• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුවට එරෙහිව එන පළමු විශ්වාසභංගය අද කතානායකට බාර දෙනවා! I Sri Lanka Latest News

August 11, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය,Sri Lanka Latest News

‘‘නියෝජ්‍ය ඇමැති මේජර් ජනරල් අනුර ජයසේකරට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට අද භාරදීමට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා.

පසුගිය දශකයක පමණ කාලය තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය ඉටුවීම , පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවීම පිළිබඳ කාරණය ඉතා බරපතල සමාජීය සහ දේශපාලනමය කාරණයක් වශයෙන් මතු වුණා.

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වුණ වින්දිතයන්ට මෙන්ම රටේ සාමාන්‍ය පුරවැසියන්ටත් ජාති ආගම් භේදයකින් තොරව පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් කවුද , සැබෑ කුමන්ත්‍රණකරුවන් කවුද , මහ මොලකරු කවුදැයි සොයා බලා ඔවුන්ට දඬුවම් කිරීම ඉතා වැදගත් දෙයක් බවට එකඟතාවයක් තිබෙනවා.

ජාතික ජන බලවේගය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනතාවට ලබා දුන්න ප්‍රධානතම පොරොන්දුවක්වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන බව. ඒ වගේම විපක්ෂය ලෙස සමගි ජනබලවේගයත් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළා මෙන්ම එම සාධාරණ පරීක්ෂණය ස්වාධීන වාතාවරණයක් තුළ අයුතු බලපෑමකින් තොරව ජාත්‍යන්තර ප්‍රමිතියට පැවැත්වීම පිළිබඳවත් පොරොන්දු වුණා.

නමුත් වර්තමාන රජය පිළිබඳව ජනතාව විශ්වාසය තැබුවා. වර්තමාන රජය පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වී මේ වනවිට වසරක කාලයක් ගතවෙනවා. නමුත් මේ වනතුරු කිසිදු වැදගත් බරපතල අලුත් කරුණක් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා ගැනීමට අසමත් වී තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව අලුත් සැකකරුවන් හෝ මහ මොලකරු කුමන්ත්‍රණ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට වර්තමාන රජය අපොහොසත් වී තිබෙනවා.

දින වකවානු ප්‍රකාශ කර පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු රටට ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් එම දිනයත් මේ වනවිට පසු වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන්ගේ නොසැලකිලිමත් භාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීතිබෙනවා , ඇතැම් පුද්ගලයන්ට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා , ඇතැම් පුද්ගලයන්ට සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා , තවත් සමහරු මහමොලකරු යැයි සැක කරනවා.

ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිගමනයන් තිබෙන පසුබිමක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති වීම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් , පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොසැලකිලිමත්ව කටයුතු කළ පුද්ගලයන් , මහ මොලකරු හෝ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් , සාක්ෂි වසන් කළ තැනැත්තන් රජයේ පංගුකාරයන් වී සිටිනවාදැයි සැකයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් සාක්ෂි වසන් කිරීමට රජයට බලපෑම් කරනවාදැයි සැකයක් මතුවී තිබෙනවා.

කෙසේ නමුත් නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාස්කු ප්‍රහාරය සිදුවූ කාලයේදී නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපති ලෙස කටයුතු කළා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පසුව නැවත සිදුවුනු බෝම්බ පිපිරීම් පිළිබඳව වගකිවයුතු සාක්‍ෂි වසන් කිරීම සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු දන්නා සාක්ෂිකරුවන් වසන් කිරීම සහ අතුරුදහන් කිරීම පිළිබඳව මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැය දෙකක කට උත්තරයක් ලබා දී තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඔහුට චෝදනා එල්ල වුණා.

