බිලිකොකු යොදා මසුන් මැරිම සදහා කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගිය විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එහි සිටි ධීවර කාර්මිකයින් තිදෙනා සමග අතුරුදහන්වි ඇති බව යාත්‍රා හිමිකරු කල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත. (Sri Lanka Latest News)
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා ගමන් ගත් ඩබ්ලියු.නෙවිල් ඇන්ටනි, සුදේෂ් සුසන්ත,ප්‍රසාද් නිරන්ජන් යන කන්දකුලිය පදිංචි ධීවරයින් තිදෙනාය.
මෙම ධීවරයින් තිදෙනා පසුගිය බදාදා (06) දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා ‘විහාරා දුව, හංසිළු පුතා‘ නැමති ධීවර යාත්‍රාවෙන් ගමන් කර තිබෙනවා
යාත්‍රා හිමිකරු පවසා සිටියේ බිලි කොකු උපයෝගි කර ගනිමින් මසුන් මැරීම සදහා ගිය පිරිස එදින රාත්‍රිය වන විට පැමිණීමට නියමිතව තිබුණද එසේ නොපැමිණි බවයි.
ඒ අනුව ඊට පසුදින දින ඒ පිළිබද සොයාබැලුවද ඔවුන් නොපැමිනි නිසා කන්දකුලියෙ සිට ධීවර යාත්‍රා කිපයක් මහ මුහුදට මෙම යාත්‍රාව සෙවිම සදහා පිටත් කර යැවු බව යාත්‍රා හිමිකරු පවසා ඇත.
dinamina










