• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බලවත් ගුරු 18 මාරු වුණා! ලග්න 12ටම සුබ-අසුබ දෙකම! Sri Lanka Latest News

October 18, 2025
in Astrology, Exclusive
Reading Time: 7 mins read
A A
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Share on WhatsAppShare on Facebook

බ්‍රහස්පති නොහොත් ගුරු එක රාශියක ගමන් කිරීමට සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් ගතවේ. වක්‍රවීම මෙන්ම නීවෘත යන දෙකම සිදුවන විට සාමාන්‍යයෙන් වසර එකහමාරක කාලයක් ගතවේ. 2025 මැයි 14 ගුරු මිථුන රාශි වීමෙන් පසු 2025 ඔක්තෝබර් 18 ගුරු උච්ච රාශියක් වන කටක රාශි ගතවේ. නමුදු මෙය තාවකාලික ගමන් කිරීමක් පමණි. නැවත දෙසැම්බර් 05 වැනිදා ගුරු මිථුන රාශිගත වේ. නිවැරදිව ගුරු කටක රාශිගත වනුයේ 2026 ජුනි 02 වැනිදා වේ. නමුත් මෙම කෙටි කාලසීමාවක වුවත් බ්‍රහස්පතිගෙන් ඔබේ ලග්නයට සුවිශේෂී බලපෑමක් සිදුකරයි. මෙයට හේතුව මෙම කාල සීමාව තුළ කිසිදු සතුරු ග්‍රහ දෘෂ්ටියක් බ්‍රහස්පති වෙත නොවැටීමයි.Sri Lanka Latest News

මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ගේ ගුරු හතර වැන්නේ ගෝචර වීමත් සමග තදබල අපලකාරී තත්ත්වයක් ඇති නොවේ. උප්පත්තියෙන් හතර වැන්නෙහි සිටීමෙන් නොව මෙම කාලයේදී යම්තාක් දුරට ආර්ථිකමය අපහසුතා ඇතිවිය හැක. යම්තාක් දුරට ආදායම අඩුවෙන බැවින් ණයතුරුස් වැඩිවිය හැක. රැකියා ස්ථානයේ මතභේදාත්මක ගැටලු ඇති වේ. නොවැම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 29 වැනිදා දක්වා දේපළ ඉඩකඩම් පිළිබඳ ගැටලු මතු වේ. සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවේ. මේෂ ලග්න හිමියන්ට හත් අවුරුදු හය මාසික ඒරාෂ්ටකය යාම මෙන්ම ගුරු හතර වැන්නේ ගෝචර වීම මගින්ද වම් කකුල ආශ්‍රිත රෝග පීඩා මතුවේ. තමුන්ගෙන් උපකාර ලබාගත් පුද්ගලයෙකුගෙන්ම තමා මුළාවට පත්වීමේ ඉඩකඩ වැඩිය. ඉගෙනගන්නා දරුවන්ට ශුභදායක කාලයකි. උගත් පුද්ගලයන්ගේ මෙන්ම බලවත් පුද්ගලයන්ගේ ඇසුර ලැබෙන කාලයකි.

වැඩිහිටියන්ගේ ඇසුර මෙන්ම සහෝදර සහෝදරියන් අතර සුහදත්වය වර්ධනය වේ. දරුවන් හේතුවෙන් සතුටුදායක තත්ත්වයක් උදාවේ. පවුල් ජීවිතයට විශේෂ කාලසීමාවකි. මෙම කාලය තුළ ඉක්මන් කෝපය යම්තාක් දුරට පාලනය කරගත යුතුය. විනෝද ගමන් බිමන් යාම මෙන්ම උත්සව සඳහා වැඩි වශයෙන් සහභාගි වීමට කරුණු කාරණා යෙදේ. දේපළ මිලදී ගැනීමට ඉතාම සුවිශේෂ කාලසීමාවකි. එමෙන්ම බ්‍රහස්පති මහ දසාවක් හෝ බ්‍රහස්පති අතුරු දසා කාලසීමාවක් යනවා නම් මෙම ප්‍රතිඵල උසස් ආකාරයෙන්ම ලැබේ.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමි ඔබට 2024 වර්ෂය ඉතා පීඩාකාරී කාලසීමාවක් බවට පත්ව ඇති බව නොරහසකි. ගුරු බලවත්ව ගෝචරයෙන් තුන්වැන්න තුළ ගෝචර වීම උපතින් ගුරු තුන්වැන්නෙහි තැන්පත්වීම මෙන් නොව යම් ආකාරයක ගැටලුසහගත තැන් මතුවන කාලපරිච්ඡේදයකි. ප්‍රථමයෙන් වෘෂභ ලග්න හිමි ඔබට තනිව කටයුතු කිරීමට සිතෙන කාලයකි. විශේෂයෙන් පවුල් ජීවිතය තුළ යම් පීඩාකාරී වාතාවරණයක් මතුවේ. අඹු සැමියන්ගේ විරසක වීම මෙන්ම එකිනෙකා අතර මතභේදාත්මක ගැටලු ඇති වීමේ ඉඩකඩ පවතී. නෑදෑයන් සහ අසල්වැසියන් සමග කටයුතු කිරීමේදී වචන භාවිතය නිසා මතභේදාත්මක ගැටලු ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතී. තනිව හුදකලාව වාසය කිරීමට වැඩි රුචියක් දක්වන කාලපරිච්ඡේදයකි. නමුදු සහෝදරයකු සහෝදරියක පිළිබඳ ශුභ ආරංචියකින් සතුටට පත්වේ.

