මාර්කට් නොකරපු තවත් අලුත් සංකල්පයක් තිසර හඳුන්වා දෙනවා. ඒ තමයි රෝග සුවකරන පෝෂ්‍යදායී ආහාර සංකල්පය. සාමාන්‍යයෙන් ලෝකයේ ආහාර, නැත්නම් ෆුඩ් කියන්නේ විශාල මාර්කට් එකක් තියෙන දෙයක්. හැබැයි අපේ රටේ සංචාරක කර්මාන්තය තාම මේ මාර්කට් එක හරියට අල්ලගෙන නෑ. හැබැයි තිසර නියම තැනින් පටන් අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන්ම තිසර හුඟක් උත්සාහ කරලා සිංහලේ අවසන් රජ්ජුරුවෝ වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කෑම වට්ටෝරුව හොයාගෙන තියෙනවා. ඒ කෑම වට්ටෝරුවට ආහාර වර්ග 274ක් ඇතුළත්. එදා රජ ගෙදර හිටපු ආහාර සකසන්නා මුලින්ම බලන්නේ රජ්ජුරුවෝ උදේ නැගිට්ටාම ඉන්න තත්ත්වය. නැත්නම් මූඩ් එක. රජ්ජුරුවන්ගේ මූඩ් එක අනුව තමයි ආහාර සකසන්නා ඒ දවසේ කෑම වේල සකස් කරන්නේ. රජ්ජුරුවන්ට සෙම ගතිය තියෙනවා නම් සෙම නසන ආහාර වට්ටෝරුවක් තමයි එදා දවසේ රජ්ජුරුවන්ට දෙන්නේ. අන්න ඒකම තමයි මෙතැනත් මේ සංචාරකයන්ට අලුත් අත්දැකීමක් විදියට තිසර දෙන්න යන්නේ.

ඒ වගේම මේ හෝටලයට එන සංචාරකයන්ට මදි නොකියන්න අඩුපාඩුවක් නොකියන්න හැම පැත්තක්ම ආවරණය කරන්න තිසර සැලසුම් කරලයි තියෙන්නේ. කටුනායකින් බහින සංචාරකයන්ට එතැන ඉඳන් හෙලිකොප්ටරයෙන් හෝටලයට එන්න අවස්ථාව තියෙනවා. එහෙම අකැමැති නම් ලිමොසින් එකකින් හරි, සුපිරි හමර් ජීප් එකකින් හරි මෙතැනට එන්න පහසුකම් තිසර සකස් කරලා තියෙනවා. හැබැයි ඒවා සැලසුම් කරද්දී විශාල ප්‍රශ්න ගණනාවකට තිසරට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා. එකක් මෙහෙ ලිමොසින් හමර් නෑ. ඒ නිසා වෙනමම ඩුබායිවලට ගිහින් හෝටලයට ඕනෙ කරන ලිමොසින්, හමර් වාහන ගෙන්වන්න කටයුතු කරලා තිබුණා. ඒ අතින් බලද්දී තිසර කියන්නේ සුළුපටු මනුස්සයෙක් නෙවෙයි. සංචාරකයගේ පැත්තෙන් හැම දේම හිතලා ඒ සැලසුම් ක්‍රියාත්මක කරන මිනිහෙක්.

ඒ වගේම තිසර මේ සංකල්පයම මීට ඉස්සෙල්ලත් ලංකාවේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒක හරිගියේ නෑ. එක පාරක් තිසර කල්පිටියේ දූපතක් අරගෙන ඒක තනිකරම සංචාරක සුරපුරයක් විදියට හදන්න සැලසුම් සකස් කළා. ආයෝජකයෝ ගණනාවක් හෙලිකොප්ටර්වලින් අරන් ගිහිල්ලා කල්පිටියේ දූපත් පෙන්නුවා. අවුරුදු ගානක් බලධාරීන් පස්සේ ඒ වැඩේට රස්තියාදු වුණා. හැබැයි ආයෝජකයෝ හිටියත් තිසරට ඒ වැඩේ එදා කරගන්න බලධාරීන්ගෙන් අවසර ලැබුණේ නෑ. ඒකෙන් වුණේ කල්පිටිය අදටත් සර්ෆින් කරන්න එන සංචාරකයන්ට විතරක් සීමා වීම. එදා තිසරගෙ කකුලෙන් අදින්නේ නැතුව ඒ දූපතක් දුන්නා නම් අද කල්පිටිය කියන්නේ පැය 24ම සංචාරකයන් ඉන්න නොනිදන නගරයක්. හැබැයි ලංකාවේ අවාසනාවකට ඒ දේ කරන්න තිසරට අවස්ථාව ලැබුණේ නෑ.

