• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරිනිගේ හදිසිය හෙවත් මාලිමා ආණ්ඩුවේ සැඟවුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ! Sri Lanka Latest

December 28, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙය ඓතිහාසික පාවාදීමකි
නෙල්සන් මැන්ඩෙලා ලොව ප්‍රකටව සිටියේ, පැහැදිලි ඔපදැමූ දැක්මක් සහිත නායකයෙක් හැටියටය. අපේ රට පුනරුද ප්‍රතිසංස්කරණ සහිත නව පරිවර්තනයකට රැගෙන යන්නේමැයි, දසඅතේ පොරොන්දු දුන් මාලිමා නායකයන්ටද මැන්ඩෙලාගෙන් ලද හැකි පාඩම් බොහෝ ඇත. විශේෂයෙන් රටක අධ්‍යාපනය පිළිබඳ ඔහුගේ දැක්ම ලංකාවේ අපට පමණක් නොව ලෝකයේම අවධානයට ලක් වූ දෙයකි.Sri Lanka Latest News

නෙල්සන් මැන්ඩෙලා තිර ලෙසම පවසා සිටියේ, ‘ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිත කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය’ බවයි. දශක හතකට වැඩි ඉතිහාසයක් තිස්සේ, ශ්‍රී ලාංකිකයන් ලෙස අප ආසියාවේ වඩාත්ම සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් සහිත රටක් බව ලෝකය හමුවේ මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටියෙමු. අපේ රටේ පුරවැසියන් ලද ජයග්‍රහණයක් වූ ‘නිදහස් අධ්‍යාපනය’ හුදු ප්‍රතිපත්තියක් පමණක් නොව, එය සමාජ සම්මුතියක් ලෙස පැවැති මිනිස් පොරොන්දුවකි. එමෙන්ම තවත් අතකින් එය අධ්‍යාපනය ලැබීමේ අයිතියට ගරුකරන ශක්තිමත් සමාජ ගිවිසුමක්ද විය. කිසිසේත්ම එම අයිතිය මවුපියන්ගේ හෝ වැඩිහිටියන්ගේ ධන බලය, සමාජ බලය හෝ වෙනයම් සාධකයක් මත තීන්දු වියයුතු, කිසිදු දරුවකුට අනාගතය අහිමි නොකළ යුතු බවට වූ පොදු සමාජ සම්මත විශ්වාසයක් විය.

එහෙත් කනගාටුවට කරුණ වන්නේ, මේ වනවිට එම සමාජ සම්මුතිය නමට පමණක් සීමාවූ පුරුද්දක් ලෙස පවත්වාගෙන යනු ලබන ප්‍රබන්ධයක් බවට පත්ව තිබීමයි. අපේ රටේ පාසල් වියේ පසුවන දරුවන් සිටින සෑම පවුලක්ම වසරකට පෞද්ගලික උපකාරක පන්ති සඳහා බිලියන ගණනක් වියදම් කිරීමට සිදුව ඇත. එයට හේතුව වන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන පොදු අධ්‍යාපන පද්ධතිය තුළින් සිසුන්ට සාර්ථක වීමට අවශ්‍ය ශිල්ප හැදෑරීමේ මෙවලම් තවදුරටත් ඵලදායීව සම්පාදනය නොකරන නිසාවෙනි. ඒ හේතුවෙන් වර්තමානයේ දරුවන් සිටින සෑම නිවසකම පාහේ අධ්‍යාපනය ඔවුන්ගේ මූලික අවශ්‍යතාවක් ලෙස නොව, එය අධික මිලක් ගෙවා ලබාගත යුතු තරගකාරී පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව ඇත.

අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තාර්කික, විනිවිද පෙනෙන, ජාතික වශයෙන් මුල් බැසගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බරපතළ ලෙස ඉල්ලා සිටින බවට විසංවාදයක් නැත. එම සමාජ අවශ්‍යතාවට මුවාවී ඊට හාත්පස වෙනස් රහසිගත ප්‍රතිසංස්කරණ මාලාවක් රැගෙන ඒමට මාලිමා ආණ්ඩුව රහසේ සූදානම් වෙමින් සිටී.
මෙම ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමාණවත් සමාජ සංවාදයක් නැත. එමෙන්ම පැහැදිලි දැක්මක් සහිත, පිළිගත හැකි ධවල පත්‍රිකාවක් නැත. එපමණක් නොව මේ සඳහා ගුරුවරුන්ගේ හෝ මහජනතාවගේ හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියතුන්ගේ විශ්වාසය දිනාගෙන නොමැත. හොර රහසේ නිර්මාණය කරන ලද රහසිගත අධ්‍යාපන පරිවර්තනයකට හරිනි අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු ආණ්ඩුව සීරුමාරුවෙන් සූදානම් වෙමින් ඇත.

ඇත්ත වශයෙන්ම මෙය අනාගතවාදී දැක්මක් සහිත ප්‍රතිසංස්කරණයක් නොවේ. මෙය අපේ රටේ 46 ලක්ෂයක් පාසල් දරුවන්ගේ අනාගතයට එරෙහිව සිදුවන රහසිගත ඓතිහාසික පාවාදීමකි.

මාලිමාවේ බොරුව අතේ පත්තුවෙන 2026 අයවැය
බලයට පත්වීමට පෙර, ඔවුන් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කරන බව ජාතියට පොරොන්දු විය. එම සටනට පුරෝගාමී වූ හරිනි අගමැතිවරිය ඇතුළු මාලිමා මන්ත්‍රීවරු 30කට ආසන්න පිරිසක් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. එකල එම සටන සහ පොරොන්දුව, ගෝලීය ප්‍රමිතීන් ප්‍රතිරාවය කරමින්, බලාපොරොත්තු බලමුළු ගැන්වීම සඳහා භාවිත කරන ලද ප්‍රබල දේශපාලන සටන් පාඨයක් බවට පත්ව තිබිණි.

එහෙත් රාජ්‍ය බලය ලබාගත් පසු සිදුවූයේ කුමක්ද? අවම වශයෙන් රාජ්‍ය වියදම් ප්‍රසාරණය වූ අනුපාතයටවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් වැඩි කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත.
අධ්‍යාපනය සඳහා මුදල් වෙන්කිරීම 2024දී 8.89% ක් වූ ප්‍රතිශතය 2025දී 8.62%ට අඩුවී ඇත. 2026දී එය 7.91% දක්වා තවත් අඩුකිරීමට අනුර කුමාර මුදල් ඇමැතිවරයා කටයුතු කර ඇත.

ඔවුන් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් වෙන්කළා යනුවෙන් ඉතිහාසයේ වැඩිම අගය ලෙස උදම් අනයි. එහෙත් ලංකාව 2% මට්ටමේ හිටියේ වසර 10කටත් පෙර 2015දී පමණ සිටය. පසු ගිය වසරේද දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.9%ක් වෙන් කර ඇත. මෙවර එය යාන්තමින් දශමයක් වැඩිකිරීම උදම් ඇනීමට කරුණක් නොවෙයි. එනම් 1.9% ඉඳලා 2%ට යද්දී 69%ක වර්ධනයක් කියලා බොරු කීම ඔහුගේ ජනාධිපතිකමටද ලැජ්ජාවකි. දැන් දිට්වා සුළි කුණාටු ආපදාව හේතුවෙන් මෙම ඉලක්කම් තවදුරටත් බරපතළ ලෙස වෙනස් වීමට නියමිතව ඇත.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වීදි බැස පෙළපාළි ගිය රජයක් දැන් තම ජාතික කැපවීම පෙන්නුම් කරන්නේ එලෙසිනි. මෙම පරස්පරතාව විස්මයජනකයි. කුහකකම ඓතිහාසිකයි.
අනෙක් අතට ඊටත් වඩා බියජනක කරුණ වන්නේ, 2025 වසර සඳහා අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් මේ දක්වා වියදම් කර ඇත්තේ 24%ක් පමණක් වන නිසයි.