රැකියා ස්ථානයේ යම්තාක් දුරට පීඩාකාරී ස්වභාවයක් මතුවේ. වැඩ රාජකාරි අධිකව සිදු කරන්නට වන කාලයකි. වගකීම් සහගත රාජකාරිවල අධිකව යෙදෙන්නට සිදුවේ. නොවැම්බර් 25 සිට දෙසැම්බර් 05 වැනිදා කාලසීමාව තුළ යම් ප්‍රශංසාවක් හිමිවේ. නමුදු සිතට ප්‍රීතිය අවම වන කාලයකි. මුදල් ආයෝජනය කිරීමේදී සහ හවුල් ව්‍යාපාර තුළදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය. රැවටීමකට හෝ මංමුළාවීමකට ලක්විය හැක.

රෝගපීඩා අධික වේ. විශේෂයෙන්ම බෝවන රෝග ඇතිවීමේ ඉඩකඩ මෙන්ම උණ රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩිය. ප්‍රතිශක්තිකරණය දුර්වල වන බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරගන්න වගබලාගත යුතුය. ඉගෙනගන්නා දරුවන් වැඩ කල්දැමීමට මෙන්ම අලසව කටයුතු කිරීමේ ඉඩකඩක් පවතී.

මිථුන ලග්නය
මිථුන ලග්න හිමි ඔබට 2025 අප්‍රේල් මාසේ සිට අගෝස්තු මාසය දක්වා තිබූ ප්‍රධානම ගැටලුව වන්නේ රැකියාව සහ ආදායම් ලැබීමේ මාර්ගවල තිබූ ගැටලුවයි ආර්ථික අපහසුතා ඇතිවීමයි. ඔක්තෝබර් 18 වැනිදා සිදුවන ගුරු ධනස්‍ථාන ගතවීම මෙම ගැටලුවලට විසඳුම් ලැබෙන කාලසීමාවක් වේ. කොටින්ම කියතොත් මිථුන ලග්න හිමි ඔබේ ජීවිතයෙහි පෙරළිකාර වෙනසක් සිදුවන කාලපරිච්ඡේදයකි. 2024 වර්ෂයේ ගුරු දොළොස් වැන්නේ ගෝචර වූ කාලසීමාව තුළ ඔබ සිදුකළ හොඳ හා නරක ක්‍රියාවල ප්‍රතිඵලවල ලැබෙන්නා වූ කාලසීමාවකි. ආදායම් තත්ත්වය ඉහළ යයි. ව්‍යාපාර තුළ ගැටලු අවම වන කාලසීමාවකි. ප්‍රධානීන්ගේ ගෞරවය හිමිවන අතර සේවකයින් සහ ප්‍රජාව තමා වටා එක්රොක් වන කාල පරිච්ඡේදයකි. පොදු වැඩකටයුතු තුළදී ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබේ. දේශපාලකයන් මෙන්ම රාජ්‍ය සේවකයන්ටද මෙම කාලසීමාව ඉතාමත්ම ශුභදායකවේ.

පවුල් ජීවිතය තුළ වාසනාව උදාවන කාලයකි. මෙම කාලසීමාව තුළ මිථුන ලග්න හිමි ඔබේ රාගික සිතුවිලි අධික වන අතර එමගින් හොඳ තෘප්තියක් ලබාගැනීමේ හැකියාව ලැබේ. එමෙන්ම මෙම කාලසීමාව තුළ තරුණ තරුණියන්ට මංගල යෝග උදාවන අතර විවාහ යෝග ස්ථාවර වීමක් සිදුවේ.

ඉගෙන ගන්නා දරුවන්ට සුවිශේෂ කාල පරිච්ඡේදයක් වන අතර උසස් අධ්‍යාපනික ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම කලක සිට පැවැති අදහස් සඵල කරගැනීම මෙන්ම සිත මෙන්ම ගතද වේගයෙන් ක්‍රියා කිරීම හේතු කොටගෙන තරග විභාගවලින් ජයග්‍රහණ පවා හිමිවන්නවූ කාලසීමාවකි.

