• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටු නොකර මම අඳින ෂර්ට් එකෙයි මගේ බබාගෙ ඇදුම්වල ගානයි හොයහොයා මඩ ගහනවා! I Sri Lanka Latest News

January 20, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටක් ලෙස නවීකරණය විය යුත්තේ ආර්ථිකය ශක්තිමත් කල යුත්තේ සංස්කෘතිය ආගම සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නොවන බව නාමල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය විසින් සංවිධානය කළ තරුණ සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

තවද ආර්ථිකය ශක්තිමත් කිරීමත් නව ලෝකයට ගැළපෙන තරගකාරීත්වයට ගැළපෙන ලෙසට තරුණ තරුණියන් සූදානම් කිරීම බවත් නැතුව මම අදින ශර්ට් එකේ මගෙ බබාගෙ ඇදුම් වල ගාන හොය හොයා මඩගහන එක නොවන බවත් ඔහු පැවසීය. Sri Lanka Latest News

“අපි දේශපාලන බලවේගයක් විදියට අපි විශ්වාස කරන කාරණා කිහිපයක් තියෙනවා.ප්‍රධාන වශයෙන්ම රටක් විදියට අපි ගොඩ නැගෙන්න ඕන.ඒ රටක් විදියට අපි ගොඩ නැගෙනවනම් අපේ අන්‍යනයතාවය අපි ආරක්ෂා කරගන්න ඕන.අපේ කම අපි ආරක්ෂා කරගන්න ඕන.රටක් නවීකරණය වෙනව කියන්නේ ඒ රටේ සංස්කෘතිය ආගම දහම අතාරිනව කියන එක නෙවෙයි. තමන්ගේ අන්‍යනතාවය ආරක්ෂා කර ගනිමින් නූතනත්වය කරා අපි ගමන් කරන්න ඕන.

ඒක නිසා අපි පක්ෂයක් විදියට විශ්වාස කරන්නේ අන්න ඒ නූතනත්වය කරා අපි ගමන් කර යුතුයි .නවීකරණය විය යුතුයි.ඒ හා සමානවම අපේ සංස්කෘතිය ආගම දහම අපි විශ්වාස කරන ආගම දහම
සංස්කෘතිය අපි ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි කියන කාරණය ගැන.ඉතිහාසයේ හැම තිස්සෙම හැම පක්ෂයක්ම තරුණ සංවිධාන තරුණ බලමුළු ගොඩ නගල තියෙන්නෙ දේශපාලනිකව.ඒක තමයි යතාර්ථය.ඒ වගේම අපේ ඉතිහාසයේ හැම අරගලයක්ම හැම සටනකටම නායකත්වය දීල තියෙන්නේ තරුණයන්.ඒක එල්ටීටීඊ ත්‍රස්තවාදය වෙන්න පුළුවන්,ඒ ත්‍රස්තවාදය පරාජය කර රට එක්සේසත් කරන්න වෙන්න පුලුවන්,88,89 කාලය වෙන්න පුළුවන් 83 වෙන්න පුළුවන්.2021/2022 වෙන්නත් පුළුවන්.

මේ හැම කාර්‍යකම තරුණ ගැටලු තරුණ ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන තමයි අරගල ගොඩ නැගෙන්නේ.ඒක ලෝකයේ පොදු කාරණයක්..බංගලාදේශය ගත්තත්,නේපාලය ගත්තත්,ඉන්දුනීසියාව ගත්තත්,මෑත ඉතිහාසයේ අද අපි මේ කතා කරන මොහොතේ ඉරානය වගේ රටවල් ගත්තත් පහුගිය කාලයේ මැද පෙර දිග රටවල් ගත්තත් ඇමෙරිකාවේ ගත්තත් ඒ හැම කාරණයක්ම සිද්ද වෙලා තියේන්නේ තරුණයෝ කේන්ද්‍ර කරගෙන.

