කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට ලක් කිරීමෙන් තොරව නිදහස් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට වූ විශේෂ කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව අද සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බාර දෙන ලදී.Sri Lanka Latest News
මෙසේ නිසි පටිපාටිය අනුගමනය නොකර රතු ලේබල් ඇලවූ බහලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම් විසින් පරීක්‍ෂණ කමිටුවක්
පත් කරන ලද අතර එම කමිටුව විසින් සිය වාර්තාවට අදාළ කරුණ පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය නීතියට පටහැනි බවත් නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට, ආදායම් එකතු කිරීමට සහ මහජන ආරක්ෂාව විෂයෙහි බරපතල අවදානමක් ඇති කර තිබෙන නිසා මෙහි දී මත්ද්‍රව්‍ය, ආයුධ, වෙනත් තහනම් ද්‍රව්‍ය නිදහස් වී ඇති බවට චෝදනා ද එල්ල වන නිසා මේවා ජාතික වශයෙන් වැදගත් කරුණු බැවින් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මෙහි දී ඉල්ලා තිබේ.
මේ අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, ඩී. වී චානක, ජේ. සී. අලවතුර, කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් එක්විය.










