• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 70ක් වටින අන්තිම සටන අද! I Sri Lanka Latest News

June 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි 70ක් වටින අන්තිම සටන අද! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දීය රුපියල් කෝටි 20ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 70ක්) ශූරයන්ට තිළිණ කෙරෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද පස්වරු 7.30ට ආරම්භ වේ.Sri Lanka Latest News

අයිපීඑල් ඉතිහාසයේ තවමත් ශූරතාවක් දිනා නැති කණ්ඩායම් දෙකක් වන පන්ජාබ් කිංග්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු අතර පැවැත්වෙන මේ අවසන් මහා තරගයේ පරාජිත කණ්ඩායමට හිමිවන මුදල ඉන්දීය රුපියල් කෝටි 13ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 46ක් වැනි දැවැන්ත මුදලකි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලේ නායකත්වය රාජාට් පටිඩාර් උසුලන අතර, අයිපීඑල් ශූරතාවක් දිනා ගැනීමේ පිපාසයෙන් සිටින විරාට් කෝලි එම පිලේ ප්‍රබල භූමිකාවක් රඟ දක්වයි. ඔස්ට්‍රේලියාවේ ටිම් ඩේවිඩ්, ජොස් හෙසල්වුඩ්, එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන්, පිල් සෝල්ට්, සිම්බාබ්වේ බ්ලෙසින්ග් මුසරබානී, නවසීලන්තයේ ටිම් සෙයිෆර්ට් හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රොමාරියෝ ෂෙෆර්ඩ් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට එක්ව සිටින විදෙස් ක්‍රීඩකයෝ වෙති.

ෂ්රෙයස් අයියර් නායකත්වය දරන පන්ජාබ් කිංග්ස් පිලේ ඉන්දීය ක්‍රීඩකයන් වන වේග පන්දු යවන අර්ෂදීප් සිං හා දඟ පන්දු යවන යුෂ්වේන්ද්‍ර චාහාල් කැපී පෙනෙන චරිත වන අතර, ඇෆ්ගනිස්තානයේ අසමතුල්ලා ඔමරාසි, ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනස්, ෂේවියර් බාර්ට්ලේට්, ආරොන් හාඩී, ජොෂ් ඉංග්ලිෂ් හා නවසීලන්තයේ කයිල් ජේම්සන් විදෙස් ක්‍රීඩකයන් ලෙස එක්ව සිටිති.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු අතර පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී හමුවී බැංගලූරු පිල කඩුලු 8ක ජයක් ලබා අවසන් තරගයට පිවිසියේය. පසුව සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් හා පන්ජාබ් කිංග්ස් හමුවී කඩුලු 5ක ජයක් ලබා පංජාබ් කිංග්ස් පිල අවසන් තරගයට පැමිණීමේ වාසනාව උදාකර ගත්තේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල අවස්ථා 3කදී අවසන් මහා තරගයට පිවිස කුසලානය අහිමිවී ගියේය. 2009දී ඩෙකාන් චාර්ජස් හමුවේ අවසන් ගැටුමේදී පරාජය වූ බැංගලූරු පිල 2011දී චෙන්නායි සුපර් කිංග්ස් හා 2016දී සන්රයිස් හයිද්‍රාබාද් හමුවේ කුසලානය අහිමිවී ගියේය. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම 2014 පැවති අවසන් මහා තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් හමුවේ පරාජයට පත්වීමෙන් අයිපීඑල් ශූරතා බලාපොරොත්තු බිඳ වැටිණි.

එබැවින් වසර 11කට පසු අයිපීඑල් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි පන්ජාබ් කණ්ඩායම හා වසර 9කට පසු අවසන් සටනට පිවිසි බැංගලූරු පිල අතර සටන උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විචාරක මතය වේ.

මේ තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලේ විරාට් කෝලි හා පන්ජාබ් කිංග්ස් පිලේ ෂ්රෙයස් අයියර් අතර සටනක් වනු ඇතැයි එම විචාරකයෝ අනාවැකි පළ කරති. කෝලි මෙවර තරග 14කදී ලකුණු 614ක් ලබා සිටින අතර, අයියර් තරග 16කදී ලකුණු 603ක් ලබා ආසන්නයේම සිටින පිතිකරුවන් දෙදෙනකි. කෝලි පන්ජාබ් කිංග්ස් සමඟ තරගයේදී පන්දු 54කදී නොදැවී ලකුණු 73ක් ලබා වැඩිම ලකුණු ගණන සටහන් කළ අතර, අයියර් ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව පන්දු 42කදී නොදැවී ලකුණු 97ක් ලබා වැඩිම ලකුණු ගණන වාර්තා කළේය.

අයියර් සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමින් පන්දු 41කින් නොදැවී ලකුණු 87ක් ලබා කැපී පෙනෙන ඉනිමක් දියත් කළේය. ඔහු ග්ලෙන් මැක්ස්වෙල් සහ ක්‍රිස් ගේල් අබිබවා යමින් පන්ජාබ් පිතිකරුවකු විසින් වාරයක් තුළ වැඩිම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයා විය.

SendShareShare
Previous Post

කොත්මලේ, අපේ රටේ පෝෂණය, අපේ මිනිසුන් නගාසිටුවීම! Sri Lanka Latest News

Next Post

බරපතළ ලෙස බදු වංචා කරන දේශපාලන පක්ෂයක් ගැන දිලිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.