මෙවැනි තත්ත්වයක් තුළ මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දැරීම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට බලපෑමක් එල්ල වීමට ඉඩ තිබෙනවා. මේ පිළිබඳව කතෝලික සභාව වෙනුවෙන් කතොලික සභාවේ නිල ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. අරුණ ජයසේකර මහතා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට සෘජුව බලපෑම් කල හැකි තනතුරක රැඳී සිටීම සුදුසු නොවන බව සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කර තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවට සහ සැකයට ලක්වී සිටින පුද්ගලයකු , පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සාක්‍ෂිකරුවෙකු විය හැකිඩපුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ කටයුතු භාරව සිටීම සුදුසු දෙයක් නොවේ.

ඒ නිසා සමගි ජන බලවේගය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ එකතු වී නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළා. මේ වන විට ඒ සඳහා විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක් සිය අත්සන යොදා තිබෙනවා. ඒ අනුව සඳුදා දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමට කටයුතු කරනවා. ඒ වගේම මෙම විශ්වාස භංගයෝජනාව විවාදයට ගැනීමටද ඉදිරියේදී කටයුතු කරනු ලබනවා.

කෙසේ නමුත් රජය මේ සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස සලකා බලාවි යැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ කටයුතු ඉක්මනින් අවසන් කරාවි යැයි අපි විශ්වාස කරනවා. මෙතෙක් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා එම ධූරයෙන් ඉල්ලා අස්වී රජයේ ගෞරවයත් මෙම පරීක්ෂණ කටයුතුවල ස්වාධීනත්වයත් ආරක්ෂා කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ රජය අරුණ ජයසේකරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ තබාගන්නවා නම් ඒ සම්බන්ධයෙන් රජයට බරපතළ චෝදනාවක් එල්ල වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම කිසිදු ප්‍රගතියක් නොමැතිව පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු ඉදිරියට ගමන් කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට හේතුව අරුණ ජයසේකර ද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ කිසිදු සංවේදීභාවයක් නොමැති නිසා තමයි අපි විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළේ.

ඒ වගේම අපි විශ්වාසභංග ඉදිරිපත් කරන්නේ දිනන්න විතරක්ම නෙවෙයි. හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියට විරුද්ධව විපක්ෂය විසින් එදා විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළා. එහිදීත් විශ්වාසභංගයක් දිනන්න විපක්ෂයට හැකියාවක් තිබෙනවාදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. නමුත් අවසානයේදී එම විවාදයේදී අපිට හැකියාව ලැබුණා සාධාරණ කාරණා සමාජගත කරන්න. එම විවාදයේදී කෙහෙළිය හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ කටයුතු සමාජයට නිරාවරණය කරන්න හැකියාව ලැබුණා. අවසානයේදී ඔහු අමාත්‍ය ධුරය දරපු රජයට සිදුවුණා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න. ඒ වගේම අත්අඩංගුවට ගැනීමත් සිදු වුණේ ඔහු අමාත්‍ය ධූරයදරපු රජයේ සමයේදී. කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගත්තේ රනිල් වික්‍රමසිංහ කියපු ජනාධිපතිවරයාගේ කාලවකවානුවේ. ඒ අනුව විශ්වාස භංගයකින් අපේක්ෂා කරන්නේ එය ජයග්‍රහණය කිරීමම නොවේ. ඒවගේම අපි ඉදිරිපත් කරන විශ්වාසභංගයේ තිබෙන හරය සහ සාක්ෂිමය වටිනාකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා තාවකාලිකව හෝ එම තනතුරෙන් ඉවත්කොට පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ කටයුතු කඩිනම්කොට යුක්තිය ඉටු කිරීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්.

ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන්ට අරමුදල් ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයෙක්. ඔහුත් මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. එවැනි පසුබිමක් තිබෙන නිසා ආණ්ඩුව තවත් පරිස්සම් විය යුතුයි. ජනතා විමුක්ති පෙරමු⁣ණේ ප්‍රධානතම මූල්‍ය අනුග්‍රාහකයෙකුගේ දරුවන් පාස්කු බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරුවන් බවට පත්වුනා නම් , එම මූල්‍ය අනුග්‍රාහකයාගේ නිවසේදීත් බෝම්බ පිපිරුනානම් , ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු වුවානම් ආණ්ඩුව විශේෂයෙන් පරිස්සම් විය යුතුයි.

