රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද පවසනවා. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.Sri Lanka Latest News
“සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට සන්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය සේවය සමස්තයක් විදියට කළමනාකරණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් යම් යම් සංශෝධන ගනිමින් ඉන්නවා. එළැඹෙන 17 ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 90ක අති විශාල මුදලක් වැය කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න තීන්දු කරලා තියෙනවා. 13 ලක්ෂයකට සහන සැලසෙනවා. අපි අවබෝධ කරගත යුතුයි, විශේෂයෙන් රාජ්‍ය සේවයකයින් අපි මේ ලබාගන්නා ප්‍රතිලාභවලින් මොන තරම් දේවල් මහජනයාට ආපහු ලබාදිය යුතුද කියලා”යැයි අමාත්‍යවරයා කියා සිටියා.