ඒ වගේම තමයි හැම අරගලයකම ප්‍රතිඵලයකින් යම් ඵල විපාකයක් දරනවනම් ඒ තුළින් රටක් සමාජයක් ආර්ථිකයක් කඩන් වැටෙනවනම් ඒ කඩන් වැටෙන රටේ සමාජයේ ආර්ථිකයේ විදවන්න වෙන්නෙත් ඒ රටේ තරුණයන්ට කියල අපි අමතක නොකල යුතුය.ඒක ලෝකයේ හැම තැනම පොදු සාධකයක්.ඒ නිසා අපි විශ්වාස කරන්නෙ තරුණයන් මේ රටේ ඊලග පරම්පරාවට සුදානම් කර යුතුය යන කාරණාව.තරුණයා අපි මෙහෙයවනවා නෙවෙයි දේශපාලනිකව තරුණයා මෙහෙය වනවා වෙනුවට දේශපාලන පක්ෂ අනාගතයට සරිලන විදියට සැලැසුම් කරන්න ඕන.අපි ඉතිහාසයේ කර ලොකුම වැරැද්ද තමයි අපි අවුරුදු 5කට ආණ්ඩුවක් අරන් ඒ අවුරුදු පහේ කාල සීමාව කොහොමද ගත කරන්නෙ කියල තමයි හැම ආණ්ඩුවක් ම කල්පනා කරන්නෙ.ඒ හින්ද තමයි අධිවේගී මාර්ග හදනකොට බල්ලො බළල්ලුන්ට පාර මාරු වෙන්න බැහැ කියල මත වාදයක් ගොඩ නැගුනේ..

හැබැයි කණගාටුවට කාරණය නම් අද වෙනකම් මේ කාරණා විවේචනය කිරීමට ඔවුන්ට හැකියාව තිබුණත් මේවායේ ඵල ප්‍රයෝජනය ගන්නා ආකාරය පිළිබඳව අධ්‍යනය කරගන්න තවමත් අපොහොසත් වෙලා තියෙනව.කොළඹ වරාය නගරය හැදුවේ මූල්‍ය නගරයක් විදිහට.හැබැයි තවමත් අපේ ආණ්ඩුවට හැකියාව ලැබිල නෑ ඒ කාරණය අවබෝධ කරගෙන ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ස්ථානගත වෙන්න.කොළඹ වරාය නගරයකට තියෙනඅභියෝගය කොළඹ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය නෙවෙයි.කොළඹ වරාය නගරයට තියෙන අභියෝගය බියගම වෙළෙඳ කලාපය නෙවෙයි,කටුනායක වෙළෙඳ කලාපයත් නෙවෙයි. හම්බන්තොට ආර්ථික කලාපයත් නෙවෙයි.හැබැයි කොළඹ වරාය නගරයට තියෙන අභියෝගය කලාපීය වශයෙන් අපේ කලාපයට තියෙන මූල්‍ය නගර එක්ක කොහොමද අපි ස්ථානගත වෙන්නේ කියන එක.එහෙමනම් කොළඹ වරාය නගරයේ අභියෝගය වරාය නගරයේ තරග කරන්නේ සිංගප්පූරුව එක්ක ඩුබායි එක්ක චීනය එක්ක.එතකොට ඉන්දියාවේ අලුතෙන් ෆයිනෑන්සිල් සිටි එකක් හදලා තියෙනවා.අපි ස්ථානගත වෙන්න ඕන අන්න ඒ නගර එක්ක කොහොමද අපි ඊළඟ රුදු විස්ස තිහ ඇතුළත ලංකාව ස්ථානගත කරන්නේ කොහොමද කියන එක.