කටක ලග්නය
2024 වර්ෂය කටක ලග්න හිමි ඔබට වඩාත් පීඩාකාරී කාලසීමාවක් වී ඇත. ප්‍රබල ග්‍රහයෝග නොමැති නම් ජීවිතය පවා නැති කරගැනීමට තරම් ගැටලු මතුවුණු කාලසීමාවකි. ප්‍රේම සම්බන්ධතා මෙන්ම පවුල් ආරවුල් ද ඇති වූ කාලසීමාවකි. මෙයට හේතුව අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයෙහි බලපෑමයි. ගුරු ගෝචරයෙන් ලග්නයට පැමිණීම ද එවන් සමයකට හා සමාන ප්‍රතිඵල ලැබෙන්නා වූ කාලසීමාවක් බවට පත්වීමේ ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. මෙම කාලසීමාව තුළ කටක ලග්න හිමි ඔබ ප්‍රවේශම් විය යුතු ක්‍ෂේත්‍ර ගණනාවක් ඇත. එහෙයින් ප්‍රධාන තැනක් හිමිවන්නේ රැකියා කරන මෙන්ම ව්‍යාපාර කරන ස්ථානයයි. මෙම කාලසීමාව තුළ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු නොවිය යුතු කාලයකි. නොවැදගත් කටයුතු සඳහා වැඩි වශයෙන් කාලය වැයවීමක් සිදුවිය හැකිය. මෙම කාලසීමාව තුළ ඔබගේ කීර්තිය ප්‍රශංසාව බිඳවැටීමට කරුණු කාරණා යෙදේ. අන්‍යයන්ගෙන් උදව් බලාපොරොත්තු වුවද උදව් උපකාර නොලැබී යාමේ ඉඩකඩක් පවතී. අස්ථානගත චෝදනා එල්ල වන බැවින් කට වචනයට උදව් උපකාර කිරීමට වග බලාගත යුතුය. පවුල් ජීවිතය තුළ එතරම් සුබඵලදායක තත්ත්වයක් උදා නොවේ. අනියම් සම්බන්ධතා වුවත් ඇතිවීමේ ඉඩකඩක් පවතී. එමගින් තමන්ගේ කීර්තියට හානි වීමක් සිදුවේ. ඉක්මන් කෝපගැනීම මෙන්ම ඉක්මන් තීන්දු තීරණ ගැනීමට ද යොමුවීමේ ඉඩකඩ වැඩිය.

එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවන් වඩාත් ප්‍රවේශම් විය යුතුය. විභාග මෙන්ම සම්මුඛ පරීක්ෂණ තුළින් අසමත් වීම හෝ බලාපොරොත්තු නොවූ තරම් ප්‍රතිඵල හිමිවීම ද මෙම කාලසීමාව තුළ ඇති වේ. නමුදු උප්පත්තින් කේන්ද්‍රයෙහි ගුරු ලග්නයෙහි සිටිනවා නම් හෝ රවි එකොළොස්වැන්නෙහි සිටිනවා නම් මෙම ගැටලු අවම වේ.

සිංහ ලග්නය
සිංහ ලග්න හිමි ඔබට මෙම කාලසීමාව අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් ඇති කාලසීමාවකි. ගුරු ඔක්තෝබර් 18 වැනිදා වයස්ථානය වන දොළොස්වැන්නෙහි ගෝචර වීම එතරම් ශුභඵලදායක තත්ත්වයක් උදා නොවේ. මෙම කාලසීමාව තුළ තනිව වාසය කිරීමට සිදුවේ. එමෙන්ම ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වීම සමග ගුප්ත විද්‍යාව පිළිබඳ ආශාව ඇතිවන කාලසීමාවකි. තමන්ද ගුප්තභාවයකින් යුක්තව වැඩ කටයුතු කරයි. ඔබ ඉදිරියේදී ගන්නා පියවරයන් පිළිබඳවද නිශ්චයකින් තොරව ඉක්මන් තීන්දු තීරණ ගැනීමේ ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. අප්‍රසිද්ධව පුද්ගලයන්ට උදව් කිරීම මෙන්ම අප්‍රසිද්ධව මුදල් ආයෝජනය කරන්නට සිදුවන කාලපරිච්ඡේදයකි. ව්‍යාපාරවල යම්තාක් දුරට ප්‍රශ්න මතුවීමේ ඉඩකඩ වැඩිය. මුදල් ආයෝජනය කිරීමේදී නැවත ලබාගැනීමට මෙන්ම හැකියාව ලැබෙනුයේ 2027 වර්ෂයේදී වේ. ආයතන ප්‍රධානීන් සමග යම් සිත්තැවුල් ඇතිවීමට කරුණු කාරණා යෙදේ. වැඩි වශයෙන්ම අනපේක්ෂිත ආකාරයට මුදල් වියදම් කිරීමට කරුණු කාරණා යෙදේ. අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීම සඳහා වැඩි වශයෙන් මිල මුදල් වියදම් කරන්න සිතේ තබාගන්න. යානවාහන නඩත්තු කිරීම මෙන්ම නිවාස අලුත් වැඩියා කිරීම සඳහා සිත් යෙදෙන කාලයකි. එමෙන්ම මුදල් ආයෝජනය කිරීමේදී මෙන්ම හවුල් ව්‍යාපාර තුළදී ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මෙම කාලසීමාව තුළ මුදල් වංචාවකට හසුවීමේ ඉඩකඩ ඉතාමත්ම වැඩිය.

ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවේ. හන්දිපත් වේදනාව මෙන්ම පපුව ආශ්‍රිත රෝග පීඩා වැඩි වේ. ඖෂධ ලබාගැනීම මගහැරීමට කරුණු කාරණා ඇතිවිය හැකිය. ආතරයිටිස් රෝගය පවතිනවා නම් එම රෝග උත්සන්න වන කාලසීමාවකි. ඉතා කල්පනාකාරී විය යුතුය. පවුල් ජීවිතය තුළ මතභේදාත්මක ගැටලු ඇති වේ. විශේෂයෙන්ම දූ දරුවන් සමග හිත් අමනාපකම් ඇතිවීමේ ඉඩකඩ වැඩිය. දරුවන් අසනීප වීම මෙන්ම ඔවුන් සඳහා අධිකව මුදල් වියදම් කිරීමට කරුණු කාරණා යෙදේ. නිතරම කලකිරුණු ස්වභාවයකින් යුක්තව කටයුතු කිරීමට සිදුවේ. ප්‍රේම සබඳතා තුළ දී අනෙකා පිළිබඳ සැක සහිත දෑසින් බැලීම මගින් මතභේදාත්මක ගැටලු ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ට මෙම කාලසීමාව මිශ්‍ර ඵලදායක තත්ත්වයක් උදා වේ. බ්‍රහස්පති ගෝචරයෙන් දසවැන්නට පැමිණීම මගින් ඉක්මන් තීන්දු තීරණ ගැනීමට යොමු වන්නට තිබෙන ඉඩකඩ වැඩිය. එමෙන්ම සියල්ලම තමාගේ වරදින් සිදුවනවා යැයි හැඟීමක් ඇතිවේ. එමගින් තමන් තමන්ටම දොස් පවරා ගැනීමක් සිදුකර ගැනීමේ ඉඩකඩ වැඩිය. ආදායම් ලැබීම ඒකාකාරීව සිදුවේ. රැකියා කරන ස්ථානයෙහි යම් කැපීපෙනීමක් ඇතිවන කාලපරිච්ඡේදයකි. තමා යටතේ වැඩකරන සේවකයන් අතර යම් මත ගැටුම් ඇතිවීමේ ඉඩකඩක් පවතී. පොදු වැඩකටයුතු සඳහා නිරන්තරයෙන් සහභාගි වීමට සිදුවේ. පින්කම් වැඩි වශයෙන් සිදුකිරීමට අවස්ථාව හිමිවේ. රැකී රක්ෂා තුළ ස්ථාන මාරුවීම් මෙම කාලසීමාව තුළ ඇති වීමේ ඉඩකඩක් පවතී.

සොර සතුරු උවදුරු ඇතිවිය හැකිය. එමෙන්ම පමණට වඩා සිතීම මගින් අනවශ්‍ය ආකාරයක බියක් සිතට ඇති වේ. තමාට වටිනා බඩුමුට්ටු අස්ථානගත වීමක් මෙම කාලසීමාව තුළ සිදුවේ. ගුරු දසවැන්නේ ගෝචර වන කාලසීමාව තුළ අන් අයගේ ආරවුල් විසඳීමට ගොස් තමන් කරදරවල පැටලීමේ ඉඩකඩක් පවතින කාලපරිච්ඡේදයක් වේ. සෞඛ්‍ය තත්ත්වය එතරම්ම යහපත් නොවේ.

ආමාශය සහ හිස ආශ්‍රිත රෝග පීඩා මතුවීමේ ඉඩකඩක් පවතී. කැලැල් පවතින තුවාල ඇති වීමේ සම්භාවිතාවක් මෙම කාලසීමාව තුළ ඇති වේ. ඉගෙන ගන්නා දරුවන්ට මෙම කාලසීමාව යහපත් කාලයකි. උගතුන් ආශ්‍රය මෙන්ම තාර්කික බුද්ධියද වර්ධනය වේ. එමෙන්ම බාහිර ක්‍රියාකාරකම් තුළ වැඩි වශයෙන් යෙදෙන්නට සිදු වේ.

කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමි ඔබට මෙම කාලසීමාව සුවිශේෂී කාල සීමාවකි. ගුරු බලවත්ව අයස්ථානය තුළ ගෝචර වීම මගින් ආදායම් මාර්ග ඉහළ යන කාලසීමාවක් වේ. වෙළෙඳ ව්‍යාපාර තුළින් ලාභ ප්‍රයෝජන හිමි වේ. විශේෂයෙන්ම භූමිය සම්බන්ධව වැඩ කරන පුද්ගලයන්ට මෙම කාලසීමාව සුවිශේෂ කාල සීමාවකි. ගොවිතැනින් ලාභ හිමිවේ. අලුත් වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීමට වඩාත් ශුභදායක කාලසීමාවකි. රැකියාවන් උසස්වීම් ලැබීම මෙන්ම රැකියා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට නව රැකියා අවස්ථා හිමිවේ. 2025 අප්‍රේල් මාසය තුළ දී ඔබට ප්‍රේම සම්බන්ධතා මෙන්ම පවුල් ජීවිතය තුළදී ද අධික ගැටලුකාරී තත්ත්වයන් පැවතී ඇත. එමෙන්ම යහළු මිතුරියන් වුවද විරසක වූ කාල පරිච්ඡේදයක් පසු කොට පැමිණි කන්‍යා ලග්න හිමි ඔබට මෙම කාලසීමාව තුළ දී විරසක වූ පුද්ගලයින් මිතුරු වීමේ ඉඩකඩ පවතී. පෙර විරසක වූ ප්‍රේම සම්බන්ධතා නැවත අලුත් වීමේ ඉඩකඩක් පවතී. ගේ දොර ප්‍රීතිය මෙන්ම වාසනාවද උදාවේ. කන්‍යා ලග්න හිමි ඔබට මෙම කාලසීමාව තුළ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙන්නා වූ කාලපරිච්ඡේදයකි. සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත් වේ. ඉගෙන ගන්නා දරුවන්ට සුවිශේෂ ලෙස බුද්ධිය වර්ධනය වන්නා වූ කාල පරිච්ඡේදයකි. විවාදාභිමුඛ වීම නිසා කට වචනයෙන් ජයග්‍රහණ හිමිවේ. යහපත් මානසික නිදහසක් ලැබීමට ද හේතුවාසනාව ලැබෙන ලග්න හිමියා බවට කන්‍යා ලග්න හිමි ඔබ පත්වේ.

වෘෂ්චික ලග්නය
වෘෂ්චික ලග්න හිමි ඔබට ගුරු නව වැන්නේ ගෝචර වීම ඔබගේ ජීවිතය වෙනතකට යොමුකරන කාල පරිච්ඡේදයකි. මෙම කාලසීමාව තුළ ආගමට දහමට ළැදියාව ඇති වේ. අන්‍යාගමිකයන් සමග සුහදශීලීව කටයුතු කිරීමේ හැකියාව ලැබේ. තම දෙමවුපියන් හා ඥාතීන් තමන් කරා පැමිණීම ද තමන් තමන්ගේ ඥාතීන් කරා යෑමද මෙම කාලපරිච්ඡේදය තුළ සිදු වේ. මිතුරන්ගෙන් වැඩි වශයෙන් උදව් උපකාර ලැබේ. පෙර මාස කිහිපය මෙන් නොව සිතේ ශාන්ත ස්වභාවය ඇතිවීමට හේතු කාරණා යෙදේ. අන්‍යාගමිකයන් සමග වැඩි වශයෙන් මිතුරු වීමක් මෙම කාලපරිච්ඡේදය තුළ ඇතිවේ. සංචාරක ව්‍යාපාරයෙහි යෙදෙන පුද්ගලයන්ට මෙම කාලපරිච්ඡේදය සුවිශේෂ වේ. තමන්ට වැඩි වශයෙන්ම විදේශ රටවලින් මෙන්ම උපන් ප්‍රදේශයෙන් පිට ප්‍රදේශවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. හවුල් ව්‍යාපාර සඳහා වඩාත් ශුභදායකයි. ආදායම් ලැබීමද ක්‍රමානුකූලව සිදුවේ. අස්ථානගත වූ යමක් නැවත සොයාගැනීමේ හැකියාව ලැබෙන කාලසීමාවකි. තමා අවට සිටින සතුරන් හඳුනාගැනීමේ හැකියාව ලැබේ. තවද පෙර කරගෙන ආ රැකියා කටයුතු හෝ ව්‍යාපාර ද නවතා නව ආදායම් මාර්ග සොයාගැනීමට සිත් යෙදේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට මෙම කාලපරිච්ඡේදයේ සුවිශේෂ වේ. නව නිර්මාණ කිරීම මෙන්ම නව සොයා ගැනීම් කරන්නට සුදුසුම කාලයයි. ගුරු උප්පත්ති කේන්දරයෙහි හතරවැන්නේ සිටියා නම් දේපළ ඉඩකඩම් ලබා ගැනීමේ වාසනාව ද පාරම්පරික ධනය ලැබීමේ වාසනාව වෘෂ්චික ලග්න හිමි ඔබට මෙම කාලසීමාව තුළ ඇතිවේ.

