• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟ පළාත් පාලන මැතිවරණයේ ජවිපෙ ඉරණම! Sri Lanka Latest News

March 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමත් එක්ක බොහොමයක් දේශපාලන පක්ෂ නොසන්සුන්තාවට පත්වෙලා. ඒ කලබල වීම පාලක මාලිමාවේ පටන් සියලුම දේශපාලන පක්ෂවල දකින්න පුළුවන්. මෙතැනදී මාලිමාව, සජබය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය නිශ්චිත වශයෙන්ම වෙන වෙනම තරග කරන්න තියෙන ඉඩ වැඩියි. Sri Lanka Latest News

විමල්, පාඨලී, ගම්මන්පිල තවම අවසන් අදහසක් කියලා නෑ. ඒ වගේ උතුරේ, නැගෙනහිර සහ වතුකරයේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ඇතැම් තැන්වල තනියෙනුත්, ඇතැම් තැන්වල සන්ධානගතවත් තරග කරයි. මේවා සම්බන්ධව අවසන් උත්තරයක් හැදිලා නැති වුණත් මේ සීමාවෙන් පිට පනින්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ. පක්ෂයක් විදියට ගත්තොත් මේ මැතිවරණයේ බරපතළම අර්බුදයට මුහුණ දීලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයයි.
එක්සත් ජාතික පක්ෂයට තනියම යනවා හැර වෙන උත්තරයක් තියෙයි කියලා රටේ රාළ නම් හිතන්නේ නෑ. එජාපය කොහොම ගියත් මේ මැතිවරණයෙන් ගොඩක් දුරට එජාප දේශපාලන ගමනේ අවසානය සටහන් වෙන්න පුළුවන්. වතුකරයේදී තොණ්ඩමන් එජාපය තෝරයිද එහෙමත් නැත්තම් කුකුළා තෝරයිද කියන එක දැන්ම කියන්න බෑ.

ඇත්තටම සාගලලා, වජිරලා එජාපයට අත්කර දුන්න ඉරණම මේ මැතිවරණයේදී මොනවට පැහැදිලි වෙනවා. ඒක නිසාම මේ පාර පළාත් පාලන මැතිවරණයේ එජාපය කියන්නේ ප්‍රබල තරගකරුවෙක් නෙවෙයි. රනිල්ගේ නායකත්වය යටතේ එකතු වුණු සිලින්ඩර කණ්ඩායමට තවදුරටත් එජාපයත් එක්ක එකතුවෙලා වැඩක් වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. සිලින්ඩරය වටේට එකතු වුණු කණ්ඩායමෙන් සැලකිය යුතු කොටසක් මේ පළාත් පාලන මැතිවරණයේදී සජබය, පොදුජන එක්සත් පෙරමුණ එක්ක එකතු වෙයි.

යම් ප්‍රමාණයක් පොහොට්ටුවත් එක්කත්, දිලිත් එක්කත් එකතු වෙයි. ඇත්තටම මෙතැනදී විපක්ෂය එක පෙරමුණක් බවට පත්විය යුතුව තිබුණත් මේ මැතිවරණයේදී එහෙම වෙන්න තියෙන ඉඩ ඉතාමත්ම අඩුයි. හැබැයි හැදිය හැකි පළල්ම සන්ධානය හදන්න සමහර අය උත්සාහ දරමින් ඉන්න බව තේරෙනවා. අඩුම ගානේ නිතරග ගිවිසුම් එක්ක හරි යන්න පුළුවන් නම් විපක්ෂ බලය ශක්තිමත් වෙයි. මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් අතර මාලිමාව, සජබය, පුටුව, පොහොට්ටුව සහ මව්බිම ජනතා පක්ෂය ඉඳීවි.

ඇත්තටම මේ මැතිවරණයේ වැඩි වාසිය තියෙන්නේ පාලක මාලිමාවට බව කියන්න දෙයක් නෑ. පවතින ආණ්ඩුව ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමට තියෙන ඉඩ වැඩියි. හැබැයි මුලදී තිබුණු වාසිය දැන් ඒ විදියටම මාලිමාවට නෑ. ඒ වගේම මාලිමාවේ ජනප්‍රියත්වය බින්දුවටම වැටිලා නෑ. රටේ රාළ එහෙම කියන්නේ විපක්ෂයට සාපේක්ෂව මිසක මාලිමාවේ මහ මැතිවරණ ප්‍රතිඵලයට සාපේක්ෂව නෙවෙයි.

