මේ වනවිටත් පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයද කල් දැමීමට කූඨ උපක්‍රම සකස් කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්නේ ‘මැතිවරණ ක්‍රමය වෙනස් කරමු’ යන මාතෘකාව මුල් කරගෙන ආණ්ඩුව මෙම සැලසුම දියත් කිරීමට සූදානමින් සිටින බවකි.
ආණ්ඩුව මේ සූදානම් වන්නේ රට නැවතත් අන්ධකාර අතීතයකට රැගෙන යාමට බව සිය නිවේදනයෙන් පෙන්වා දෙන විපක්ෂනායකවරයා ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවද සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.