ධනු ලග්න
ධනු ලග්න හිමි ඔබට ගුරු අටවැන්නේ ගෝචර වීම මිශ්‍ර ඵලදායක තත්ත්වයක් උදාවෙන කාලසීමාවකි. විශේෂයෙන්ම මෙම කාලසීමාව තුළ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇතිවීමට ඉඩකඩ ඇත. බොහෝ දේ තමන්ගේ නොමනා කල් ක්‍රියාව මෙන්ම දුරදිග නොසිතා වැඩකටයුතු කිරීම මගින් විනාශ විය හැකිය. ගමන් බිමන් අධික කාලයකි. අන් පුද්ගලයන්ගේ උපදෙස් තැකීමක් නොකොට කටයුතු කරන්නට සිතෙයි. ව්‍යාපාර මෙන්ම රැකියා ස්ථානයේ යම් ගැටලු මතුවිය හැකිය. අස්ථානගත චෝදනා වැඩි වශයෙන් එල්ල වන කාලසීමාවකි. තමා නොකළ වරදකට වරදකරු වීමේ ඉඩකඩ පවතී. ඇප උපස්ථාන වැඩි වශයෙන් කරන්නට සිදුවේ. තම හිත මිතුරෙකුගේ හෝ ඥාතියකුගේ කරදරයකදී පිහිට වීමට සිදුවේ.පවුල් ජීවිතය තුළ යම් යම් මතභේදාත්මක ගැටලු මතුවීමේ ඉඩකඩ වැඩියි. නොසන්සුන්ව කටයුතු කිරීමට සිදුවේ. ඉක්මන් තීන්දු තීරණ හේතු කොටගෙන පසුතැවීම්වලට ලක්වෙයි. ප්‍රේම සබඳතා පවතින පුද්ගලයන් විරසක වීමද මෙම කාලසීමාව තුළ සිදුවේ. තවද රාගික සිතුවිලි ඇතිවීමද එමගින් තෘප්තියක් නොලැබීම නිසාද යම් මානසික පීඩාවන්වලට ගොදුරු වීමේ ඉඩකඩ ඇත. ප්‍රබල ග්‍රහයෝග නොමැති නම් ශරීර සෞඛ්‍ය පිළිබඳ වඩාත් ප්‍රවේශම් විය යුතුය. සෙනසුරු උපත්ති කේන්ද්‍රයේ අටවැන්නේ සිටිනවා නම් වඩාත් කල්පනාකාරී විය යුතුය. පපුව ආශ්‍රිත රෝග පීඩා ඇතිවීමද, අධික රුධිර පීඩනය ඇතිවීමද, නිධන්ගත රෝග උත්සන්න වීමද මෙම කාලසීමාව තුළ සිදුවේ. ධනු ලග්නයේ ලග්නාධිපති ගුරු අටවැන්නේ ගෝචරවීම තම ශරීර සෞඛ්‍යයට එතරම් සුබදායක තත්ත්වයක් ඇති නොවේ. මාරක අපලවලටද හේතු විය හැකිය. අධිෂ්ඨාන ශක්තියෙන් යුතුව නොපසුබට උත්සාහයෙන් යුතුව මෙම කාලසීමාව තුළ ඔබ වැඩ කටයුතු කළ යුතුය.

