ගෝඨාභය 2022දී රනිල්ට අගමැතිකමයි, මුදල් ඇමැතිකමයි දුන්නේ සුබ ආරංචියක් අහලාය. ඒ සුබ ආරංචිය නම් තමන්ට අගමැතිකම සහ මුදල් ඇමැතිකම දුන්නොත් ඇමෙරිකානු ඩොලර්බිලියන 4ක් හෝ 5ක් තමාගේ ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කොට ලංකාවට ගෙන ආ හැකි යැයි රනිල් දුන්න පොරොන්දුවය. මේ වෙනකොට මුදල් ඇමැති ධුරයේ හිටපු බැසිල් රාජපක්ෂ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් ගෙනැවිත් තිබිණි. චීනයට ලංකාව ගෙවීමට නියමිතව තිබූ ණයට වසරක සහන කාලයක් ගන්න ගෝඨාභය සමත්වී තිබිණි. ඒ වගේම චීනය ලංකාවේ විදේශ සංචිත සඳහා ඩොලර් බිලියන 1.4ක් තැන්පත් කොට තිබිණි. රනිල් ගෝඨාට පොරොන්දු වූයේ ජපානයෙන් එම ඩොලර් බිලියන 5න් වැඩි ප්‍රමාණයක් ලබාගත හැකි බවය. ගෝඨා ඒ සුබ ආරංචියට වශී විය. ඔහු වහාම රනිල්ට අගමැතිකමත්, මුදල් ඇමැතිකමත් දුන්නේය. ඒත් රනිල් අගමැති වූවාට පසු ගේනවා කී ඒ ඩොලර් බිලියන 5 ගැන වචනයක්වත් කීවේ නැත. රනිල් කළේ බොරුවක් බව ගෝඨාට තේරුණි. ඇත්ත තේරෙන විට ගෝඨාට ජනාධිපතිකම තියලා රට පනින්න සිදුවිය. ඉන් පසු රනිල් ජනාධිපති විය. ඒත් තවමත් අර ඩොලර් බිලියන 5 රනිල් ගෙනැවිත් නැත. අඩුම තරමින් ජපානයෙන් ඩොලර් මිලියන 500ක්වත් ගන්න රනිල් සමත් නොවීය.Sri Lanka Latest News
‘ඇයි රනිල් ණය ප්‍රතිව්‍යුහගත කරලා සුබ ආරංචියක් ගෙනාවේ…?’
ලංකාවේ ජනාධිපති පුටුවේ කවුරු වාඩිවෙලා හිටියත් IMF කියන කොන්දේසි ඉටුකරනවා නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මහ ලොකු කජ්ජක් නොවේ. ඉන්දියාව, ජපානය, පැරිස් ක්ලබ් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත ප්‍රකාශ කළේ ගෝඨාභය එවක මුදල් ඇමැති අලි සබි්රව IMF යවපු වෙලාවේය. ඒ සඳහා ලංකාවට උදව් කළේ ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන්ය. ඇය ලංකාව වෙනුවෙන් IMF ප්‍රධානී හමුවී ලංකාවට උදව් කරන ලෙස ඉල්ලා සිටියාය.
‘ඒ වුණාට රනිල් ලස්සනට චීනයත් බැලන්ස් කරගත්තනේ…’
චීනය ලංකාව ගෙවිය යුතු ණයට වසරක සහන කාලයක් දුන්නේ ගෝඨාභයගේ කාලයේය. රනිල් ජනාධිපති වූ පසු චීනය එය දික් කළේය. ඒ වගේම ලංකාවේ විදේශ වත්කම් සඳහා චීනය ඩොලර් බිලියන 1.5ක් තැන්පත් කළේත් ගෝඨාගේ කාලයේය.
රනිල් ජනාධිපති වීමෙන් පසු මේ වසර දෙකට ලැබී ඇත්තේ ෂඵත් ණය වාරිකය සහ ඒ ණය වාරිකයට සමගාමීව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කරන ණය මුදල් පමණි. ගෝඨා ජනාධිපති පුටුවේ හිටියත් ෂඵත් කොන්දේසි ඉටු කළා නම් ඔය ණය වාරික ලංකාවට ලැබෙයි.
අනෙක ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන 58කි. මෙයින් රනිල් ප්‍රතිව්‍යුහගත කරගෙන ඇත්තේ ඩොලර් බිලියන 10ක් පමණි.
‘එතකොට අනෙක් ඩොලර් බිලියන 48?’
ඒ ඩොලර් බිලියන 48 ගැන තවම එකඟතාවක් නැත.
