රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුළදී පසුගිය 22 වැනිදා එම හෝටලයේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
31 හැවිරිදි සැකකරු, ඝාතනය සිදුකර පළාගොස් සැඟව සිටිය දී රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
කොස් ගෙඩියක් අලෙවි කිරීමට හෝටලයට පැමිණි පුද්ගලයකු එම හෝටලයේ හිමිකරු සමඟ ගණන් හිලව් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබූ බවයි විමර්ශනවලදී අනාවරණය වුණේ.
සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.
dasathalankanews










