මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර තිබුනද, සමාගම් හතරක් එම නියෝගය පිළි නොපදින බව දැනගන්නට ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරකසභාව තහවුරුකරගෙන තිබේ. (Sri Lanka Latest News)
එමෙන්ම ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම්, සැබෑ ස්ටිකරය වෙනුවට, ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් වෙළද පොළට නිකුත් කරන බවද එකී කාරක සභාව සොයාගෙන තිබේ.
වඩාත්ම පුදුමසහගකරුණ නම්, ව්‍යාජ ස්ටිකර් හදුනා ගැනීම සදහා අවශ්‍ය උපකරණ දෙසීයක්, පසුගිය මාර්තු මාසයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවට සපයා ඇතත්, මේ දක්වා ඒ එකදු උපරණයක් හෝ භාවිතයට ගෙන නැති බව දැනගන්නට ලැබීමයි.
ඊට අමතරව, මත්පැන් නිෂ්පාදක සමාගම් මේ දක්වා නොගෙවා පැහැරහැර තිබෙන රුපියල් බිලියන හතකට ආසන්න සුරා බදු ප්‍රමාණය අයකර ගැනීමට අදාල වැඩපිළිවෙළක් අගෝස්තු මාසයේ තිස් එක්වන දා ට පෙර සකස් කරන ලෙස ද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
headlinenews










