අවිධිමත් ලෙස මොඩර්නා එන්නත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ අගුළුගල්ලෙ පූජ්‍ය අගුළුගල්ලෙ සිරි ජිනානන්ද හිමියන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (05) පැමිණිලක් භාර දෙන ලදි.
කොරෝනා මර්ධනය සදහා මෙරටට ගෙන එනු ලැබූ මොඩෝනා එන්නතෙහි ඇති අතුරු ආබාධ හා ගැටළු සම්බන්ධයෙන් කරුණු නොතකා සෞඛ්‍යය අධ්යක්ෂ ජෙනරාල් වරයා ඇතුලු නිළධාරින් විසින් එය නිසි නියාමනයකින් තොරව මෙරටට ගෙන්වා ඇති බව ජිනානන්ද හිමියන් පවසයි.
එහි දී ජිනානන්ද හිමියන් පවසා සිටියේ අදාල එන්නත සම්බන්ධයෙන් දෙස් විදෙස් වෛද්‍ය විද්වතුන් විශාල පිරිසක් එහි අඩංගු අහිතකර සංඝටක හා ගැටළුකාරී තත්ත්වය පෙන්වාදී තිබිය දී සෞඛ්‍යය අධ්යක්ෂ ජෙනරාල් වරයා ඇතුලු නිළධාරින් විසින් නිසි නියාමනයකින් තොරව මෙරටට ගෙන ඒම මහජනතාවට හානිදායක බවයි.
එමෙන් ම ඉදිරියේ දී මහජනතාවට හා සෞඛ්‍යට හානි වන එන්නත් ගෙන ඒමෙන් වැළකීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජිනානන්ද හිමියන් විසින් අදාල පෙත්සම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීම සිදු විය.