මකර ලග්නය
මකර ලග්න හිමි ඔබට මෙම කාලය ඉතාමත් සුවිශේෂ කාලසීමාවකි. ගුරු අටවැන්නෙහි ගෝචර වීම මගින් සිතට ප්‍රීතිය උදාවේ. රැකීරක්ෂා කටයුතුවල දියුණුව ලැබේ. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන පුද්ගලයන්ට මෙම කාලසීමාව ඉතාම සුවිශේෂ කාලසීමාවකි. ආදායම් ලැබීමේ මාර්ග ඉහළ යයි. භූමියෙන් ලාභ ලැබීම මෙන්ම පශු සම්පත් වර්ධනය වීමද ඇතිවේ. තමන්ගේ කීර්තිනාමය උසස් වන අතර බොහෝ දෙනා අතර කැපීපෙනෙන පුද්ගලයන් බවට මකර ලග්න හිමි ඔබ පත්වේ. දේශපාලකයන්ට මෙන්ම කලාකරුවන්ටද ඉතාම සුවිශේෂ කාලසීමාවකි. පුද්ගලයන් තමන් වටා එක්රොක් වීමට පටන්ගනී. එමෙන්ම තම බලපරාක්‍රමය පෙන්වීමට මෙන්ම පිට ඔපය පිළිබඳ වැඩි වශයෙන් සිතීමට ලක්වෙන කාලසීමාවක් බවට පත්වේ. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින අයගේ දරුඵල ලැබීමද මෙම කාලසීමාව තුළ ඇති වේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබේ. අසම්මත ප්‍රේම සම්බන්ධතා වුවද මෙම කාලසීමාව තුළ ඇතිවීමේ ඉඩ කඩ බොහෝ සෙයින් වැඩිය. උත්පත්ති කේන්දරයේ ගුරු හත්වැන්නේ නම් ගුරුහංස යෝගය ඇතිවීම සමග ඔබගේ ආකර්ෂණීයභාවය තවදුරටත් වර්ධනය වේ. රෝග පීඩා සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් වියයුතු කාලසීමාවකි. මෙම කාලසීමාව අතරතුරේදී චර්ම රෝග ඇතිවීම ආමාශය ආශ්‍රිත රෝග ඇතිවීම මෙන්ම පාචනය වැනි රෝග ඇතිවීමේ ඉඩ කඩ බොහෝ වැඩිය. ඉගෙන ගන්නා දරුවන්ට වඩාත් සුබදායක කාලසීමාවකි. පරාජය භාරගන්නට නොසිතෙන කාලයක් බැවින් ජයග්‍රහණය පසුපස හඹා යන්නාවූ ලග්න හිමියකු බවට මකර ලග්න හිමි ඔබ පත්වනවා ඇත.

කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමි ඔබට මෙම කාලය හත් අවුරුදු හය මාස ඒරාෂ්ටකයේ අවසාන කාලසීමාවයි. එහිදී ගුරු හයවැන්නෙහි ගෝචර වීම මිශ්‍ර ඵලදායක තත්ත්වයක් උදාවේ. රැකියාවෙහි ස්ථාන මාරුවීම් හෝ උසස්වීම් ඇති වේ. එමෙන්ම බොහෝවිට මෙම කාලසීමාව තුළ පවුලෙන් ඈත්ව කටයුතු කිරීමට කරුණු කාරණා යෙදේ. එමෙන්ම හයවැන්නෙහි ගුරු ගෝචර වීම මගින් දසවැන්න හා දෙවැන්න දකී. සතුරු ස්ථානයක් දැකීම හේතුවෙන් අනපේක්ෂිත ලෙස මුදල් වියදම් කිරීමට කරුණු කාරණා යෙදේ. ළඟම හිතවතකු විරසක වීමක් ඇතිවේ. මෙම කාලය තුළ ව්‍යාපාර සඳහා ආයෝජනය කරනවා නම් ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. රැවටීම්වලට හසුවීමටද තමන් අන් පුද්ගලයන් රැවටීමටද සිදුවන කාලයකි. හස්ත කර්මාන්තයේ නියත පුද්ගලයන්ට කාර්මික ක්ෂේත්‍රය නියුතු පුද්ගලයන්ට මෙන්ම නව නිර්මාණකරුවන්ටද මෙම කාලසීමාව වඩාත් ශුභදායක කාලසීමාවක් වේ.
පවුල් ජීවිතය තුළ යම්තාක් දුරකට සමගියට බාධා වීමට කරුණු කාරණා යෙදෙන කාලයකි. ඕපාදූප වැඩි වශයෙන් අසන්නට ලැබේ. එමගින් මංමුළාවීමට ලක්විය හැකිය. දූදරුවන් වෙනුවෙන් මුදල් හදල් වියදම් වීමට කරුණු කාරණා යෙදේ. පෙම්වතුන් පෙම්වතියන් විරසක වීමද මෙම කාලසීමාවේ ඇතිවන ඉතාමත් දරුණු තත්ත්වයකි. පමණට වඩා සැක සහිත දෑසින් කටයුතු කිරීම නිසා බොහෝ පුද්ගලයන් තමන් සමග විරසකවීමක් ඇතිවීමේ ඉඩකඩ පැවති. ඉක්මන් කෝපය හේතුකොට ගෙන ඔබගේ වචන භාවිතය නිසා තව කෙනකුගේ සිත රිදෙන්නට කරුණු කාරණා යෙදේ.

