• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මර්සිඩීස් බෙන්ස් එකෙන් උජාරුවට වඩිනා, පොඩි සාදුට නිවන් පුරට සැපට යන්න තිබුණා…’

December 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
‘මර්සිඩීස් බෙන්ස් එකෙන් උජාරුවට වඩිනා, පොඩි සාදුට නිවන් පුරට සැපට යන්න තිබුණා…’
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන්නේ ලංකාවේ දාන සීල භාවනා කරන අයට වැඩි උනන්දුවක් ඇතිකරන්න. පුළුවන් නම් හැකි ඉක්මනින් මේ දානමාන දෙන එක අතරතුරේ තමන්ටත් පුළුවන් නම් ළඟම පන්සලේ හාමුදුරුවන්ට මර්සිඩීස් බෙන්ස් එස්.එල්.සී. කාණ්ඩයේ අලුත් වාහනයක් පූජා කරන්න. අපි අහලා තියෙන්නේ භික්ෂුන්වහන්සේලා අල්පේච්ඡ ජීවිත ගතකරන බව. ඒ කියන්නේ උන්වහන්සේලා තමන්ගේ අවශ්‍යතා, තමන්ගේ ගාව තියෙන සම්පත් සීමාසහිතව පාලනය කරන පිරිසක් බවයි අපි අහලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් යටතේ ඒ හාමුදුරුවරු ගාව තියෙන අතිසුඛෝපභෝගී වාහන ගැන කතා කරන්න වීම හොඳයිද නරකයිද කියන්න අපි දන්නේ නෑ. අපි මහා බෞද්ධයෝ නොවන නිසාත්, අපිට බුද්ධාගමේ සමහර දේවල් නොතේරෙන නිසාත් සමහර විට මේ සුඛෝපභෝගී රථ පාවිච්චිය හාමුදුරුවරුන්ට ඉතාම හොඳ, ඉතාම යහපත් දෙයක් වෙන්න ඇති. ඒවා අපිට තේරෙන්නේ නෑ. අපි දැක්කා ‘වනවාසී’ කියලා නමේ මුලට තියෙන සමහර හාමුදුරුවරු තමන්ගේ අතිසුඛෝපභෝගී වාහන ගැන එහෙම දාලා තියෙනවා ෆේස්බුක් එකේ. ඒ අතරතුරේ පහුගිය දවස්වල අපේ ප්‍රසිද්ධ හාමුදුරුවරු කිහිප දෙනෙකුට වටිනා මෝටර් රථ ලැබිලා තිබුණා. ඒ රථ ගැන සමහර අය කතා කරලත් තිබුණා. ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවන්ට වී 8 වර්ගයේ රථයක් පූජා කරලා තිබුණා. කොටුවේ පොඩි හාමුදුරුවන්ට මර්සිඩීස් බෙන්ස් එස්.එල්.සී. කාණ්ඩයේ රථයක් පූජා කරලා තිබුණා. ඉතින් මේ වගේ දේවල් පූජා කළාම ඒ හාමුදුරුවන්ට දනට වඩින්න, බණට වඩින්න විතරක් නෙවෙයි අවශ්‍ය නම් නිවන් මඟට වඩින්නත් සුඛෝපභෝගී විදියට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම සසරෙන් එතෙරට වඩින ගමනටත් වේගෙන් යන්න පුළුවන්. සසරෙන් එතෙරට වඩින මඟදී වාහනේක පුංචි කරදරයක් අනතුරක් වුණත් ප්‍රශ්නයක් නෑ, මේවා හරිම ආරක්ෂිත සැපපහසු වාහන නිසා. ඇත්ත කතාව ඒකනේ.

