ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.Sri Lanka Latest News
මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලබාදී ඇති නිර්නායකයන්ට අනුව මෙම ක්‍රියාවලිය සිදුවන බවය.
“රටේ තිබෙන විනිමය ප්‍රශ්නයත් එක්ක අපි වාහන ගේන ඒක නතර කළා. නමුත් සංචාරක කර්මාන්තයේදී අවුරුදු 6කට වඩා පැරණි වාහන පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපේ තියෙන වාහන ටික පැරණි වේගෙන එනවා. තියෙන වාහන ප්‍රමාණය මදිවෙලා තියෙනවා. ඒ නිසයි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ සංචාරක කර්මාන්තය සඳහාම අරමුණු කරගෙන බස් 250ක් සහ වෑන් 750ක් ගේන්න. වාහන 1000ක් පමණමයි ගෙන්නේ.”









