රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.Sri Lanka Latest News
ඒ මහතා පිළිබඳය විභාගවන නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
අලව්ව පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්ගහවෙල පදිංචිකරුවෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදපතිවරයා පසුගිය ජූලි මස 28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.










