ජපානයේ පැවැති ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන්ගේ ඇදුමෙහි ජාතික කොඩිය නොමැති වීම අත්වැරදීමකින් සිදුවූවක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ඒ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව වගකීම බාරගත යුතු බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.










