තම නිවසේ වහලය මත සූර්ය පැනල බලශක්ති පද්ධතියක් සවිකොට මේ වනවිට මාස 6ක් පමණ ගතවී ඇති නමුත් මෙතෙක් ඊට සම්බන්ධතාව ලබා දී නොමැති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.
මේ හේතුවෙන් මාස 6ක් තිස්සේ එම පැනලය වහල මත වේලෙමින් පවතින බව කී ඒ මහතා විදුලි බල මණ්ඩලයේ සිටින ඇතැමුන් වැඩි මිලට විදුලිය ලබා ගැනීමේ අවශ්‍යතාව මත මෙවැනි දෑ සිදු කරන බවද සදහන් කර සිටියේය.
මෙවැනි දූෂිතයන් සිටින තෙක් රට ගොඩනැගිය නොහැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.










