ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානය සමඟ පවතින ගැටුම නතර කිරීමට ගනුදෙනු කරන්නේ කා සමඟද යන්න පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් (Axios, Channel 12) කරුණු අනාවරණය කර තිබේ.Sri Lanka Latest News
ඇමරිකාව සමඟ සෘජුව ගනුදෙනු කරන්නේ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් බව වාර්තා වේ. ට්‍රම්ප් මහතා මීට පෙර සඳහන් කළ “ඉරානයේ වඩාත් ගෞරවනීය නායකයා” මොහු බව දැන් විශ්වාස කෙරේ.
මෙම සතිය අගදී පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී දෙපාර්ශවය අතර තීරණාත්මක හමුවක් පැවැත්වීමට මැදිහත්කරුවන් උත්සාහ කරමින් සිටියි.
මෙම හමුවට ඇමරිකාව නියෝජනය කරමින් ස්ටීවන් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර්ට අමතරව, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) පවා සහභාගී වීමට ඉඩ ඇති බව පැවසේ.
මූලාශ්‍ර : Axios / The Jerusalem Times / Israeli Channel 12
දිනය: 2026 මාර්තු 24










