අද පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථාදායක සභාව නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීම සදහා ජනාධිපතිවරයා එවූ යෝජනාව දෙවන වතාවටත් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
අද පස්වරු 4ට ව්‍යවස්ථාදායක සභාව කැදවීමට කතානායකවරයා පියවර ගෙන තිබුණද ජනාධිපතිවරයා හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැදවීම හේතුවෙන් ව්‍යවස්ථාදායක සභා රැස්වීම පස්වරු 6 දක්වා කල් තැබීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව පස්වරු 6 සිට පැය 2කට ආසන්න කාලයක් පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී පෙර ප්‍රතිපලයම තහවුරු කරමින් නීතිපතිවරයාට මාස 6ක සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇත.
කෙසේවෙතත් අද නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලයේ අවසන් දිනය වීම හේතුවෙන් පස්වරු 2ට නීතිපති දෙපාර්තමේන්තුවේ සමුදීමේ උත්සවයක් පවා පැවත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.