ඉන්දීය මාධ්‍යවේදියා
‘2022දී ශ්‍රී ලංකාව මහා අර්බුදයකට මැදිව කඩාවැටෙන විටදී සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ නායකයන් සටනින් පැනගිය බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරන චෝදනාවට ඔබේ ප්‍රතිචාරය කුමක්ද?’ (Sri Lanka Latest News)
සජිත් ප්‍රේමදාස
‘ඔව්, අපි හොරුන්ගෙන් පැනලා ගියා. ඒක ඇත්ත. තිබුණු දූෂිත දේශපාලන ක්‍රමය තුළ සිටිය දූෂිත වූ දේශපාලන නායකයන්ගෙන් අපි පලාගියා. වික්‍රමසිංහ සහ රාජපක්ෂලා ඉතා පහසු දේශපාලන අඳබාලයන් වීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. රාජපක්ෂ පාලනය මුළුමහත් රටම බංකොලොත්භාවයට ඇදදැමුවා. දූෂණයෙන් කුහකත්වයෙන් සහ මහාපරිමාණයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ සම්පත් කොල්ලකෑ පිරිසම තමයි දැනුත් ජනාධිපතිවරයා සමග සිටින්නේ. මේ නිසා තමයි ජනතාවගේ වත්කම් සොරකම් කරපු අය තවමත් නීතියේ රැහැනට ගේන්නේ නැත්තේ…’
ඉන්දීය මාධ්‍යවේදියා
‘මෙවර 2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවට කොතරම් තීරණාත්මකද?’
සජිත් ප්‍රේමදාස
‘වර්තමානයේදී ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ජනවරමක් නැති පාලනයක්. ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයේ තත්ත්වයට ඇදවැටුණේ තාර්කික නොවන සහ වැරැදි වැටහීම් සහිත ආර්ථික ප්‍රතිපත්ති යෝජනා කළ පාර්ලිමේන්තුවේ සිටින බහුතරය විසින්මයි. ජීවිත ගණනාවක් විනාශ කළ මේ බිහිසුණු තත්ත්වයට ශ්‍රී ලංකාව පත්කළේද එම පිරිසමයි. ආදේශකයක් ඇතිකර ගැනීම සඳහා ඔවුන්ම සභාගයක් බවට පත්වුණා. අද අපට සිටින්නේ වරම අහිමි වූ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පත්කර ගන්නා ලද ආදේශක ජනාධිපතිවරයෙක්. ඒ නිසා මේ වෙලාවේ ජනතාවගේ හඬට ඇහුම්කන් දීම ඉතා වැදගත්. ජනතාවට තම නව නායකයා තෝරාගැනීමට අවස්ථාවක් තිබීම මිස තෝරාගත් නායකයකුගේ පැරැණි මුහුණුවර හරහා නොයෑමයි අපට අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ තේරීපත්වූ නායකයෙක්, ජනතාවගේ නායකයෙක්. පළමු වැදගත් කරුණ වන්නේ ජන වරමේ අවශ්‍යතාවයි. ඒ අනුව මෙවර ජනතාව තමන්ගේ සුදුසු නායකයා තෝරා පත්කර ගනීවි…’
කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? ශ්‍රී ලංකාව තුළ දසතින්ම මහා ඡන්ද උණුසුමක් තිබෙන මොහොතකදී මෙම සිදුකෙරෙන සංවාදය කුමක්ද? මෙම කතාන්දරය අපට ඇසුණේ මෙයට දින කිහිපයකට උඩදීය. ඉන්දියාවේ ප්‍රධානතම මාධ්‍ය සංවිධානයක් වන සහ එමෙන්ම ලොව පුරාද ප්‍රචතිල මාධ්‍ය ආයතනයක් වන ‘ඉන්ඩියා ටුඩේ’ (India Today) විසින් සිදුකරන ලද සුවිශේෂ සාකච්ඡාවකදී මෙම වතගොත ඇසෙන්නට විය. දැනට වසර 35ක ඉතිහාසයක් ඇති ‘ඉන්ඩියා ටුඩේ’ මාධ්‍ය ආයතනයෙහි ප්‍රධානම ප්‍රකාශනය වන්නේ ‘ඉන්ඩියා ටුඩේ’ නමැති සතිපතා පළකෙරෙන ඉංග්‍රීසි සඟරාවයි. මෙම සඟරාව කොතරම් ජනප්‍රියද යත්, දැනට එහි පිටපත් ලක්ෂ 16ක් (16,00,000)ක් අලෙවි වෙයි. එමෙන්ම මෙම ප්‍රකට සඟරාව හින්දි, දෙමළ, මලයාලම් සහ තෙලිඟු යන භාෂාවලින්ද ප්‍රකාශයට පත්වෙයි. ඉන්දියාවේ අංක එකට තිබෙන ජනප්‍රියතම සඟරාව වන ‘ඉන්ඩියා ටුඩේ’ සතුව ලක්ෂ 80කට වැඩි පාඨක පිරිසක්ද සිටියි. සඟරා ප්‍රකාශනයට අමතරව මෙම මාධ්‍ය ආයතනය සතු අනෙක් ප්‍රධානම ක්‍රියාවලිය වන්නේ ‘ඉන්ඩියා ටුඩේ’ රූපවාහිනී විකාශනයි. මෙම රූපවාහිනී නාලිකාව පැය 24 පුරාම ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යන අතර, ඉන්දියාව සහ ලෝකය පුරාද විකාශය සිදුකරයි. මෙම ප්‍රධානතම මාධ්‍ය ක්‍රියාවලියට අමතරව ‘ඉන්ඩියා ටුඩේ’ ආයතනය සතුව පුවත් වෙබ් අඩවියක්, යූටියුබ් නාලිකාවක් සහ තවත් සමාජ මාධ්‍ය පිටු කිහිපයක්ද තිබේ. මේ ආකාරයට මෙම මාධ්‍ය සංවිධානය අතිශයින්ම පුළුල් මාධ්‍ය මෙහෙවරක් ඉටුකරමින් සිටී.
