චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව අද (15) පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිත තිබේ. (Sri Lanka Latest News)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් චමෝදිගේ මරණයට හේතුව තහවුරු කරගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකිවන බවයි.
අදාළ එන්නත ලබාදුන් 12 දෙනකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.
21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුණේ පාචන රෝග තත්ත්වයක් හේතුවෙනි.
එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර තිබුණි.
ඥාතීන් පවසන්නේ ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මියගිය බවයි.
newsfirst










