මහනුවර අම්පිටිය ප්‍රදේශයේ තරුණියක් නිදි ඇඳේම මියයාමේ සිද්ධියක් වාර්තා වේ. (Sri Lanka Latest News)
සිද්ධියෙන් මියගියේ අම්පිටිය තලාතුඔය උඩුවෙල ප්‍රදේශයේ සඳුනි හංසමාලි බණ්ඩාර නමැති 22 හැවිරිදි තරුණියකි.
මියගිය තරුණියට නිතර උනසන්නිපාතය හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම හැර වෙනත් අසනීප තත්වයක් නොතිබූ බව නිවැසියන් පවසා තිබේ.
වෛද්‍යවරුන් පැවසුවේ දැරිය නින්දට ගොස් නොසෙල්වී සිටි නිසා ඇය රෝහලට ගෙන ගියත් ඒ වන විටත් මියගොස් සිටි බවයි.
සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ සිට ඇත්තේ දියණිය සහ මව පමණි. පියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශගතව සිටි බවද පැවසේ.
පශ්චාත් මරණ පරීක්‍ෂණය මහනුවර රෝහලේදී සිදුකළ අතර වෛද්‍ය පරීක්‍ෂකවරයා පැවසුවේ මරණයට හේතුව මොළයේ ලේ කැටි ගැසීමක් බවයි.
මරණයෙන් දින දෙකකට පසු ඇය විශ්වවිද්‍යාලයට යාමට සූදානමින් සිටි අතර ඇඳුම් සකස් කරමින් සිටිය බව මව කඳුළු සලමින් සඳහන් කළාය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පළමු වසර කණ්ඩායමට ඇය අයත්වූවාය.

gossiplankanews.










