පසුගිය දා දික්ඕවිට වරායෙන් පිටව ගිය බහුදින යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැර ගෙන ඇති නමුත් පසුව සීශෙල්ස් රටේ ආරක්ෂක අංශ ඔවුන්ව බාර ගෙන මාසයක් ඉක්ම ගොස් ඇති නමුත් ඔවුන්ව තවමත් නිදහස් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයාට කතා කර මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් එරට සිටින තානාපතිවරයා පවා ඔවුන්ගේ සුවදුක් බැලීමට ගොස් ඇත්තේ එක් වරක් බැවින් මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.