මහජන විශ්වාසයක් හෝ කැමැත්තක් නැති රහස් ප්‍රතිසංස්කරණ
ෆින්ලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය, එස්තෝනියාව වැනි රටවල් තම අධ්‍යාපන ක්‍රමය සාර්ථකව ප්‍රතිසංස්කරණය කළේ මහජන සම්මුතිය මත පදනම් වූ, සාක්ෂි මුල්කර ගත්, ඉතාමත් විනිවිද පෙනෙන තම රටට අනන්‍ය වූ ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රියාවලියක් හරහාය. එහෙත් ශ්‍රී ලංකාව මොකද කළේ?
අපේ රටේ දරුවන්ගේ අනාගතය උදෙසා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා, පැහැදිලි ධවල පත්‍රිකාවක් නොමැත. ඒ සඳහා පාර්ලිමේන්තුවේ දියුණු විවාදයක් නොමැත. විද්වත් විෂය ප්‍රාමාණික කමිටු වාර්තා දක්නට නැත. මේ වෙනුවෙන් විධිමත් ශාස්ත්‍රීය සමාලෝචනයක් නැත. අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු මහජන උපදේශන එහි නැත. වෘත්තීයවේදීන්ගේ පාසල් ගුරුවරුන්ගේ කාර්යක්ෂම සහභාගිත්වයක් නැත.

ඒ වෙනුවට ඇමැතිවරිය සතුව පවා ඇත්තේ පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමක් පමණි. ඇය විසින් හඳුනන පුද්ගලයන් විසින් සකස් කරන ලද, නොදන්නා සාක්ෂි මත පදනම්වූ ඒ පවර්පොයින්ට් ලියවිල්ල තෝරාගත් නිලධාරීන් අතළොස්සකට පෙන්වමින් සිටී.

එය රහසිගත එකක් පමණක් නොව රටේ වැදගත් කිසිවෙක් තබා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා කිසිවක් දන්නේ නැත. එනම් කවුද මෙය කෙටුම්පත් කළේ? කුමන කමිටුවක් විසින් එය අනුමත කළාද? කුමන පර්යේෂණය එයට සහාය වුවාද, සහ ඒ දත්ත මොනවාද? කුමන ආකාරයේ ජාත්‍යන්තර හවුල්කරුවන් එයට බලපෑම් කළාද?. යන වැදගත් කරුණු අතිශය රහස් ලෙස මාලිමා බලධාරීන් ආරක්ෂා කරමින් සිටී.

අන්ධකාර ප්‍රතිසංස්කරණවලින් අඳුරු වන අනාගතය
අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ යෝජිත ප්‍රතිසංස්කරණ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් නිවැරදි ක්‍රමවේදයක් බව ආණ්ඩුව පවසයි. එහෙත් එයට අදාළ සංවාදයෙන් ගුරුවරුන්, ශාස්ත්‍රඥයන්, මවුපියන්, සිසුන් සහ සිවිල් සමාජය විතැන් කර ඇත. ඒ වගේම එහි තිබිය යුතු ධවල පත්‍රිකා, කමිටු වාර්තා, නියමු ව්‍යාපෘති සහ, අනෙකුත් සංශෝධනයන් වෙනුවෙන් අවැසි ප්‍රමාණවත් කාලයක් නැත. එළඹෙන ජනවාරි මාසයේ සිට එකී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස පාසල් බලධාරීන්ට ආණ්ඩුව චක්‍රලේඛ සපයමින් උපදෙස් දී ඇත.
මෙලෙස ආණ්ඩුව පවතින පශ්චාත් කුණාටු ආපදා තත්ත්වය හමුවේ පවා, ඉතාමත් සීරුමාරුවට ප්‍රවේශමෙන්, සහ රහසිගතව විධිමත් මහජන සහභාගිත්වයකින් තොරව සිදුකරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් අවිනිශ්චිතතාවයක් සහ විශාල ප්‍රතිරෝධයක් ඇති වීමට නියමිතය. ගුරු වෘත්තීය සමිති දැනටමත් අනතුරු අඟවා සිටින්නේ මෙම ක්‍රියාවලියට එරෙහිව ජනවාරි මාසයේ සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ අනුව, ගුරුවරුන්ට මෙම ප්‍රතිසංස්කරණ මගහැරුණු බවක් දැනේ. විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය අවකාශය පසෙකට වී ඇති බවක් දැනේ. සදාචාරාත්මක අධිකාරිය උසුලන ආගමික සහ ප්‍රජා නායකයන් අනතුරු ඇඟවීම් මතු කරයි. මෙහි ප්‍රතිඵලය වන්නේ යෝජිත වෙනස ජාතික සංවාදයකට වඩා ක්‍රියාකාරීන් අතළොස්සක් විසින් මෙහෙයවනු ලබන කුමන්ත්‍රණයක් බවට වූ හැඟීමක් ඇති කිරීමයි.