ඇත්ත කතාව නම් ලංකාව බංකොලොත් වූ වෙලාවේ ජනවරමක් සහිත ජනාධිපතිවරයෙක් පත්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වා නම් ලංකාවට වාසිදායක විදියට මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න අවස්ථාව ලැබෙන්න ඉඩ තිබිණි. රනිල් ප්‍රතිව්‍යුහගත කළ මේ ඩොලර් බිලියන 10ත් ලංකාවට වැඩි වාසිදායක කොන්දේසි යටතේ ප්‍රතිව්‍යුහගත කරගන්න ඉඩ තිබිණි. රාජපක්ෂවරු රනිල්ව ජනාධිපති කිරීමෙන් ඒ වාසනාව ලංකාවට අහිමි විය.
ලොව බංකොලොත් වූ අනෙක් රටවල් අයි.එම්.එෆ්. ණය වාරිකය ලබාගැනීම වුවමනාවෙන්ම පමා කළේ ණය ප්‍රතිව්‍යුහත කිරීම කල් මැරුවේ තමන්ට වාසිදායක වාතාවරණයක මේ ගනුදෙනුව කරන්නටය. උදාහරණයක් ලෙස පාකිස්තානය IMF සමහර කොන්දේසි ඉටුකිරීම ප්‍රතික්ෂේප කළේය.
ලංකාව IMF කොන්දේසි සියල්ලටම හා කීවේය. ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ කොන්දේසිවලට හා කීවේය. රනිල්ගේ සුබ ආරංචිය ලංකාවට සුබ ආරංචියක් වන්නේ ණය හිමියන් ලොකු ප්‍රතිශතයකින් ණය කැපුවා නම්ය. නැතිනම් ලංකාවට මේ වෙලාවේ ඩොලර් බිලියන 4ක 5ක මූල්‍ය ආධාරයක් ලැබුණා නම්ය.
රනිල් ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කර ගන්න ජයග්‍රහණයක් හෙව්වේ ජනාධිපති වූ දින පටන්ය. ඒ ජයග්‍රහණය පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය තුනට හතරට කෑලි කෑලිවලට කඩන්න පුළුවන් ජයග්‍රහණයක් විය යුතු යැයි ඔහු ගණන් හද හදා සිටියේය.
සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ රාජ්‍ය නායකයන් පක්ෂ කඩලා මන්ත්‍රීවරු බාගත්තේ ඡන්ද දිනලා විපක්ෂය හතර ගාතේ වට්ටලාය. රනිල්ට බැරිම ඡන්ද දිනන වැඩේය. ඩොලර් බිලියන 58ක් විදේශ ණය තියෙන රටේ ඩොලර් බිලියන 10ක ණය ප්‍රතිව්‍යුහගත කරලා පක්ෂ කඩලා ජනාධිපතිවරණය ජයගන්න පුළුවන් කියලා රනිල් හිතනවා නම් ඒක හිනා නොයන විහිළුවකි.
2002 රනිල්ගේ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. සාම ප්රයත්නය ජාත්‍යන්තරයට විකුණා ඩොලර් බිලියන 4.5ක ආධාර පැකේජයක් ගන්න සමත් විය. ඒ ආධාර පැකේජය ලැබුණා නම් ලංකාව මෙහෙම බංකොලොත් වන්නේ නැත. ඒ ආධාර පැකේජය ලංකාවට අහිමි කළේ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා, මංගල සමරවීර සහ ජවිපෙය. ඔවුහු ආධාර පැකේජය පෙනි පෙනී ආණ්ඩුව විසුරුවා හරින්න කුමන්ත්‍රණය කළහ. 2004 මහ මැතිවරණයේදී රනිල්ට හෝ යූ.ඇන්.පී.යට ඒ ඩොලර් බිලියන 4.5ක ආධාර පැකේජය මාකට් කරගන්න බැරි විය. රනිල් සහ යූ.ඇන්.පී.ය පරාජයට පත්විය.
‘ඩොලර් බිලියන 4.5ක ආධාර පැකේජයක් මාකට් කර ඡන්ද දිනන්න බැරිවුණු රනිල්, ඡන්ද ලක්ෂ දෙකක් තියාගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම මාකට් කරගන්නේ කෙසේද…?’
ගෝඨා රනිල්ව අගමැතිකමට පත්කරන්න පෙර කැමැති වුණත් අකැමැති වුණත් රනිල්ට කැමැති වෙන්න වෙනවා යැයි පෝස්ටර් ව්‍යාපාරයක් සිරිකොතෙන් ඇලවිණි. ඒ කිව්වේ මිනිස්සු රනිල්ට අකැමැති වුණත් රාජපක්ෂලා රනිල්ට කැමැති නම් මිනිස්සුන්ට රනිල්ට කැමැති වෙන්න වෙනවා කියන එකය. හැබැයි ඊළඟ ජනාධිපතිවරණයේදී නම් රනිල් කැමැති වුණත් නැතත් මිනිස්සු තෝරන ජනාධිපතිට රනිල්ට කැමැති වෙන්න වෙනවා සත්තය.