20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 දෙනාගේ තරග වටයේ කාලසටහන මේ වනවිට නිකුත් වී තිබේ.
ඒ අනුව පළමු තරගය හෙට අයර්ලන්තයත් සමග පෙරවරු 9.30ට පැවැත්වේ.
දෙවන තරගය 25 වන අගහරුවාදා සවස 4.30ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතය
තුන්වන තරගය නවසීලන්තය සමග 29 වැනිදා පස්වරු 1.30ට පැවැත්වේ.
සිව්වැනි තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 01 දිනය. ඒ, ඇෆ්ගනිස්ථානය සමග පෙරවරු 9.30ටය
අවසන් තරගය නොවැම්බර් 05 වැනිදා සවස 1.30ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිතය.