මධ්‍යම පළාත් සභා මාර්ගස්ථ මගී සේවා අධිකාරියේ සභාපති ලංකේශ්වර මහතා අද 15 පෙරවරුවේ සිය ධූරයෙන් හදිසියේ ඉල්ලා අස්වී තිබේ. Sri Lanka Latest News
අද පෙරවරුවේ පල්ලෙකැලේ ප්‍රවාහන අධිකාරියේ පිහිටි ඔහුගේ කාර්‍ය්ලයට සමාන්‍යාධිකාරිවරයා ඇතුළු කාර්‍ය මණ්ඩලය කැඳවා සිය ඉල්ලා අස්වීම දැනුම් දී ඇති අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.අබේකෝන් මහතා වෙත සිය තීරණය දැනුම් දුන් බව පවසා ඇත.
මෙම ඉල්ලා අස්වීම පිළිබඳව විමසීමේදී මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ උසස් නිළධාරියෙකු සදහන් කළේ සභාපති වරයා ඉල්ලා අස්වීම පිළිබඳව කිසිදු හේතුවක් මේ දක්වා දන්වා නොමැති බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් බව පමණක් සභාපති වරයා අධිකාරියේ නිළධාරින් හට දැනුම් දුන් බවයි.
වත්මන් රජය පත් වීමෙන් පසු පත් කරන ලද මෙම සභාපති වරයා විශ්‍රාමික පොලිස් නිළධාරියෙකු වන අතර ඔහුගේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මගී ප්‍රවාහන අධිකාරියේ යම් නොසන්සුන් තාවයක් තිබූ බව අවස්ථා ගණනාවකදී මාධ්‍ය වාර්තා කර තිබුණි .