බුදුහාමුදුරුවෝ ගම් නියම්ගම් සැරිසරලා පාගමනින් වැඩම කරලා මිනිස්සුන්ට ධර්මය දේශනා කළාට අද අපේ හාමුදුරුවරු එහෙම වඩින්න අවශ්‍ය නෑ. පුදුමේ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ පළමු ධර්ම දූත හැට නමට සුද්ධෝදන රජ්ජුරුවෝ ගානේවත් අඩුම ගානේ අශ්ව කරත්ත හැටක් දුන්නේ නැත්තේ ඇයි කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා. දෙව්රම් වෙහෙර, පූර්වාරාමය වගේ මහා ආරාම පූජා කරපු අනේපිඬු සිටුතුමා ඇතුළු මහා ධනකුවේරයෝ දඹදිව පුරවරයේ හිටියා. ඔවුන් බුදුරජාණන්වහන්සේටවත් නිල රථයක් පූජා කරලා තිබුණේ නෑ. උන්වහන්සේ භාවිත කරපු නිල රථයක් ගැන අපට අහන්න ලැබිලා නෑ. පාරිලෙයිය වනයට වැඩම කරන්න පවා බුදුහාමුදුරුවෝ ඕෆ් රෝඩ් වාහනයක් පාවිච්චි කළා කියලා අපි අහලා නෑ. ඉතින් උන්වහන්සේට පුද පූජා කරපු අලි ඇත්තු ගැන අහලා තිබුණට මෙහෙම වාහනයක් ගැන නම් අපි අහලා නෑ. අවසාන ගමනේදී බුදුරජාණන්වහන්සේට යම් වෙහෙසක් දැනුණා කියලත් කියනවා. ඒ අවස්ථාවේ උන්වහන්සේ මඟ නතර වුණා කියලත් කියනවා. ඒ වගේ වෙලාවට මර්සිඩීස් බෙන්ස් වර්ගයේ එස්.එල්.සී. කාණ්ඩයේ තරම්ම සුඛෝපභෝගී වාහනයක් ඒ කාලෙත් තිබුණා නම් ගොඩක් හොඳයි.

2018 වසරේ නිෂ්පාදනය කරපු මර්සිඩීස් බෙන්ස් වර්ගයේ රථයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ අලෙවි කරන්නේ සාමාන්‍යයෙන් රුපියල් දෙකෝටි තිස්අට ලක්ෂ පනස් දහසක වගේ මිලකට. මේ වගේ වාහන ගැන අපි නිකන් හොයන්න තීරණය කළා. මොකද අපට මේවා ගැන අවබෝධයක් නැති නිසා ලියුම්කරු වන මම නම් මේ වගේ වාහන ගැන එහෙම ලොකු අවබෝධයක් සහිත කෙනෙක් නොවන නිසා. මොකද හේතුව මේවා අපි වගේ සාමාන්‍ය අහිංසක දුප්පත් මිනිස්සුන්ට දකින්න විතරක් ලැබෙන වාහන. අඩුම තරමේ ගොඩවෙන්නවත් ලැබෙන්නේ නෑ. මර්සිඩීස් බෙන්ස් එස්.එල්.සී. වර්ගයේ තවත් වාහනයක් අපට ලැබුණා විකුණන්න තියෙන එකක්. ඒකෙ මිල රුපියල් කෝටි 3ක්. ඒ වගේම සාමාන්‍යයෙන් කෝටි 3, 4 ඉක්මවූ වාහනයක් විදියට තමයි මර්සිඩීස් බෙන්ස් එස්.එල්.සී. කාණ්ඩයේ වාහන නම්කරන්න පුළුවන් වෙන්නේ. ඒ වාහනය ඉතා සුඛෝපභෝගී සහ සැපපහසු වාහනයක්. මේක වේග පද්ධති නවයක් යටතේ ධාවනය කරන්න පුළුවන් එකක්. රියර් වීල් ඩ්‍රයිව් වර්ගයෙන් තමයි මේක ධාවනය කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් සීට් දෙක තමයි මේ වාහනවල එන්නේ. ඒ කියන්නේ දෙන්නකුට විතරක් ගමන් කරන්න පුළුවන් විදියට. ගැලුම් 15.9ක විතර විශාල ඉන්ධන ධාරිතාවක් සහිතයි මේ වාහනයේ. ඉතා විශාල සහ හොඳ එන්ජිමක් සහිතයි මේ මෝටර් රථය. හෝස් පවර් 241ක් වර්ගයේ රථයක් විදියට තමයි මේ රථය හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් මේ රථයට තිබෙනවා.