ඉතිහාසයේ අපි පහුගිය එක්කෙනාට වඩා අපේ හොඳට කරා කියන එක අදාළ වෙන්නේ නෑ.හැබැයි අද ලෝකේ කොතනද තියෙන්නේ ඒ ලෝකය අපි එක්ක තරග කරන්නේ කවුද අන්න ඒ තරග කරන තරගකරුවට වඩා ඉදිරියට අපි කොහොමද යන්නේ කියන එක අපිට තියෙන අභියෝගය.එහෙම නැතුව ඉතිහාසයේ අපි අච්චර කරා මෙච්චර කරා අදාළ වෙන්නෙ නෑ අනාගතයේදී.ඒ හින්දා අපි පැහැදිලිව විශ්වාස කරනවා ලෝකයේ නවීන ප්‍රවණතාවයන් එක්ක අපි යා යුතුයි.ලෝකය නවීන ප්‍රවණතාවයන් එක්ක අපි යනකොට අපේ සමහරු හිතනවා සංස්කෘතික වශයෙන් යන ප්‍රවණතාවයන් කියලා.නෑ අපේ හැම රටක්ම තමන්ගේ සංස්කෘතිය ආගම දහම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්නේ.හැබැයි ලෝකයේ ආර්ථික රටාව ඇතුලේ භූගෝලියව සිදුවන වෙනස්කම් ඇතුළුව අද ලෝකයේ කොතනද ස්ථානගත වෙන්නේ.කලාපයේ අපට පෙර හිටපුු මිතුරෙක්ව අපි කොහොමද ගනුදෙනු කරන්නේ වගේම අලුත් වෙළඳ ගිවිසුම් වලට බහු පාර්ශ්වික දීපාර්ශ්වීය ගිවිසුම් වලට කොහොමද අපි යන්නේ, කොහොමද,ඒවා තුළින් රැකියා උත්පාදනය කරන්නේ. අසීමිත බදුබර තුළ අලුත් රැකියා උත්පාදනය වෙන්නේ නැහැ .අනවශ්‍ය රෙගුලාසි නීති රීති හඳුන්වාදීම තුළින් රටකට ආයෝජකයෝ එන්නෙත් නැහැ.ඒක අපි පහුගිය අවුරුදු පහේ දහයෙ හොඳාකාරවම දැක්කා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාපු සමහර ආයෝජන පිළිබඳව දැඩි විවේචනයක් තිබ්බා.ඒ විවේචනය හරහා එවැනි ආයතන නැවතත් ගෙනෙන්නැතිවෙන්න නීති ගේන්න උත්සාහ කළා.ඒකේ අනිත් විපාකෙ මොකක්ද ඊට පස්සේ අද වෙනකන් ලංකාවට ආයෝජකයෝ ආවේ නැහැ.

වරාය හදපු කෙනාට බනිනවා. හැබැයි වරායේ කළමකලමනාකරණය කරගන්න බැරිවුන මිනිහා හොඳ වෙලා හදපු කෙනා වැරදිකාරය වෙලා.ගුවන්තොටුපල හදපු කෙනා වැරදිකාරයා කරනවා වී ගබඩා කරපු කෙනා හරි වෙලා.හයිවේ එක හදපු කෙනා වැරදිකාරය වෙලා හයිවේ එකේ ඊලඟ කිලෝමීටර් 37 ක් හදාගන්න බැරුව අවුරුදු දහයක් දඟලපු කෙනා හොඳ වෙලා.කිලෝමීටර් 250ක් හදපු කෙනා වැරදිකාරය වෙනකොට 37 ක් හදාගන්න බැරිවෙච්ච රටේ ආණ්ඩු හොඳ ආණ්ඩු වෙලා.ඒ තැනට ජන මනස වෙනස් කරන්න සමහරුන්ගේ උපක්‍රමශීලී වැඩපිළිවෙළක් තියෙනවා.ලෝකයේ භූගෝලීය දේශපාලන ඇතුලේ සමහර රටවලට රටේ සංවර්ධනය දරාගන්න බෑ.ඒක තමයි යථාර්ථය ලෝකයේ කලාපීය රටක් විදියට අපි ගොඩනැගෙන කොට ඒ කලාපීය රටේ ඒ කලාපය ඇතුළත වගේම ලෝකයේ අපි ස්වාධීනව අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන එක්සත් ජාතීන්ගේ වෙන්න පුළුවන් මානව හිමිකම් එකේ වෙන්න පුළුවන් අපි හිටගන්න කොට සාක් සමුළුවෙ වෙන්න පුළුවන්. අපි හිටගන්නකොට ඒ කාරණා පිළිබඳව වපරැහින් බලන භූගෝලීය දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා.මේ සියලු කාරණා වලට අපි මුහුණ දෙන්න ඕනෙ.

ඔබ තරුණ පිරිසක් විදියට ඔබ අපේක්ෂා කරන රට ගොඩනගන්න ඔබ විශ්වාස කරන රට ගොඩනගන්න.මේ හැම කාරණයක් ඇතුලෙම අපේ රටට ගැලපෙන සහ අපිට හරියන කාරණයට අවධානය යොමු කරගත යුතුයි.එය අද කළ යුතු දේ හෙට කරලා හරියන්නෙ නැහැ.ඒ හින්දා තමයි අපි හැමදාමත් පාර්ලිමේන්තුවේ කියන්නේ ඩිජිටල් පරිවර්තනය මේ ආණ්ඩුවෙන් කළ යුතුමයි.අද තියෙන ඩිජිටල් තාක්ෂණය නෙවෙයි විස්සයි තිහේ තියෙන්නේ.යම්කිසි කෙනෙක් කියනවා නම් අපි විස්සයි තිහේ ආණ්ඩු කරනවා කියලා නෑ එදාට වෙනත් තාක්ෂණයක් තමයි එන්නේ.අද තියෙන ජංගම දුරකථනයේ මාදිලිය නෙවෙයි තව මාස හයකින් තියෙන්නේ.අද අපි ලෝකයේ නිර්මාණශීලී ආර්ථිකයකට යන්න ඕන. ඒ අවකාශය දිනෙන් දෙන ව්‍යාප්ත වෙනවා ලෝකයේත් අපේ රට ඇතුලෙත්.මේ අවකාශය ඇතුලේ ආදායම් උත්පාදනය කරන තරුණ පරම්පරාවක් අපි බිහිකරන්නේේ කොහොමද ඒ අවකාශය ඇතුළේ ව්‍යවසායකයන් අපි බිහිකරන්නේ කොහොමද රටේ ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් කරන්නේ කොහොමද පාසලේ දරුවා ව්‍යවසායකයෙක් බවට අපි පත් කරන්නේ කොහොමද මේ කාරණා අපි අද කළ යුතු දේ අද කළ යුතුයි.මෙන්න මේ නිසා තමයි අපි දේශපාලනික කාරණා මොනව තිබ්බත් අපි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කියන්නේ මේ ආණ්ඩුව තමන් දීපු පොරොන්දු ඉටු කළ යුතුමයි.කකුලෙන් ඇඳලා ආණ්ඩු වට්ටලා ආණ්ඩු පිහිටුවපු කාලය ඉවරයි.ඒ ඉවර වෙලා තියෙන්නේ සමාජයේ වෙනස් වීම නිසා නෙවෙයි.ඒක ඉවර වෙලා තියෙන්නේ ලෝකයේ ඒ තරම් වේගයෙන් ඉස්සරහට යන නිසා.අද කළ යුතු දේ අද අපි නොකළොත් අපේ වෙළෙඳ පොළ ලෝකයේ වෙන කෙනෙක් ඩැහැගන්නවා.අපේ අවස්ථාව ලෝකයේ තව රටක් ගන්නවා.