දැන් එසේනම් ඔබ මෙම විශාල මාධ්‍ය ආයතනය කුමක්දැයි හඳුනන්නේය. ‘ඉන්ඩියා ටුඩේ’ වෙනුවෙන් ඉහත සිදුකරන ලද සුවිශේෂ මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ එම ආයතනයෙහි සමූහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධුරය දරන රාජ් චෙන්ගප්පා (Raj Chengappa – Group Editorial Director) විසිනි. ඔහු වසර 40කට වඩා අත්දැකීම් ඇති ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහු ලෝකයේ රාජ්‍ය නායකයන් විශාල ප්‍රමාණයක් සමග ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡා රැසක් පවත්වා ඇත. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්, ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි එවැනි ආන්දෝලනාත්මක ජන නායකයන්ගෙන් කිහිප දෙනෙකි. මෙම ප්‍රවීණ සම්මානනීය ඉන්දියානු මාධ්‍යවේදී රාජ් චෙන්ගප්පා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ මෙරට විපක්ෂ නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග සුවිශේෂ මාධ්‍ය සංවාදයක් සිදුකිරීම සඳහාය. ඔහුගේ එම සාකච්ඡාව මුලින්ම නිෂ්පාදනය කෙරුණේ ‘ඉන්ඩියා ටුඩේ’ රූපවාහිනී නාලිකාව වෙතය. ඉන් පසුව එය එම ආයතනයේ සඟරාවේ සහ අනෙක් ගුවන්විදුලි හා වෙබ් අඩවි වෙතද ලබාදුන්නේය. මෙම නවතම ආන්දෝලනාත්මක සාකච්ඡාව මගින් තවදුරටත් කියන්නේ කුමක්දැයි සොයා බලමු.
ඉන්දීය මාධ්‍යවේදියා
‘මෙවැනි තත්ත්වයක් යටතේ ඔබ කියා සිටින්නේ 2024 ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක එකක් බවයි. එය ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ ඉදිරි අනාගතය තීරණය කරන එකක් බවත් ඔබ අවධාරණය කරනවා නේද?’
සජිත් ප්‍රේමදාස
‘ඔව්, පැහැදිලිවම මම ඒ බව කියා සිටිනවා. මේ රටේ මිලියන 22ක ජනතාවගේ ජීවිතවලට අහිතකර ලෙස බලපා ඇති මූල්‍යමය බංකොලොත්භාවය තුරන් කිරීමට කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාව මෙම අවුලෙන් ගොඩගැනීමට නම් අපට තාර්කිකත්වය මත පදනම් වූ සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ නිසි අවබෝධයක් මත පදනම් වූ, ජනතාව විසින් මෙහෙයවන එමෙන්ම ජනතා සහාය ඇති නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍යයි. ශ්‍රී ලංකාව – අන්ත දක්ෂිණාංශික, නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති හරහා බොහෝ දුරක් පසුකර ගොස් ඇති අතර, එය මූලික වශයෙන් පොහොසතුන් තවත් ධනවතුන් බවටත්, දුප්පතුන් තවත් අන්ත දුප්පතුන් බවටත් පත්කර තිබෙනවා. අපි ඒ ක්‍රමයට දායක වන්නේ නැහැ. අනෙක එහි ප්‍රතිඵලය වුණේ ගජමිතුරු ධනවාදයයි. තවත් අතකින් අන්ත වාමාංශික සමාජවාදී ක්‍රමයද මේ රටේ සහ ජනතාවගේ යහපත සඳහා ප්‍රතිඵල ලබා නොදෙන බවත් අප තරයේම විශ්වාස කරනවා. ඉතින් මේ මාර්ග දර්ශනයේ මැදක් ලබාදෙන්නටයි අපගේ බලාපොරොත්තුව වන්නේ…’
ඉන්දීය මාධ්‍යවේදියා
‘2022 ආර්ථික කඩාවැටීමට පසු ස්ථාවරත්වය ඇතිකිරීමට ගත් පියවර මොනවාද? ඒවා ක්‍රියාත්මක වී තිබෙනවාද?’