අනුන්ට කළ නොහැකි වැඩ කටයුතු තමා කිරීම මගින් තමන්ට කීර්තිය පැසසුම් නොවැම්බර් මාසයේ මුල් සතිය තුළ ලැබීමේ ඉඩ ඉඩකඩ පවතී. ශරීර සෞඛ්‍යයට එතරම් යහපත් කාලසීමාවක් නොවේ. ඉගෙන ගන්නා දරුවන්ට සුවිශේෂ කාලසීමාවකි. බුද්ධිය මෙහෙයවා කරන වැඩකටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. අනෙකා පරයා තමන් නැඟී සිටීමට සිතන කාලසීමාවකි.

මීන ලග්නය
මීන ලග්න හිමි ඔබට පෙර කාලසීමාව ඉතාම පීඩාකාරී තත්ත්වයකින් කටයුතු කළ කාලසීමාවකි. විශේෂයෙන්ම මෙම කාලසීමාව ඔබට හත් අවුරුදු හය මාස ඒරාෂ්ටක තත්ත්වයක් උදාවී ඇති කාලසීමාවකි. තමන්ගේ පුද්ගලයන් හේතුවෙන් කලකිරීම්වලට භාජනය වීමට සිදුවී ඇත. මීන ලග්නයේ ලග්නාධිපති ගුරු පස්වැන්නෙහි ගෝචර වීම මගින් පෙර කාලසීමාවේදී තිබුණු පීඩාකාරී බව විශේෂයෙන්ම අඩුවෙන කාලසීමාවකි. පෙර කාලසීමාවේ නතර කර තිබූ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට ඉතාමත්ම ශුභ කාලයකි. පෙරදාට වඩා ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය වගේම අනාගත බලාපොරොත්තුව ද නැවත ලැබෙන කාලසීමාවකි. අත්හැර දමා තිබූ වැඩකටයුතු නැවත ආරම්භ කරන්නට සිතේ. බොහෝ දෙනාගේ උපකාර එයට හිමි වේ. රැකියාවෙහි දියුණුවක් ඇතිවේ. ප්‍රධානීන්ගේ හොඳ හිත ලැබෙන කාලසීමාවකි. ව්‍යාපාර ස්ථානයෙහි සතුරන් වුවද නැවත මිතුරු වේ. සිතේ චිත්ත ධෛර්යය වර්ධනය වේ. සම්මුඛ පරීක්ෂණ තුළදී වඩාත් හොඳින් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව වගේම ආකර්ෂණීයභාවයකින් යුක්තව කටයුතු කිරීමේ හැකියාවක් පවතී. ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන්ට ගනුදෙනු කතා කරන්නට ඉතාමත්ම සුබ කාලසීමාව මෙයයි. තමන්ගේ වචනයට පුද්ගලයන් නම්‍යශීලී වීම ඇතිවේ. ප්‍රේම සම්බන්ධතා ඇත්තන්ට ඉතාමත් සුවිශේෂ කාලසීමාවකි. ශරීරය පෘෂ්ටිමත් වේ. එමෙන්ම තෑගිභෝග ලැබෙන්නට පටන්ගනියි. ඔබගේ ආකර්ෂණීයභාවය වඩාත් වර්ධනය වන කාලසීමාවකි. යහපත් වැඩ සිදුකිරීමේ දී අන් පුද්ගලයන් තමන් වටා එක්රොක් වන්නා වූ කාලසීමාවකි. අයස්ථානයේ ගුරු ගෝචර වීම මගින් දරු සම්පත් බලාපොරොත්තු වූවන්ට දරු සම්පත් ලැබේ. ශරීර සෞඛ්‍යය යහපත් වේ. නිධන්ගත රෝග සොයාගැනීමේ හැකියාව ලැබේ. නිතර ප්‍රීතියෙන් සිටීමට කරුණු කාරණා යෙදීම මගින් තම මනස සුවපත් වේ. ඉගෙන ගන්නා දරුවන්ට සුවිශේෂ කාලසීමාවකි. බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ලැබෙන්නා වූ කාලයකි. උප්පත්තියේදී ගුරු ලග්නයෙහි නම් නායකත්ව ලක්‍ෂණ අධික වීමද කැපීපෙනෙන්නට වැඩ කටයුතු කිරීමට ද කරුණු කාරණා සැලසේ.

මිහිරාජ් සිසිල
ශාස්ත්‍රවේදී (ගෞරව) ජනසන්නිවේදනය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

SendShareShare
Previous Post

සිංහලයේ අන්තිම රජුගේ අගබිසව වීමට අකැමැතිව කොස් බෙණයේ හැංගුණු හීන් කුමාරිය! කොස් ගහ අදටත් නිරුපද්‍රිතව තියෙනවා! Sri Lanka Latest News

Next Post

මහින්ද අපරාදේ යුද්දේ ඉවර කළේ…! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.