අපේ පෝට් සිටිය පරක්කු වෙනකොට කලාපයේ තව රටවල් අද වෙනකොටත් පෝටි සිටිය හා සමාන පෝට් සිටි ආරම්භ කරලා තියෙනවා.එහෙමනම් කොළඹ වරාය නගරයට එන්න තිබිච්ච ආයෝජන ,වරාය නගරෙට එන්න තිබිච්ච ආයෝජන වරාය නගරයට එන්න තිබිච්ච සමාගම් ආයතන, ව්‍යවසායකයෙක්ට අද කොළඹ වරාය නගරයට අමතරව තවත් අවස්ථාවන් තියෙනවා.ඒ නිසා අපි ගනුදෙනු කරන ඉතාමත් තරගකාරී ලෝකයක මිසක් අල්ලපු ගෙදර අය එක්ක හා තරග කරන ලෝකයක නොවේ.ඒ හින්ද අපි පක්ෂයක් විදියට හැම තිස්සේම උත්සාහ කරන්නේ අපි ගොඩනගන්නේ අපි බලාපොරොත්තු වෙන රට.අපි අප අතරම තරග කරනවා වෙනුවට ලෝකයේ තරගකාරීත්වය හා සමානව ඉස්සරහට යන්නේ කොහොමද කියන එක.ඒ හින්දා තමයි ජනාධිපතිවරයා යන්නේ කොහොමද කන්නේ මොනවද අඳින්නේ මොකක්ද හැබැයි අපේ පක්ෂ ඇතුලේ අපිට ඒවා අදාළ කාරණා නෙවෙයි.මොකද අපි ඊට එහා ගියපු ලෝකයක් අපි දකිනවා.

විපක්ෂයේ ඉන්න කෙනා එදා සහෝදරයා අද සර් කෙනෙක් උනාද එදා රෙද්දයි බැනියමයි ඇඳපු කෙනා අදට ටයි එකයි කෝට් එකයිඅඳිනවද ඒ කාරණා අපිට අදාළ දේවල් නොවේ.මොකද අපිට පලු යන්න ඒ කාරණා වලට බැන්නා.මගේ සෙරෙප්පු දෙකේ ගානෙ ඉඳන් අදින ශර්ට් එකේ පවා ගාන හැදුවා. ඒ කාලේ.මගේ බබාගෙත් එහෙමයි.තාමත් හදනවා.හැබැයි මට ඒක අදාල නෑ මොකද මම දකින ලෝකය ඊට එහා.අපි දකින ලෝකෙ ඊට වඩා වෙනස්.අපි විශ්වාස කරනවා අපේ රටේ තරුණ පරම්පරාව වගේම අනාගත පරම්පරාව ලෝකයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ස්ථානගත වෙන්න ඕනේ.ඒ ස්ථානගත වෙන්න අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යන්න ඕන.අධ්‍යාපන පරිවර්තනයකට අපි යන්න ඕන.ඒ සංස්කෘතික වශයෙන් ස්ථානගත කිරීමක් නොවේ.ලාංකීය අනන්‍යතාවයක් තියෙනවා,සංචාරකයෙක් ලංකාවට එන්නේ ලංකාවේ අනන්‍යතාවයට මිසක් මහා බ්‍රිතාන්‍යයේ අනන්‍යතාවය බලලා යන්න නෙවෙයි.මහා බ්‍රිතාන්‍ය හෝ ඇමරිකාවේ අනන්‍යතාවය බලලා යන්න ඒ රටට යයි.හැබැයි ලංකාවේ අපේ දේශයේ අනන්‍යතාවයක් තියෙනවා. සංස්කෘතියක් තියෙනවා.ඒ අනන්‍යතාවය ඇතුළේ හැබැයි අපි ලෝකයේ ඉහළ පෙළේ තියෙන කාර්මික ජනපද තුළ ආයෝජකයෝ එක්ක තාක්ෂණ පරිවර්තන එක්ක තාක්ෂණ විප්ලව එක්ක ස්ථානගත වෙන්න ඕන.ඒ සඳහා අවශ්‍ය නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් අපට අවශ්‍ය වෙනවා.ඒ සඳහා අවශ්‍ය නූතන දරු පරම්පරාවට පෑහෙන්න පුළුවන් දේශපාලන බලවේගයක් අපි ගොඩ නගන්න ඕන.ඒ හින්දා අපේ පක්ෂය තුළ තරුණයාට නිදහස ලැබෙන දේශපාලන පක්ෂයක්.