සජිත් ප්‍රේමදාස
‘හොඳයි, රනිල් වික්‍රමසිංහ මේ රටට ස්ථාවරත්වය ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කරනවා. ඔව්, ඔහු විවිධ අංශ දෙකකට වෙනස් ආකාර දෙකකින් ස්ථාවරත්වය ලබාදී තිබෙනවා. එකක් ඔහු රාජපක්ෂලාට අතිශය ස්ථාවරත්වක් ලබාදී තිබෙනවා. අනෙක ඔහු තමාට සහ තමා වටා සිටින තක්කඩියන්ට සහ ගජමිතුරන්ට විශිෂ්ටතම ස්ථාවරත්වයක් ලබාදී තිබෙනවා. මේ තත්ත්වය යටතේ රටේ මිලියන 22ක ජනතාවගේ ජීවිතත්, රටේ ආර්ථිකයත් හැකිළී යන තත්ත්වයකට පත්වෙලා. ශ්‍රී ලංකාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත් ජනතාව. ඔවුන් පරිභෝජන දරිද්‍රතාවය, ආහාර දරිද්‍රතාව, ආයෝජන දරිද්‍රතාව සහ ජීවනෝපාය අහිමි වීම්වලින් පීඩා විඳිනවා. 3,00,000කට ආසන්න ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර වසාදමා තිබෙනවා. මිලියන ගණනාවකට රැකියා අහිමි වෙලා තිබෙනවා. අනාගත සමාජ නොසන්සුන්තාවයේ බීජ වපුරමින් සිටින්නේ මෙම අදක්ෂ, දුර්වල පාලනයයි.’
ඉන්දීය මාධ්‍යවේදියා
‘ඉදිරිය දෙස බලන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔබට තියෙන ආර්ථික දැක්ම කුමක්ද? ශ්‍රී ලංකාව ඔබට ඡන්දය දිය යුත්තේ ඇයි?’
සජිත් ප්‍රේමදාස
‘හොඳයි, සරල මන්ත්‍රය නම් වර්ධනය, වර්ධනය, වර්ධනය. එසේම අපනයනය, අපනයනය, අපනයනය සහ හැකි තරම් විදේශ ආයෝජන ලබාගැනීමයි. දිළිඳුකම නැතිකරන, වර්ධනයක් ඇතිකරන, රැකියා උත්පාදනය කරන සහ ජීවනෝපායන් වැඩිදියුණු කරන මන්ත්‍රය එයයි. මිනිසුන් අතේ වැඩිපුර මුදල් තිබේනම් ඔවුන් පරිභෝජනය කරයි. ඔවුන් ආයෝජනය කරයි. ඔවුන් ඉතිරි කරයි. ඔවුන් අපනයනයද කරයි. මේ රටේ නිහඬ බහුතර ජනතාවකට දැරිය හැකි වඩාත් සාධාරණ පැකේජයකට පැමිණීමට අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කතාකළ යුතුයි. අපේ රටේ සුපිරි ධනවතුන්ගේ කුඩා අනුපාතය ගැන සිතාගත නොහැකියි. අපේ ප්‍රතිපත්තිය මේ ධනවතුන් බේරාගෙන අනෙක් අයට දඬුවම් කිරීම නොවේ…’
ඉන්දීය මාධ්‍යවේදියා
‘මැතිවරණයට තරග කිරීම සඳහා ඔබ ගොඩනැගූ ඒ ඒ සභාගයන් කෙතරම් ස්ථාවරද, ශක්තිමත්ද? ශ්‍රී ලංකාවේ උතුරු – දකුණු භේදය සමනය කිරීමට ගන්නා ඔබගේ උත්සාහයන් මොනවාද?
