පසුගිය සති අන්තයේ ‘ඉරිදා දිවයින’ පුවත්පත තමන් සහ සජබ මන්ත්‍රීවරුන්ගේ ජිනීවා සංචාරය සම්බන්ධයෙන් පළ කර ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත්, ඊට එරෙහිව ලබන බදාදා දිනයේ තමන් සහ හෙක්ටර් අප්පුහාමි මහතා නීති මාර්ගයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
එහි සදහන් සියලු තොරතුරු අසත්‍ය බව කී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ, තම පිරිස සාද නොපැවැත්වූ බවත්, තමන් ආණ්ඩුව ගෙනඒමට යන මාර්ගගත පනත සම්බන්දයෙන් අදහස් දැක්වූ බවත්ය.