මේ වාහනය ඇත්තටම ආරක්ෂාව අතින් ඉතා ඉහළින් තියෙනවා. බ්ලයින්ඩ් ස්පොට් වෝර්නින් කියන තාක්ෂණය මේ වාහනය සතුයි. ෆ්‍රන්ට් හෙඩ් එකට එයාර් බෑග් සහිත මෙහි එයාර් බෑග් විශාල සංඛ්‍යාවකුත් අන්තර්ගතයි. වාහනයේ දෙපැත්තටත් එයාර් බෑග් සහිතයි. ඒ නිසා අනතුරකදී ඉතා අඩු හානියක් තමයි මේ වාහනය ඇතුළේ යන කෙනාට සිද්ධ වෙන්නේ. ඒ වගේම ඉමර්ජන්සි බ්‍රේක් පද්ධතියකුත් මේ වාහනය සතුයි. ඒ වගේම බොහෝ ආර්ක්ෂිත උපක්‍රම සහිතවයි මේ වාහනය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම සැපපහසුව අතින් ගත්තත් ඉලෙක්ටි්‍රක් පවර් ස්ටියරින්, කැමරා පද්ධතිය, සීට් එකෙන් සීට් එකට සවිකර ඇති රූපවාහිනී ඇතුළු බොහෝ පහසුකම්ද මෙහි තිබෙනවා. මේ සියල්ලත් එක්ක ගත්තට පස්සේ මේ වාහනය බොහොම සැපපහසුවට යන්න පුළුවන්, බොහොම ආතල් එකේ ඉන්න පුළුවන් වාහනයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ආරක්ෂාව අතින් ඉතා ඉහළ අගයක් ගන්න වාහනයක්. එන්ජින් ධාරිතාව, ඉන්ධන ධාරිතාව අතින් ඉතා ඉහළයි. වේග පද්ධති නවයක් යටතේ ධාවනය කරන්න පුළුවන්. අනතුරකදී ඉතා අඩු හානියක් තමයි ඇතුළේ ගමන් කරන අයට සිද්ධ වෙන්නේ. මේ විදියේ වාහනයක් මිලට ගත්තාම ඒ වාහනය පූජා කළාම අපේ හාමුදුරුවරුන්ට සසරෙන් එතෙරට වඩින මගට මේවා උදව් වෙයි කියලා විශ්වාස කරනවා ඇති කියලයි අපි හිතන්නේ. ඒක නිසා අනේ සාධු කියලා අපිත් මේ පින්කමට හවුල් වෙනවා. අපිත් පුළුවන් විදියට මේ පින්කමට අත ගහනවා. ඒ අස්සේ කවුරුහරි කියනවා නම් අපේ රටේ මිනිස්සුන්ට කන්න නෑ, බොන්න නෑ, ජීවත් වෙන්න විදියක් නෑ කියලා, ඒකත් ඉතින් ඇත්ත. ඒක අපට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. කෝටි තුනක් වියදම් කරලා පන්සලේ හාමුදුරුවන්ට වාහනයක් පූජා කළාට පස්සේ, ඒ කෝටි තුනෙන් ගමක් හදන්න තිබුණා, ඒ කෝටි තුනෙන් ගමකට කන්න බොන්න තිබුණා, අද එක්සයිස් පොතක්, සී.ආර්. පොතක් රුපියල් 1,500 ඉක්මවන බව ළමයි කියනවා. ඒ නිසා ඒගොල්ලෝ ඉගෙනගන්න එක නතර කරනවා. කන්න බොන්න නැතුව ගියාම දරුවෝ දාලා දෙමවුපියෝ පැනලා යනවා. දරුවෝ කුසගින්නේ ඉන්න හැටි බලාගෙන ඉන්න බැරුව ගියාම. සමහර විට කන්න නැතුව ගියාම පවුල් පිටින් ගෙල වැලලාගන්නවා අපේ රටේ. එහෙව් රටක මෙහෙම පූජා අහන්න දකින්න ලැබීමත් ‘අනේ වාසනාවන්’ කියලා තමයි අවසානෙදී කියන්න තියෙන්නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මේ පැතිවල නාය යනවා! ගමන්බිමන් යනවා නම් බලාගෙන!

Next Post

ෂාෆ්ටර් ඝාතනයේ රහස් හෙළිවෙයි! ඝාතකයා විමර්ශන අංශත් නොමඟ යවලා! ළඟම හිටපු කෙනෙක් ගැන සැක මතුවෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.