ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අප්‍රමාණ දුක් විඳිද්දී ආණ්ඩුව ඇමති තනතුරු බෙදා ගැනීමට පොර කමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉදිරියේදී විදුලි බිද එන විට මේ රටේ ජනතාවගේ සර්වාංගයේ වෙව්ලන්නට පටන් ගන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා අහස උසට නැගි ජීවන වියදමෙන් ජනතාව දැනටමත් පෙළෙමින් සිටින බව ද පැවසීය.
රටේ සිදුවන කාරණා දෙස බලන විට අවස්ථාවාදී දේශපාලනය දීලා හොඳ හැටි පැහැදිලි වන බව පැවසූ විපක්ෂ නායකතුමා මෙවැනි සුදු වලට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය කිසිවිටෙක සම්බන්ධ නොවන බවද පැවසීය.
සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (04) පැවැත්විණි.විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එම රැස්වීම සංවිධානය කොට තිබුණේ එහි ප්‍රධාන ආසන සංවිධායක,නීතිඥ කමල් ජයන්ත සොයිසා මහතා විසිනි.
නෙරපා හැරි හිටපු ජනාධිපතිවරයාව නැවත මෙරටට පැමිණි බවත්, එය එසේ සිදුවෙද්දී අරගලයට සම්බන්ධ වූ තරුණ පිරිස් වෙත ආණ්ඩුව සිය ප්‍රචණ්ඩත්වය යොමු කරමින් ඔවුන්ව මර්දනය කරමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
https://www.youtube.com/watch?v=GG1_scUmFls
















