• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු එකහමාරටම ආණ්ඩුව කළේ වැඩ 4යි! මෙන්න මරික්කාර් ඒ 4 රටටම කියයි! VIDEO I Sri Lanka Latest News

April 28, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන මේ වනවිට මාස 18 ක කාලයක් ගෙවී ගොස් තිබෙනවා. එම කාලය තුළ ආණ්ඩුවට සිදුකිරිමට හැකි වී තිබෙන්නේ කරුණු 4 ක් පමණයි. ඒ බොරුව , වංචාව , හොරකම , නොහැකියාව. මේ කරුණු 4 උප්පු කරන්න ආණ්ඩුව මාස 18 ක කාලය තුළ කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් රටේ ආර්ථිකය වර්ධනය කරන්නේ කෙසේද? , ආර්ථික වර්ධන වේගය කොපමණ ප්‍රමාණයකින් වැඩි කරනවාද ? විදේශ ආධාර කොපමණ ප්‍රමාණයක් රටට ගෙන ඒමට හැකියාව තිබෙනවාද ?
සෘජු විදේශ ආයෝජන කොපමණ ප්‍රමාණයක් රටට ගෙන ඒමට කටයුතු කරනවාද? අලුත් ආදායම් මාර්ග උත්පාදය කරන්නේ කෙසේද? අලුත් රැකියා අවස්ථා උත්පාදනය කරන්නේ කෙසේද? නවෝත්පාදන ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේද? යන කතා ආණ්ඩුව තුළින් දැන් ඇහෙන්නේ නැහැ. නමුත් මැතිවරණයට පෙර ජාතික ජනබලවේගයෙ මෙවැනි කතා විශාල ප්‍රමාණයක් සමාජ ගත කරන්න උත්සහ කළා.

කෙසේ නමුත් ආණ්ඩුව සිදුකරන හොරකම් වහගැනීමට , වංචා වහගැනීමට , දූෂණය වහ ගැනීමට , නොහැකියාව වසාගැනීමට එක බොරුවක් වහ ගන්න ආණ්ඩුව තවත් බොරු රැසක් සමාජ ගත කරන්න උත්සහ දරන බවක් පෙනෙන්න තිබෙනවා. ආණ්ඩුවේ වංචා , හොරකම් , වසා ගැනීමට බොරුව සමාජ ගත කිරීම හරහා රටක් දියුණු කිරීමට නොහැකියි. කෙසේ නමුත් ආණ්ඩුවේ බොරුව මහජනතාවට තේරුම් ගොස් තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය බිඳි ගියත් ජනතාවට ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසයක් තිබුණා. අද වනවිට ජනාධිපතිවරයාත් බොරු කියන පුද්ගලයෙකු බවට පත්ව තිබෙනවා.

ඒ වගේම වර්තමාන ආණ්ඩුව යටතේ මහා පරිමාණ ගල් අඟුරු වංචාවක් සිදුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් කරුණු වාර්තා කරද්දි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු රටට ගෙනැවිත් නැති බව ආණ්ඩුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් මේ වනවිට රටට පැමිණ තිබෙන ගල් අඟුරු නැව් 16 න් ගල් අඟුරු නැව් 14 ක් ප්‍රමිතියෙන් තොර බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු රටට පැමිණ තිබෙන බව පරීක්ෂණ වාර්තා වලින් සනාථ වනවිට , ඒ හරහා විදුලිය නිෂ්පාදනය වීම අවම වන බවට තොරතුරු වාර්තා වනවිට , මේ හරහා විශාල මුදලක් පාඩු වන බව මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දී තිබියදී , ඩිසල් බලාගාරවලින් විදුලිය මිලදී ගනිද්දීත් රටට තවමත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු පැමිණෙනවා. තවමත් ගල් අඟුරු ටෙන්ඩරය අහෝසි කරන්න ආණ්ඩුව කටයුතු කරලැ නැහැ. ආණ්ඩුවේ මෙවැනි දුෂිත ගනුදෙනු වලින් අවසානයේදී දුක් විදින්නේ රටේ අහිංසක ජනතාවයි.