ඒ වගේම හමුදා බුද්ධි අංශ වලට නායකත්වය ලබා දුන් , නැගෙනහිර පළාතේ ආඥාපති ලෙස කටයුතු කළ , අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් කට උත්තර ලබාගෙන තිබෙන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා එම ධූරයේ සිටීම සාධාරණ නැහැ. ඒ වගේම ආණ්ඩුවේ සිටින බුද්ධිමත් මන්ත්‍රීවරුත් මෙවැනි කාරණයකදී ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කරාවි යැයි අපි විශ්වාස කරනවා.

ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාට පාස්කු ප්‍රහාරයේ සාක්‍ෂි වසන් කිරීම , ඒ වගේම දැනට තිබෙන පරීක්ෂණ සඳහා බාධා කළහැකි ආරක්ෂක විෂය වැනි බලගතු ධුරයක් දැරීම ඉතා බැරෑරුම් තත්ත්වයක්. කෙසේ නමුත් මෙම පරීක්ෂණයේ විනිවිදභාවය සහ සාධාරණත්වය පෙන්වීමට මෙම ඇමතිවරයාව තාවකාලිකව එම ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදුවූ කාලවකවානුවේ සිටි ආරක්ෂක අංශයේ නිලධාරීන් එම ප්‍රහාරයට අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. එහිදී රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ නමුත් මෙහි තිබෙන්නේ ලබැදියාවන් අතර ගැටුමක්. ඒ වගේම චෝදනාවට ලක් වූ පුද්ගලයින් එම තනතුරු වලින් ඉවත් වී ස්වාධීන පුද්ගලයින්ට පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ කටයුතු භාරදියයුතුයි.

කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවිය යුතුයි එය වැදගත් කාරණයක්. ඒ සඳහා ජාති ආගම් පක්ෂ භේදයක් නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක්පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ සිදුවන අවස්ථාවක ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ අරුණ ජයසේකර මහතා කිරීම සුදුසු දෙයක් නොවේ. ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයට වෙනත් කෙනෙකු පත්කොට රජය සාධාරණ බව රටට සනාථ කරන්න හැකියාව තිබෙනවා. නමුත් රජය හිතුවක්කාර ලෙස කටයුතු කරනවා නම් එහි ප්‍රතිවිපාක ආණ්ඩුවට ඉදිරියේදී ලැබෙයි.

ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදුවන විට රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනිකව මේ සඳහා වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. එහිදී ඔහුට වන්දියක්ද ගෙවන ලෙස නියම කරනු ලැබුවා. ඒ වගේම එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශය භාරව සිටි නිලධාරීන්ට වන්දි ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනුු ලැබුවා. ඒ වගේම අපරාධ නඩු කිහිපයකුත් මේ වනවිට විභාග වෙමින් පවතිනවා. කෙසේ නමුත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුරුන්දැයි දැන ගැනීමට.

ඒ වගේම මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ වගකීම පිළිබඳව කිසිදු නඩුවක් අවසන් වී නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුත් මේ වන විට අවසන් වී නැහැ. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහ කුමන්ත්‍රණ කණ්ඩායම් තවමත් සොයාගෙන නැහැ. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙළි වූ කරුණුකාරණාවලදී බලාපොරොත්තු වෙනවා පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ කටයුතු අවසන් වෙයි කියලා. එසේ නමුත් එම පරීක්‍ෂණවලට බාධාවක් වී තිබෙන්නේ අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දැරීමයි. පාස්කු ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව වගකිවයුතු පුද්ගලයන් රජය තුළ කටයුතු කිරීම නිසයි.‘‘

SendShareShare
Previous Post

අද හවස දෙකෙන් පස්සේ වෙන්න යන දේ! I Sri Lanka Latest News

Next Post

ස්ථාන මාරු ගැන නලින්ද සාකච්ඡා කරයි! අද උදේ ඉඳන් කරන්න ගිය වර්ජනය දොස්තරවරු අත්හරී! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.