• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහලයේ අන්තිම රජුගේ අගබිසව වීමට අකැමැතිව කොස් බෙණයේ හැංගුණු හීන් කුමාරිය! කොස් ගහ අදටත් නිරුපද්‍රිතව තියෙනවා! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සිංහලයේ අන්තිම රජුගේ අගබිසව වීමට අකැමැතිව කොස් බෙණයේ හැංගුණු හීන් කුමාරිය! කොස් ගහ අදටත් නිරුපද්‍රිතව තියෙනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහලයේ අන්තිම සිංහල රජු ශ‍්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (ක්‍රි.ව. 1707 – 1739) කන්ද උඩරට රාජ්‍යත්වයට පත්ව සතළොස් වියේදී නායක්කර් වංශික අධිපතියකුගේ කුලකුමරියක් සරණපාවා ගන්නා ලදී. මංගල උත්සවයට ඕලන්ද ආණ්ඩුකාර තැනගේ විශේෂ සහාය ලැබී ඉතාමත් ඉහළින් පවත්වා ඇත. නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍ය සමයේ පැමිණි ඕලන්ද ජාතික ලැනරෝල්වරුන් සහ රජුගේ හිතවත්ම මිතුරා බවට පත් ගස්කොන් හෙවත් අධිකාරම් තනතුරේ සිටි දස්කොන්ද පැමිණ ඇත්තේ මේ අවධියේදීය.
එම මංගල්‍යයෙන් සරණපාවාගත් කුමරියට දරුවන් නොවීය. රජු එයින් පසු විජයරාජ බිසව සරණපාවා ගත්තත් සිංහලයේ කුමරියක සරණපාවා ගත්තත් දරුවන් නොවීය. සිංහලයේ අන්තිම මෙහෙසිය වූ උඩුමාල් දේවියටද දරුඵල නොවූවාය. දරුවන් නොමැතිකමින් සිටි රජු එයින් නොනැවතී උඩුමා දේවියගේ සහෝදරියන් දෙදෙනාද සරණපාවා ගන්නා ලදී. එහෙත් එම කුමාරිකාවන් දෙදෙනාද දරුඵල නොලැබුවාය.Sri Lanka Latest News

නරේන්ද්‍රසිංහ රජතුමා නායක්කර් වංශික රාජකුමාරිකාවක් ගෙන්වා විවාහ කරගැනීමෙන් පසු නායක්කර් බලය ලංකාවේද කලක් පැතිර තිබී පසුව විනාශ විය.
සිංහල රාජ්‍ය බලය ගෙන යෑමට සිංහල රජතුමා වූ නරේන්ද්‍රසිංහ රජතුමාට දරුවකු නොලැබුණත් නායක්කර් බලය විනාශ වුවත් මලබාර් ප‍්‍රදේශයෙන් පැමිණි මොවුන් මලබාර් දේශික නමින්ද හැඳින්වීම නිසා මහනුවර මොවුන් පදිංචිවී සිටි ප‍්‍රදේශ බූවැලිකඩ මලබාර් වීදිය නමින් අද දක්වා ව්‍යවහාර කෙරෙයි.

නරේන්ද්‍රසිංහ රජතුමා රාජ්‍ය පිළිබඳ සියලු කටයුතු සඳහා මහනුවර අසලදී මහවැලි ගඟ සමීපයේ පිහිටි කුණ්ඩසාලේ නමැති ප‍්‍රදේශයෙහි උඩමළුව නමැති ප‍්‍රදේශයෙහි මාලිගාවක් ඉදිකර එහි පදිංචි වීමට පටන් ගත්තේය. කුණ්ඩසාලේ මාලිගාවට ආසන්නව විහාරයක් කරවීය. ශ‍්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහාරාමය නමින් අද දක්වා තිබෙන විහාරයයි.
සිංහලයේ අන්තිම රජතුමාට දරුවකු නොමැතිකමින් රජුගේ හිතවත් අමාත්‍ය, පුරෝහිතයන් කණ්ඩායම ඉමහත් කනස්සල්ලෙන් පසුවූහ. එයට පිළියමක් සෙවීමට කුමන්ත‍්‍රණය කළේය. රජු කුමාර කාලයේ හැදීවැඩුණු කුරුකොහොගම පල්ලේ වලව්වේ ඉතාමත් රූපශ‍්‍රීයෙන් යුත් කුමාරිකාවක් ඇති බව දත් රාජපුරුෂයන් ඇය රජුගේ අගමෙහෙසිය බවට පත්කිරීමට කටයුතු කිරීමට සැලසුම් කරන ලදී. ඒ අවස්ථාව වනවිට වයෝවෘද්ධව සිටි රජතුමා මෙය සැලවීමෙන් උද්දාමයට පත්වන්නේය. තම හිතවතුන් කුරුකොහොගම සිටිනා අතර නිතර එම ගම්පියසට ආගිය රජු වඩාත් ආදරය කළ සුන්දර ගම්පියසක් වන කුරුකොහොගම තමාට හුරු පුරුදුය.