හැබැයි තිසර තමන්ගේ උත්සාහය අත්හැරියේ නෑ. කොහොම හරි මහනුවර උඩිස්පත්තුවේ ලස්සන තැනක් හොයාගෙන බිලියන 10ක් දෙන්න පුළුවන් ආයෝජකයෝ හොයාගෙන ලංකාවේ පළමු තරු හතේ හෝටලය හදන්න අත ගැහුවා. දැනටමත් ඒ ව්‍යාපෘතියෙන් 70%ක් වැඩ අවසන්. ඉතිරි 30% හදන වැඩේට ව්‍යවසායකයෝ සම්බන්ධ කරගන්නත් තිසර සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේක 100%ක්ම සම්පූර්ණ කරලා විවෘත කළාට පස්සේ සංචාරක ක්ෂේත්‍රයේ ලොකු පිම්මක් පනින්න පුළුවන් වෙයි. ඊට පස්සේ තමන්ගේ නිවාඩුව ගතකරන්න මාලදිවයිනට, සිංගප්පූරුවට යන බොලිවුඩ් සුපිරි තරු ලංකාවට එනවා අපිට දකින්න පුළුවන් වේවි. ලෝකෙම දන්නා හඳුනන ප්‍රකෝටිපතියෝ ලංකාවට ඇවිත් නිවාඩුව ගතකරනවා කියලා පත්තරවල පුවත් පළවේවි. වෙන රටවල රජවරු පවුල් පිටින් ලංකාවට ඇවිල්ලා ඉන්නවා කියලා ඡායාරූප පළවේවි. ඒක තමයි ලංකාවට පනින්න පුළුවන් හොඳම ආර්ථික පිම්ම.

ජනාධිපතිතුමයි, ආණ්ඩුවේ මැති ඇමැතිවරුයි දැනටමත් අවස්ථා ගණනාවකදීම කියලා තියෙනවා ලබන අවුරුද්ද කියලා කියන්නේ වැඩිම සංචාරකයෝ පිරිසක් ලංකාවට ගෙන්වන අවුරුද්ද කියලා. ජනාධිපතිතුමාගේ ඒ සංකල්පයට තිතට ගැළපෙන වැඩක් තමයි තිසර පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීලා මේ වැඩේ ගොඩ දාලා ඒ හරහා ලංකාව ගොඩදාන එක තමයි ජනාධිපතිතුමත්, සංචාරක ඇමැතිතුමත් කරන්න ඕනේ. එහෙම කළොත් විතරයි මේ රටට ගොඩ යෑමක් තියෙන්නේ. එහෙම නැතුව ලෝකෙ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වෙච්ච ‘ඇබා’ලගේ සින්දු අහන්න ගිහිල්ලා විතරක්, වේදිකාවල කතා කරලා විතරක් සංචාරක කර්මාන්තය අතින් මේ රට ගොඩ දාන්න බෑ.

ඒ වගේම එදා සිනමන් ලයිෆ් එකේ තිබ්බ මාධ්‍ය හමුව අවසන් කරද්දී තිසර හරි ලස්සන කතාවක් කිව්වා. ඒ තමයි එපාර්ට්මන්ට් එකක් ගහන්න හිතේ තියෙනවා නම් ඒ එපාර්ට්මන්ට් එකට වියදම් කරන සල්ලි හෝටලයක් හදන්න වියදම් කරන්න කියන එක. ඉතින් එපාර්ට්මන්ට් එකකින් හොයනවට වඩා හෝටලයකින් වැඩි ගුණයකින් සල්ලි හොයන්න පුළුවන් කියලයි තිසර කිව්වේ. ඉතින් ඔබත් හිතාගෙන ඉන්නවා නම් එපාර්ට්මන්ට් එකක් හදන්න, දැන්වත් ඒක වෙනස් කරලා තිසර කියන විදියට හෝටලයක් හදන්න. ඒකෙන් ඔයාට වගේම රටටත් ගොඩ යන්න පුළුවන්.

ඉතින් අන්තිමට තිසර කිව්වේ ලංකාවේ පළමු වරට ලැබෙන තරු හතේ මේ අත්දැකීම විඳගන්න ලබන අවුරුද්දේ තමන්ගේ හෝටලයට එන්න කියලයි. ඒකෙ නම ‘අවියානා ප්‍රයිවට් ෂැලේ’.

මේ තරු හතේ හෝටලය ගැන මොනවා හරි දෙයක් තියෙනවා නම් 0777 203 437 කියන තිසරගේ මොබයිල් එකටම ඕගොල්ලන්ට කෝල් එකක් දෙන්නත් පුළුවන්.

කපිල

SendShareShare
Previous Post

නලින්දගෙ කතාව නම් නියමයි! කියන විදියටම වැඩේ වුණොත් ඒත් නියමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හෙම්බත් වෙලා ඉන්න ජනතාව සුවපත් කරන්න පුළුවන් ලස්සන තරුවක් පායන්නයි යන්නේ! ඒ තරුව පායන්න ඉඩ දෙන්න…! අමල් – නිරෝෂා – රුවන් – සාරංග පිස්සු නම් කෙළින්න එපා…! Sri Lanka Latest News

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.