ඒ වගේම නිදහසින් පසු ණය ලබාගත් ආණ්ඩු තිබුණා , ණය ගෙවපු ආණ්ඩු තිබුණා. නමුත් පසුගිය ආණ්ඩු පැවැති කාලයේදී විදෙස් රටවලට ගෙවිමට තිබුණ මහ භාණ්ඩාගාරය සතු මුදල් වෙනත් ගිණුම්වලට බැර වුනේ නැහැ. නමුත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට වර්තමා ජාතික ජනබලවේග ආණ්ඩුව ණය ගෙවිය යුතු සමාගමට ණය මුදල් නොගෙවා වෙනත් ගිණුමකට මුදල් බැර කරලා තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ පිරිස් රටේ පුරවැසියන්ගේ බදු මුදල් අහිමි වීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව කිව්වත් එය පිළිගත නොහැකි කාරණයක්. ඒ වගේම හැකර්වරුන්ගේ ඊ මේල් පණිවිඩවලට නිලධාරින්ගේ අනුමැතිය මත මුදල් බැර කරන්නේ නැහැ. හැකර්වරු මුදල් ලබාගන්නේ පද්ධතියලට හොර රහසේ ඇතුළු වෙලයි. කෙසේ වෙතත් භාණ්ඩාගාරයේ සිදුවු මුදල් මංකොල්ලය පිළිබඳව සිදුකරන පරික්ෂණ ස්වාධීන සිදුවීමට නම් මුදල් ඇමැතිවරයා සහ මුදල් ලේකම්වරයා සිය තනතුරු වලින් වහාම ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම අද්දැකිමක් , පලපුරුද්දක් නැති භාණ්ඩාගාර ලේකම්වරයෙක් පත් කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට වංචනික , දුෂීත , නොහැකියාව යන ලේවල් අලවන්නේ ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් ගෙනැවිත් තනතුරු වලට පත් කරපු පිරිසයි.

කෙසේ නමුත් සතියෙන් අර්ජුන මහෙන්ද්‍රන් අල්ලනවා කියපු පුද්ගලයාගේ කණ්ඩායම මාස 18 ක කාලයක් තුළ මහ භාණ්ඩාගාරයේ මුදල් මංකොල්ල කාලා තිබෙනවා. මාස 18 තුළ බහලුම් හොර රහසේ නිදහස් කරලා , ගල් අඟුරු වංචා කරලා , භාණ්ඩාගාරයත් මංකොල්ල කාලා තිබෙනවා. ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ රූකඩයක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන්නත් සුදානම් වෙනවා. නමුත් 88 89 කාලයේ සිදුකළ භිෂණ දැන් සිදුකරන්න ආණ්ඩුවට ඉඩක් නැහැ.

ඒ වගේම ‘පච මදිවට බොරු – විකල්පයේ මැයි රැළිය‘ නමින් සමගි ජනබලවේගය මැයි දින රැළියක් සංවිධානය කරනු ලබනවා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගමන් කරනවා මිසක වෙනත් විකල්ප වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැති බව ආණ්ඩුව උප්පු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය දේපළ විකුණන්නේ නැති බව ප්‍රකාශ කර බලය ගත් ආණ්ඩුව රාජ්‍ය දේපළ විකුණන තත්ත්වයට පත්වී තිබෙනවා. කෙසේ නමුත් කාඩ් බෝඩ් වාමාංශික ආණ්ඩුවට විරුද්ධව ඊළඟ විකල්පය වන්නේ දක්ෂිණාංශික ආණ්ඩුවයි. එහි නායකත්වය දරන්නේ සමගි ජනබලවේගයයි. එනිසා සමගි ජනබලවේගයේ මුලිකත්වයෙන් මෙවර මැයි දිනය සංවිධානය කරන්න කටයුතු කර තිබෙනවා. ජනතාවගේ විරෝධය ආණ්ඩුවට එල්ල කරන්න සමගි ජනබලවේගය මැයි දින රැළිය සංවිධානය කරනු ලබනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයටත් මැයි දින රැළියට ආරාධනා කර සිටිනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ මැයි දින රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වේවි යැයි සමගි ජනබලවේගය විශ්වාස කරනවා. ගම්මට්ටමින් දක්ෂිණාංශික කඳවරු දැන් ශක්තිමත් වෙමින් පවතිනවා.
ඒ නිසා දක්ෂිණාංශික කදවුරක් ඇති කරන්න සියලුම දෙනාට එකතු වන්නැයි ආරාධනා කර සිටිනවා. ඒ වගේම ආණ්ඩුවට ප්‍රධාන මැයි රැළියක් පවත්වන්න අද වනවිට නොහැකි වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය විශ්වාස කරන පිරිස අඩුවී තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගය හා සම්බන්ධ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධානවලට මැයි දිනයට ආරාධනර කර තිබෙනවා. ඒ වගේම සමගි ජන සන්ධානය සමඟ එකතු වී සිටින දේශපාල පක්ෂවලටත් මැයි දිනයට ආරාධනර කර තිබෙනවා.

SendShareShare
Previous Post

ඩොලරය අද 320 පැන්නා! I Sri Lanka Latest News

Next Post

මාලේ ජනාධිපති 3 වැනිදා ලංකාවට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.