රජුගේ නියෝගයෙන් රාජපුරුෂයන් සහ ඇමැතිවරයකු කුරුකොහොගම බලා පිටව යයි. කෙසේ හෝ මෙම රාජපුරුෂයන්ගේ පැමිණීම කුරුකොහොගම පල්ලේ වලව්වේ හීන් කුමරියට සැලවෙයි. ඇය වයෝවෘද්ධ රජුගේ අගමෙහෙසිය වීමට මනාප නොවන්නේය. රූපශ‍්‍රීයෙන් අගතැන්පත් මෙම කුමරිය රජකුගේ අගමෙහෙසිය වීමට වාසනාව ලැබුවත් ඇය වයෝවෘද්ධ රජුගේ අගමෙහෙසිය වීමට ප‍්‍රිය මනාප නොවූවාය. එම හේතුවෙන් එයින් මිදීමට වලව්ව අසල ඇති විශාල කොස් ගසේ බෙනයේ සැඟවෙයි.
රාජපුරුෂයන් වලව්වට පැමිණ කුමරිය සෙවූවත් ඇය නොවූවාය. එහෙත් කුමරියගේ ක්‍රියාදාමය අසාර්ථක වන්නේ රාජපුරුෂයන් ඇය කොස් ගසේ බෙනයේ සැඟව සිටියදී සොයාගැනීමෙනි. ඇය සොයාගැනීමෙන් පසු කුමරියට කළ යුතු අන් කිසිවක් නොමැත. රාජ පුරුෂයින් සමග කුණ්ඩසාලේ විරාජමානව සිටින ශ‍්‍රී පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වෙත යායුතුය. රජුගේ අගමෙහෙසිය වියයුතු වන්නේය. ඇය රාජකුමාරිකාවක් මෙන් රාජපුරුෂයන් සහ ඇමැතිවරයා සමග කුණ්ඩසාලේ රජ මැඳුර වෙත ගමන් ගනී.
කුරුකොහොගම සිට ඇළ දොළ ගංගා, ගිරිදුර්ග පසුකරමින්, හීල්ඔය, මහරවෙල, කරල්ලියද්ද, තෙල්දෙණිය, උඩදුම්බර, මැදමහනුවර, දුම්බර මිටියාවත, සිරිමල්වත්ත යන ගම්මාන පසුකරමින් නොයෙක් සිතුවිලි අතරේ තමා අකැමැති මනාප නොවූ මංගල්‍යයක මනාලියක සේ දුක්බරව ගමන් ගන්නා කුරුකොහොගම හීන්කුමාරි කළුකෑල්ල නම්වූ ගම්පියසට පිවිසෙත්ම තම දිව ඇද දිව හපාගනිමින් දිවි නසාගත්තීය.

කුමරිය දිවි නසාගත් මොහොතේ රාජපුරුෂයන් සහ අමාත්‍යවරයාට බිසවුන්වහන්ස ගැන කරකියාගත දෙයක් නොමැතිව හැකි ඉක්මනින් ඇමැති කුණ්ඩසාලේ රජු වෙත ගොස් සැලකර සිටියේ කුමරිය රැගෙන එන අවස්ථාවේ අසවල් ස්ථානයේදී එලෙස දිවි නසාගත් බවයි. මෙයින් රජු ශෝකයට පත්ව ඒ උත්තමාවිය ගැන අනුකම්පා කර කුමරියගේ දේහය මහනුවර පාතදුම්බර උඩුගම්පහ කෝරළයට අයත් පිලවල නමැති ගමේ කොටසක කළුකෑල්ල නමැති ප‍්‍රදේශයක ආදාහනය කරන ලදී. කුමරිය කළුරිය කළ ප‍්‍රදේශය කළුකෑල්ල කියා අදටත් ව්‍යවහාරයේ පවතී.

