පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා සමග වෙඩික්කරු වට්ස්ඇප් හරහා සම්බන්ධවී ඇති බවට පොලීසිය මේ වනවිට කරුණු අනාවරණ කරගෙන තිබේ.Sri Lanka Latest News
එහිදී කමන්ඩෝ සලින්ත පවසා ඇත්තේ ”ඔයා වැඩේ කරන්න. එළියේ ඔක්කොම හරි. බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව” ලෙසයි.
වෙඩික්කරු ඊට ප්‍රතිචාර දක්වමින් විමසා ඇත්තේ ”ඇතුළේ අවුලක් නැද්ද? මම ඇතුළේ” යනුවෙන්.
”නෑ ගහන්න, සෙට් වෙනවද? ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි” යනුවෙන් කමාන්ඩෝ සලින්ත පවසා තිබේ.
එහිදී වෙඩික්කරු ”පොලිස්කාරයෝ ටික?” යනුවෙන් විමසා තිබේ.
පෙරවරු 9.48ට කමන්ඩෝ සලින්ත ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ ”ඔක්කොම හරි. ඔයා ගහන්න” යනුවෙන්ය.
අනතුරුව පෙරවරු 9.54ට වෙඩික්කරු කමාන්ඩෝ සලින්තට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
පසුව ඔහු ‘‘අරූ මැරිලාද?” යනුවෙන් විමසා තිබේ.
”මැරිලා” යනුවෙන් ඊට කමාන්ඩෝ සලින්ද ප්‍රතිචාර දක්වා ඇත.
”නියමයි” යනුවෙන් වෙඩික්කරු ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව කමාන්ඩෝ සලින්ද ප්‍රතිචාර දක්වා ඇත්තේ ”උඹ මගේ පණ” යනුවෙන්.
”අනේ මොනාද අයියේ මේ කතා ? ඔයා මට කන්න බොන්න දීලා තාත්තා කෙනෙක්ටත් වඩා පරිස්සම් කළා. ඉතින් ඔයා මගේ පණ අයියේ.
නංගි එතන තාම. මං ආවා” යනුවෙන් වෙඩික්කරු ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව පසුගිය 19වනදා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණි.











