දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් හතරකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව කෑගල්ල කුරුණෑගල මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කයට මෙලෙස නායයාම් විශාල ගල් පෙරළීම් පස් කඳු කඩා වැටීම් පිළිබඳ අනතුරු අඟවා ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල, උකුවෙල, ලග්ගල පල්ලේගම, රත්තොට සහ නාඋල යන ප්‍රදේශවල ජනතාවට නායයාම් පිළිබඳ විමසිලිමත් වන ලෙස දන්වා ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, එම ප්‍රදේශවල පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයෑමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.