මේ සමස්තය තුළ පෙනී යන්නේ, විවෘතභාවය ඉල්ලා සිටි රැඩිකල් ව්‍යාපාරයක්, දැන් පාරාන්ධතාවයේ ගිලී ඇති බවට විශාල සැකයක් සමාජයේ මතුවෙමින් පවතින බවයි.
විකල්ප නොමැතිව විවේචනය කිරීම ඉතා පහසුය. එබැවින් පහත පියවරයන් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවනු ඇතැයි සිතමු. ඒවා ගලෙහි කැටයම් කළ බෙහෙත් වට්ටෝරුවක් නොව, විශ්වාසය සහ ප්‍රතිඵල යන දෙකම යථා තත්ත්වයට පත්කිරීම සඳහා මාර්ග සිතියමකි.

යෝජිත ප්‍රතිසංස්කරණවලට අදාළ සම්පූර්ණ විධිමත් ධවල පත්‍රිකාව සහ ඊට අදාළ මූල්‍ය සැලැස්ම ප්‍රකාශයට පත්කරන්න. එහි කතුවරුන්, සාක්ෂි සහ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව හෙළි කරන්න. මහජනතාවට එම සිතියම දැකීමට සහ විමසීමට ඉඩ දෙන්න.

අරමුදල් වෙන්කිරීමේදී බලයට ඒමට පෙර පොරොන්දු වූ විශ්වසනීයත්වය තහවුරු කිරීමට නැවත කැප වන්න. 6%ක ඉලක්කසහගත අභිලාෂය කරා යන අරමුදල් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විනිවිද පෙනෙන සැලැස්මක් සකසන්න. නැතහොත් පැහැදිලි දත්ත සහිත සාධාරණ විකල්පයක් ප්‍රකාශ කරන්න. වෙන් කරන ලද අරමුදල් භාවිතයට නොගෙන සිටීමට ඉඩ නොදෙන්න. පසුගිය වර්ෂයේ වියදම් අවප්‍රමාණය ගැන විධිමත් විගණනය කර ඉලක්ක වෙත ළඟා වීමට තිබූ බාධක නිවැරදි කරන්න.
ගුරු සහායට ප්‍රමුඛත්වය දෙන්න. පූර්ව ගුරු සේවා පුහුණුව, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සහ සාධාරණ සුබසාධන, සේවා කොන්දේසි, සඳහා ආයෝජනය කරන්න. අධ්‍යාපනයේදී ගුරුවරුන් යනු ගුණාත්මකභාවයේ විශාලතම සාධකය බව තහවුරු කරන්න.

නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් ප්‍රදේශයක හෝ දිස්ත්‍රික්කයක ප්‍රතිසංස්කරණ පරීක්ෂා කිරීම, ප්‍රතිඵල මැනීම, වෙනුවෙන් වෝහාරික සුපරීක්ෂණයක් සිදු කරන්න. එමෙන්ම අදාළ තොරතුරු සහ සාක්ෂි ලබා ගැනීමට පෙර රට පුරා ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න.

උපකාරක පන්ති මත යැපීම මැඬපැවැත්වීමට රාජ්‍ය පාසල් පද්ධතිය තුළ, පාසලෙන් පසු ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් නිර්මාණය කරන්න. ආවරණ සහ ප්‍රතිකර්ම ඉගැන්වීම් ක්‍රමවේදයක් ශක්තිමත් තුළින්, ඇතැම් අවාසිසහගත දුෂ්කර දිස්ත්‍රික්ක වෙත අවධානය යොමුකරන්න.