ඒ වගේම අපි තරුණ සංවිධාන තරුණ පෙරමුණ ගොඩනගන්නේ කටවුට් එකට පෝස්ටරයට ෆේස්බුක් එකේ පෝස්ට් එකට කමෙන්ට් දාන්න නෙවෙයි.අපි අවංකව හිතනවා අපේ වගේ හිතන පිරිසක් අපේ එක හා සමානව හිතන පිරිසක් මේ රටේ ගොඩනැගුනොත් තමයි අපි අපේක්ෂා කරන ගමන අපිට යන්න පහසු වෙන්නේ.අපි අපේක්ෂා කරන පරිවර්තනයකට අපට යන්න පහසු වෙන්නෙ.ඒ වෛරයෙන් ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් සිදුවන පරිවර්තනයක් නොවේ.ඒ දයාව කරුණාව ආදරය කේන්ද්‍ර කරගෙන අවංකව මාතෘ භූමිය ගොඩනගන්න අපේකම රැකගෙන ඉස්සරහට යන්න ඕන කියන දැඩි විශ්වාසය මත ගොඩනැගෙන දේශපාලන පරිවර්තනයක්.ඒ හින්දා මම ස්තූතිවන්ත වෙනවා ප්‍රසන්න මන්ත්‍රීතුමාට රණවීර මන්ත්‍රීතුමාට අද ලංකාවේ තරුණ සම්මේලන පවත්වන්න තීරණය කරපු අවස්ථාවේ කැලණිය ආසනයේ මේ පළවෙනි තරුණ සම්මේලනය පවත්වන්න ඔබතුමා මේ අභියෝගය බාර ගැනීම පිළිබඳව.අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම තමයි අද මේ සම්බන්ධ වෙලා ඉන්න තරුණ පිරිස් ඔබ විවෘත මනසකින් මේ රට දිහා බලන්න.ඔබ විවෘත මනසකින් දේශපාලනය දිහා බලන්න.අද සමාජයේ දේශපාලනඥයා කෙරෙහි සමාජය තුළ පෙන්වන ප්‍රතිරූපය හොඳ නැහැ. ඒක තමයි ඇත්ත කතාව.ඒක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ හැම රටකම එහෙමයි.අද අපි විශ්වාස කරනවා රටේ තරුණ පරම්පරාව දේශපාලනයට එන්න ඕන.ඒ දේශපාලනයට එනවා කියන්නේ ඡන්දේ ඉල්ලන කාරණාව නෙවෙයි.හැබැයි දේශපාලනය පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕන.ලෝකයේ දේශපාලන හැසිරීම් රටාව පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕන.ලෝකය දේශපාලන හැසිරීම් රටාව පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕන.ලෝකයේ සිදුවන සිදුවීම පිළිබඳව ඔබට අවබෝධයක්් තියෙන්න ඕන.ඒ තුළ ඔබට පුළුවන් තීන්දු තීරණ ගන්න අපේ රටේ දේශපාලනය හැසිරෙන්න ඕන රටාව යන කාරණය.යම් කෙනෙක් ඔබ හසුරනවා වෙනුවට ඔබ හිතලා බලලා කියවලා අවබෝධ කරගෙන මේ දේශපාලන තීන්දු තීරණ ගන්න මේ රටේ තරුණයා තරුණ සංවිධාන පරිවර්තනය කරන්න ඕනෑ කියලා අපි දැඩි විශ්වාසයක් අපිට තියෙනවා.මේ සඳහා ඔබ එකතුවෙන්න අත්වැල් බැඳගන්න කියන ආරාධනයත් එකතු කරමින් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මා සමුගන්නවා ස්තුතියි.

SendShareShare
Previous Post

අනුර මීටරේ කැරකෙන්න පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

ජවිපෙ ජනාධිපති අපේක්ෂක.. එජාප නගරාධිපති නන්දන ගුණතිලකට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් කවුරුත් නොදැන සිටි ලොකු කතාවක් හෙළිකරයි! මීට කලින් නන්දන ගැන මට දැනගන්න ලැබුණා නම්…! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.