එයින් නොනැවතුණු රජතුමා ආදාහනය කළ ස්ථානයට ආසන්නයේ ඉතාමත් දර්ශනීය කළුගල් තලාවක බෝධි වෘක්ෂයක් කුමරිය සිහිකිරීම වෙනුවෙන් රෝපණය කර ඒ අසල කළුගලින් මටසිළුටු කරන ලද දර්ශනීය පොකුණක් නිර්මාණය කර ඇත. මෙය බෝධිගල නමින් ප‍්‍රකටව අදටත් පවතින අතර අදවන විට බෝධිගල රජමහා විහාරය නමින් පවතී. උඩදුම්බර උඩසිය පත්තුවේ කුරුකොහොගම රජමහා විහාරය මගින් පාලනය කරනු ලබයි.

ශ‍්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා කුණ්ඩසාලේ සිට නත්තරම්පොත ගම මැදින් බෝධි ගලට නැග බෑවුමෙන් සිරිමල්වත්තට බැස මහවැලි ගඟෙන් ස්නානය කොට ලේවැල්ලට පැමිණ මහනුවර රජ වාසලට පැමිණෙන්නේය. එතුමන්ගේ ගමන් මාර්ගයේ බෝධි ගලට නැගීම බැසීම කරන පැතිවල බෝධිගලේ කැපූ ගල් පඩි අදටත් හොඳ හැටි පැහැදිලිව දැකිය හැක.

රජතුමා බෝධි ගලින් බැස මහවැලි ග​ඟේ ජල ස්නානය කළ ස්ථානය රිටිගල නමින් ව්‍යවහාරයේ පවතී. රිටක් වැනි උස් ගලක් මෙහි පිහිටා තිබෙන බැවින් රිටිගල යැයි කියනු ලැබේ. රජතුමා දිය පිනුම් ගැසූ ගලක් ලෑල්ලක ආකාරයකින් ඒ අසලම පිහිටා තිබේ. එයට පිනුම්ගල යැයි ව්‍යවහාරයේ පවතී. එම ස්ථානයේ රාජාභරණ තැබීමට මණ්ඩපයක ගල් කණුවලින් නිර්මාණය කර තිබුණු නෂ්ටාවශේෂ දක්නට තිබේ. මෙය සිරිමල් වත්තේ උයන් වත්ත නමින් හැඳින්වෙන ගං ඉවුරෙහි පිහිටා තිබේ.

හීන් කුමාරි සැඟවුණු කුරුකොහොගම වලව්වේ කොස් ගස අදටත් විශාල වෘක්ෂයක් ලෙස පවතින අතර මිනිස් ක්‍රියාකාරකම්වලින් තර්ජනයක්ව පවතින එම කොස් ගස කුරුකොහොගම වැසියන්ගේ උත්සාහයෙන් සුරැකී ඇතත් අසල්වැසි නිවසක පියස්සකින් ගසේ බෙනයට ජලය ගලා ඒමට සැලැස්වීමෙන් ගස විනාශයට පත්විය හැකි බව ඉතිහාසයටත්, රජු වෙනුවෙන් දිවිපිදූ හීන්කුමාරිටත් ආදරය කර කුරුකොහොගම පැරැන්නන් පෙන්වා දෙයි. එය රැකීම කාගේත් යුතුකමකි. රජ සමයේ පටන් කුරුකොහොගම ගමේ ගම් සභා කටයුතු, වෙල්විදානේ කටයුතු කළ මණ්ඩපයද තවමත් ඉතාමත් දර්ශනීයව ආරක්ෂා වී ඇත්තේ වෙල්යායේ ඉහත්තාවේය. එම මණ්ඩපය කවදත් කාටත් ඉතා සිත්කලු මණ්ඩපයකි. මොහොතක් හෝ විඩාහැර ගැනීමට කොයි කාටත් සැනසිලිදායක ස්ථානයකි.

සෙනරත් බණ්ඩාර මහතාගේ සටහනක් ඇසුරෙනි

SendShareShare
Previous Post

මාලිමාවේ අම්බිකා හොඳටම කැපෙයි! Sri Lanka Latest News

Next Post

බලවත් ගුරු 18 මාරු වුණා! ලග්න 12ටම සුබ-අසුබ දෙකම! Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.