පළාත් පාලන මැතිවරණයට සූදානම් බවත් මැතිවරණය කල් නොදැමිය යුතු වුවත් අලුත් අවුරුදු හා සාමානය පෙළ විභාගය ගැන සිතා මැතිවරණ කොමිසම නිවැරදි තීන්දුව ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුව ගැන තමාගේ මතය නොව ජනතාවගේ මතය වැදගත් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පක්ෂයේ අභ්‍යන්තරයෙ කිසිදු අර්බුධයක් නොමැති බවත් බොරු කතා ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලා සිටින බවත්ය.
එසේම ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කිසිදු ගැටලුවක් නොමැති බවත් සමගි ජන බලවේගය මේ වන විට ප්‍රගතිශීලී ජනහිතකාමී බලවේග සමග සාකච්ඡා කරන බවත් ලක්ෂ 220 ජනතාව සමග සිටින බවත් පළාත් පාලන මැතිවරණයේදී හොද තරගයක් රජයට දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