සජිත් ප්‍රේමදාස
‘අපි රටේ ලොකුම දේශපාලන සන්ධානය හැදුවා. අපි හැම විටම ශ්‍රී ලාංකිකත්වය ප්‍රවර්ධනය කරන නිසා රටට ඇති එකම විකල්පය අපියි. අපි ජාති, ආගම් භේද නැතිව පළාත් නවයම එකතු කර තිබෙනවා. අපි ඔවුන්ගේ අදාළ කොට්ඨාස, නගර සහ ගම් ඇතුළුව පරිපාලන දිස්ත්‍රික්ක 25ම ඒකාබද්ධ කර තිබෙනවා…’
ඉන්දීය මාධ්‍යවේදියා
‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ තරග බිමට පැමිණීම ඔබගේ ප්‍රතිඵලයට යම් බලපෑමක් ඇතිකරයිද?’
සජිත් ප්‍රේමදාස
‘මගේ තරගය මගේ ප්‍රතිවාදීන් සමග නෙවෙයි. මගේ සියලු ශක්තීන් රටට හොඳම දේ ලබාගැනීමටයි කැපකර තිබෙන්නේ. මගේ අභියෝගය වන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ දුක් වේදනා සමනය කිරීමට වගබලා ගැනීමයි. මගේ කණ්ඩායමට සහ මට නියමිත ඉලක්කයක් තුළ එය කළ හැකි බව මට විශ්වාසයි.’
ඉන්දීය මාධ්‍යවේදියා
‘ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා දැන් සහ අනාගතයේදී ඔබ දකින්නේ කෙසේද?’
සජිත් ප්‍රේමදාස
‘රටක් වශයෙන් අපට තරගකාරී වාසි ලබාදෙන සියලු ජාතීන් සමග අපි සම්බන්ධ විය යුතුයි. ඒක තමයි සරල මන්ත්‍රය. එහෙත් මෙහිදී ඉන්දියාව සමග අපට විශේෂ සබඳතාවක් තිබෙන බව නිසි ලෙස හඳුනාගත යුතුයි. ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයක සිටියදී අපට විශාලතම සහයෝගය ලබාදුන් එකම රට ඉන්දියාවයි. අපි ඒක සැමදා අගය කරනවා…’
දැන් ඔබ මෙම කතාවෙහි යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. ‘ඉන්ඩියා ටුඩේ’ (India Today) සුප්‍රකට ඉන්දීය මාධ්‍ය ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ එම ආයතනයේ සමූහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ රාජ් චෙන්ගප්පා (Raj Chengappa) විසින් සිදුකරන ලද මෙම සුවිශේෂ රූපවාහිනී මාධ්‍ය සංවාදය හඳුන්වා ඇත්තේ ‘නතින් බට් ද ටෘත් (Nothing But the Truth) ලෙසිනි. එහි සිංහල අරුත ගත හැක්කේ ‘සත්‍යය හැර අන් කිසිවක් නැත’ යන්නය. මෙම විනාඩි 30-35 අතර කාලයක් පුරා දිවෙන රූපවාහිනී වැඩසටහනකි. මෙහිදී අනෙක් සුවිශේෂ කරුණ ලෙස සැලකෙන්නේ මෙම ප්‍රවීණ ඉන්දීය මාධ්‍යවේදියා, වත්මන් විපක්ෂ නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග සංවාදය අවසන් කර රූපවාහිනී ප්‍රේක්ෂකයන් උදෙසා සිදුකරනු ලබන කෙටි ප්‍රකාශයයි. එහිදී ඔහු ඉංග්‍රීසි බසින් කියා සිටින්නේ Sajith Premadasa, the Front Runner for the Sri Lanka Presidential Election යන වදනයි. මෙහි සිංහල අරුත වන්නේ ‘මෙවර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින ධාවකයා වන්නේ සජිත් ප්‍රේමදාස’ බවයි. එමෙන්ම සිදුකර ඇති මත විමසුම්වලින් ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයාත් සජිත් බව සඳහන් කොට තිබේ. එහිදී මෙම ප්‍රවීණ මාධ්‍යවේදියාත්, ඔහුගේ ලෝක ප්‍රකට මාධ්‍ය ආයතනයත් නිර්ණය කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී ඉහළින්ම සිටින එකම අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස බවයි. මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී රාජ් චෙන්ගප්පා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සංවාදයකට ලක්කර ඇති අතර, එහිදී ජනාධිපතිවරයාට එවැනි තක්සේරුවක් ලබාදී නොමැත.

ප්‍රියන්ත හෙට්ටිගේ