පක්ෂග්‍රාහී නොවන ස්වාධීන අධ්‍යාපන අධීක්ෂණ ආයතනයක් ස්ථාපිත කරන්න. ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම සඳහා ගුරුවරුන්, ශාස්ත්‍රඥයන්, මවුපියන් සහ ස්වාධීන විශේෂඥයින්ගෙන් සමන්විත කොමිසමක් වැනි ආකෘතියක් මේ සඳහා සුදුසු විය හැකිය.

මෙම පියවර සංකීර්ණ හෝ මිල අධික ඒවා නොවේ. එහෙත් ඒවාට දේශපාලන කැමැත්ත වැය වේ. මෙවැනි සුළු විනිවිදභාවයක් සහ ස්ථාවර අරමුදල් සැපයීමක් විසින් ඕනෑම සටන් පාඨයකට වඩා මහජන විශ්වාසය සඳහා වැඩි යමක් අත්පත් කරගත හැකිය.

ජාතියේ අනාගතය වෙනුවෙන් සිදුකරන ප්‍රගතිශීලී අවධාරණයක්
නෙල්සන් මැන්ඩෙලා අවධාරණය කළ පරිදිම අධ්‍යාපනය පරිවර්තනය සඳහා ආයුධයක් බවට විය යුතුය. අධ්‍යාපනය පිළිබඳ සත්‍යය සරල මෙන්ම ගැඹුරුය. එයට කාලය, සැලකිල්ල සහ විශ්වාසවන්තභාවය අවශ්‍ය වේ. එහෙත් කිසිවකුට විශ්වාසය වේගවත් කළ නොහැකි අතර, ඉලක්කම්ද සැබෑ ඉගෙනීමක් බවට පත්කළ නොහැක. අපට ජාතියක් හැටියට කුතුහලයෙන්, හැකියාවන්ගෙන් සපිරි දයානුකම්පිත පරම්පරාවක් අවශ්‍ය නම්, අපගේ ප්‍රතිපත්ති තුළින් එම ඉවසිලිවන්ත අභිලාෂය පිළිබිඹු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ හතළිස් හය ලක්ෂයක් වූ සිසු දරුවන්ට පවර්පොයින්ට් සහ හුදකලා ප්‍රකාශවලට වඩා වැඩි බරක් සහිත අධ්‍යාපන පරිවර්තනයක් හිමිවිය යුතුය. ඒ සඳහා සෑම පුරවැසියකුටම කියවා බැලිය හැකි විධිමත්ව ලියා සකස්කළ ඇති සැලැස්මක්, සාධාරණ හා භාවිතා කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන, ගෞරවයට පාත්‍ර වූ සහ සම්පත් අතින් පොහොසත් ගුරුවරුන්, සහ විවෘත, තර්කානුකූල සහ කාරුණිකව දැඩි වූ පොදු සංවාදයක් ඔවුන්ට ලැබිය යුතුයි.

අධ්‍යාපනයේ ඉදිරි මාවත හුදු තනි පුද්ගල හෝ සැඟවුණු කීපදෙනකුගේ රංගනයක් වියයුතු නැත. එය ස්ථාවර, අවංක සහ මානුෂීය එකක් විය යුතුය. එවැනි පරිවර්තනයක් වඩාත් ප්‍රගතිශීලී මෙන්ම ප්‍රායෝගික වන අතර එය ඉතාමත් සදාචාරාත්මක මාර්ගයද වේ.

විජේපාල දිසානායක
wijepaladissanayake@gmail’com

SendShareShare
Previous Post

සජිත් කියනවා! අනුර කරනවා! සජිත් The transformer! Sri Lanka Latest News

Next Post

ලබන අවුරුද්දේ කන්ටේනර් 323 විගණනය වෙනවා! ක්ලීන් ශ්‍රී ලංකා විගණනය වෙනවා! විදේශ ආධාර පාවිච්චි කරපු විදිහ විගණනය වෙනවා! මේවා වහගන්නද අනුර ජනවාරි වෙනකන් විගණකාධිපතිවරයෙක් පත් නොකර ඉන්නේ..? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.