පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ.එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 11 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. Sri Lanka Latest News
අදාළ කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (21) යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එදිනට පෙර මෙම සිද්ධියට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කර ඇත.










