මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අනීතිකව අත් අඩංගුවට ගැනීමටත්, පොලිස් ජීප් රථය තුළ දී ඔහුට පහර දීමටත් සම්බන්ධ වූ සියලු පාර්ශ්ව විමර්ශන සදහා කැදවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි.Sri Lanka Latest News
මාධ්‍යවේදියා අත්අඩංගුවට ගත් අවස්ථාවේ, තමන් කඩිනමින් ඊට මැදිහත් වූ බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ මාධ්‍යවේදියා, බොරැල්ල පොලිස් ස්ථානයට රැගෙන ආ වහාම, සිය නියෝජිතයන් ඔහුගේ සුවදුක් බැලීම සදහා බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණි බවත්, ජීප් රථය තුළ දී පොලිස් පහරකෑමට ලක්ව සිටි මාධ්‍යවේදියා වහාම අධිකරණ වෛද්‍ය නිළධාරියෙකු වෙත යොමු කරන ලෙස බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට තම නියෝජිතයන් නිර්දේශ කළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
මාධ්‍යවේදියා අනීතිකව අත් අඩංගුවට ගැනීමට සම්බන්ධ වූ සියළු පාර්ශ්ව කැදවා විමර්ශන අරඹන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.










