දමිතා අබේරත්නට සහ අයගේ සැමියාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබේ. (Sri Lanka Latest News)
CIDය අධිකරණයට දැනුම්දී ඇත්තේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 අධික මුදලක් වංචා කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීම නොසලකාහැරීම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස එමගින් CIDය ඉල්ලීමක් කර තිබුණි.
එහිදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසා ඇත්තේ ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් අධිකරණයෙන් නොතීසි නිකුත් කිරීමට නොහැකි බවය.
එසේම නිසි අයුරින් නියෝග ඉල්ලන ලෙසට ප්‍රකාශ කර ඇති කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර ඇත්තේ මේ අයුරින් ඉදිරියේදී “පාරේ යන අයටත් නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටීවී” යනුවෙනි.
adaderana










