• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලෙකට පස්සෙ ඇමැතිකෙනෙක් කාටත් පිළිගන්න පුළුවන් ජාතික ක්‍රීඩා සභාවක් පත්කරයි! බලන් ඉමු කට්ටිය වැඩ පෙන්නයිද කියලා! I Sri Lanka Latest News

February 14, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
කාලෙකට පස්සෙ ඇමැතිකෙනෙක් කාටත් පිළිගන්න පුළුවන් ජාතික ක්‍රීඩා සභාවක් පත්කරයි! බලන් ඉමු කට්ටිය වැඩ පෙන්නයිද කියලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ජාතික ක්‍රීඩා සභාව අද (14) පත්කළේය.Sri Lanka Latest News

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම පැසිපන්දු ක්‍රීඩකයෙකු ද ප්‍රියන්ත ඒකනායක මහතා මෙහි සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ඔහු ඇතුළු සාමාජිකයින් 13 දෙනෙකු ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිය පත්වීමේ ලිපි භාගත්තේය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද සහභාගී විය.

මෙරට ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම මෙන්ම පාලනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ජාතික ක්‍රීඩා සභාව නම්කරනු ලබයි.

ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සාමාජිකයින්

සමන්තා නානායක්කාර, රුක්මන් වෑකඩපොළ, සිදත් වෙත්තමුනි, චානක ජයමහ, රොහාන් අබේකෝන්, නිරෝෂන් විජේකෝන්, මුරාද් ඉස්මයිල්, රොෂාන් මහනාම, සී. රත්නමුදලි, ශ්‍රියානි කුලවංශ, මලික් ජේ. ප්‍රනාන්දු, ශානිත ප්‍රනාන්දු

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් පිළිබඳ තොරතරු

ප්‍රියන්ත ඒකනායක – සභාපති

රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. තවද නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර ඇත.

සමන්තා නානායක්කාර – 

කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරියක්ය. ක්‍රීඩා මනෝ විද්‍යාඥවරියක් වන අතර, මෙරට පළමු ක්‍රීඩා මහචාර්යවරිය ඇය වේ. ඇය විශ්වවිද්‍යාල මට්ටම දක්වා ක්‍රීඩාකර ඇති පැසිපන්දු ක්‍රීඩිකාවකි.

රුක්මන් වෑකඩපොළ –  

ජාත්‍යන්තර බොක්සින් සංගමයේ උපදේශකයෙකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙක් ද වේ. එමෙන්ම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් සහ ක්‍රීඩා ගුරුවරයෙක් වශයෙන් ද කටයුතු කරයි.

සිදත් වෙත්තමුනි – 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වන ඔහු 1982 – 1987 දක්වා ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කර ඇත. ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සහභාගි වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද වේ.

චානක ජයමහ – 

ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක් ලෙස දැනට අධිකරණ කටයුතු වල නියැලෙන අතර, Colombo Dockyard PLCහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර ඇත.

රොහාන් අබේකෝන් – 

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කටයුතුවල නියැලී ඇති අතර, ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇත. රග්බි සත්සාමාජික කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වේ.

නිරෝෂන් විජේකෝන් – 

බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ පළමු බැඩ්මින්ටන් ක්‍රීඩකයා ද වේ. 1983- 1987, 1989- 1992 කාලවකවානුවේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරතාවලියේ කේවල ශූරතාව හිමිකර ගෙන ඇත. ජාතික තේරීම් කමිටු සභාපති සහ ජාතික පුහුණුකරුවෙක් වශයෙන්ද කටයුතු කර තිබේ.

මුරාද් ඉස්මයිල් – 

ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනය ඇතුළුව සම්මේලන ගණනාවකට සම්බන්ධව කටයුතු කර ඇත. ගොල්ෆ් තේරීම් කමිටුවෙහි හිටපු සාමාජිකයෙක් ලෙසත්, මේසපන්දු සංගමයේ හිටපු ලේකම්වරයෙක් ලෙසත් කටයුතු කර ඇත. 

රොෂාන් මහනාම – 

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, 1996 එක්දින ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක්ය. ටෙස්ට් තරග ඉතිහාසයේ දිවාරාත්‍රී තරගක තීරකයෙකු වශයෙන් පෙනී සිටි පළමු පුද්ගලයා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ තාක්ෂණික උපදේශක කමිටු මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. 

සී. රත්නමුදලි – 

මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන අතර, විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රීඩා සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත. වොලිබෝල් ජාතික සම්මේලනයේ කටයුතු කරන ලද ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සම්බන්ධ අධ්‍යයන කටයුතුවල නිරත වූ අයෙක් ද වේ.

ශ්‍රියානි කුලවංශ – 

‍ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් හා ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමත් දිනා ඇත.  1989 සිට 2004 දක්වා ජාත්‍යන්තර ක්‍රීඩා 70කට අධික සංඛ්‍යාවකට සහභාගි වී තිබේ. ඇය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මී.100 කඩුලු පැනීම ඉසව්වේ වාර්තාවට තවමත් හිමිකම් කියයි.

මලික් ජේ. ප්‍රනාන්දු – 

ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ශානිත ප්‍රනාන්දු –  

හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර CR & FC රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වසර 12කට වැඩි කාලයක් දස්කම් දැක්වූ අයෙකු වේ. 1994 දී කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, 1998 දක්වා රග්බි ජාතික කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. CR & FC රග්බි සමාජයේ හිටපු උප සභාපතිවරයාද වෙයි.

SendShareShare
Previous Post

දීමනාව ගන්න එකම ප්‍රශ්නෙ අහ අහා මාධ්‍යයත් හෑල්ලු කරන අයට මූණටම කියයි! මහලේකම්තුමා මොනරාගල නායකයා! මම කොළඹ නායකයා! හර්ෂ අපේ මුදල් ඇමැති! අපි අතර කිසිම ප්‍රශ්නයක් නෑ! දීමනාව ගන්න හෙඩ්ලයින් ගහගන්න බොරු දාලා අපි අතර ප්‍රශ්න හදන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

හරීන්-මනූෂලා එක්ක එකතු වෙන්න ලැජ්ජා නැද්ද? කව්ද කිව්වේ අපි හරීන්ලා මනූෂලා ගන්නවා කියලා! එකතු වෙනවා නම් ගන්නෙ කව්ද.. නැද්ද කව්ද කියලා අපි කොන්දේසි දානවා! කුරුණෑගල නායකයා වෙච්ච ගමන් නලින් ලුණු ඇඹුල් ඇතිව කියන ඕන එක කෙළින්ම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව,  මහ බැංකුව විසින් අද (09)...

Read more
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.