ඊයේ 09 දින කහතුඩුව පොලිස් වසමේ කහතුඩුව අධිවේගී පිටවීම අසල ප්‍රධාන මාර්ගය අසලදී කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිකුතු 41 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ නැමැති කාන්තාවගේ සමීපතමයකු ලෙස සැලකෙන එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා (අවු. 47) නැමැති අය විසින් එම කාන්තාව ඝාතනය කර එදිනම විදේශගතවීමට උත්සාහ කිරීමේදී ගුවන්තොටුපොල පොලිස් ස්ථානය නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි යන අයගේ වැඩිමහල් සහෝදරයා වේ.
වහාම ක්‍රියාත්මක වු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරණු වාර්තා කර සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ගෙන ගුවන්තොටුපොල නිළධාරීන් දැනුවත් කර ඇත