මාලිමාවේ මහ මැතිවරණ ජයග්‍රහණයට සාපේක්‍ෂව හිතුවොත් මාලිමාව 20%ක විතර පසුබෑමක් පෙන්වනවා. කොහොම වුණත් ගොඩක් වෙලාවට ගියවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න හිටපු මාලිමා අපේක්ෂකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ පාර ඉදිරිපත් කරන්නේ නැති බව කියවෙනවා. ජවිපෙ මේ පාර පළාත් පාලන කොට්ඨාස තරග කරන්න තමන්ගේ කාඩරයේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉදිරිපත් කරයි.

මෙතැනදී ජවිපෙට අරමුණු දෙකක් තියෙනවා. එක පැත්තකින් පළාත් පාලන ආයතනවල බලය ගැනීම එයාලාගේ එක ටාගට් එකක්. ඒ වගේම ගමේ මාලිමා කොට්ඨාස සභාව පිහිටුවීමට නායකත්වයක් ගොඩනගා ගැනීම සහ ඊට නීත්‍යනුකූලභාවයක් ලබාගැනීම ජවිපෙ තවත් අරමුණක්. මේ කාරණා දෙකම ජවිපෙට ඉතාමත්ම වැදගත්. එක පැත්තකින් රාජ්‍ය පාලන ව්‍යුහයක් විදියට පළාත් පාලන ආයතන ජවිපෙට වැදගත්.

ඒ වගේම තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනියන පැලවත්ත කාලසටහනට ගමේ කොට්ඨාස සභාව පිහිටුවීම වැදගත්. ඒක නිසා ජවිපෙ පළාත් පාලන මැතිවරණය හොඳින් හෝ නරකින් දිනන්න ට්‍රයි කරනවා. මෙතැනදී ජවිපෙට අභියෝගය විදියට තියෙන්නේ මේ දෙකටම ගැළපෙන අපේක්ෂකයෙක් හොයාගන්න එකයි. ජවිපෙ ඉන්න කාඩර්වරයා ජවිපෙ කොට්ඨාස සභාවට හොඳ වුණාට පළාත් පාලන ආයතනය හරහා කරන බහුජන දේශපාලනයට සුදුසූ මදි.

හැබැයි මේ දෙකම බැලන්ස් කරන්න පුළුවන් පිරිසක් ජවිපෙ ඇතුළේ තවත් ඉන්නවා. ඒක ලොකු ගානක් නෙවෙයි. මේ මැතිවරණයේදී ජවිපෙත් එක්ක සටන දෙන ප්‍රධාන සටන්කරුවා කවුද කියන ප්‍රශ්නය මතුවෙනවා. දේශපාලන වශයෙන් එකඟ නොවුණත් මෙතැනදී අපි ඇත්ත කතාකරන්න ඕනේ. ඇත්තටම මාලිමාවට ලොකුම සටන දෙන තරගකරුවා වෙන්නේ සජබයයි. රනිල්ගේ ගෝලයින්ගේ වැඩ නිසා ගමේ හිටිය එජාප පාක්ෂිකයා සජබය විසින් උදුරාගෙන තියෙනවා.

ඇත්තටම රනිල් වටේ කැරකි කැරකි හිටිය එජාප දේශපාලන අවස්ථාවාදීන් කළේ බිම දක්වා තිබුණු එජාප යාන්ත්‍රණය විනාශ කිරීමයි. ඒක හින්දා සජබ යාන්ත්‍රණය මාලිමාවට සටනක් දිය හැකි යාන්ත්‍රණය බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම පොදුජන එක්සත් පෙරමුණ සහ පොහොට්ටුවත් යම් පමණකට මහ පොළොවේ තියෙනවා. ඊට අමතරව දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂයත් අඩු අනුපාතයකින් තියෙනවා.

මීට අමතරව ප්‍රාදේශීය සභා මට්ටමින් ඉදිරිපත් වෙන ස්වාධීන කණ්ඩායම් දේශපාලන පක්ෂවලට යම් අභියෝගයක් වෙයි කියලා හිතන්න පුළුවන්. කොහොම වුණත් ඇල්පිටියේදී වගේ ජවිපෙට සියලු කොට්ඨාස ජයග්‍රහණය කරනවා කියන එක ලේසි නෑ. පළාත් පාලන මැතිවරණයේ මන්ත්‍රී ධුර හිමිවෙන කේවළ සහ අනුපාත ක්‍රමය සලකද්දී විශාල බහුතරයකින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම කියන එකත් අසීරු කටයුත්තක්.

ඒක නිසා ගොඩක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න වෙන්නේ තවත් අය හවුල් කරගෙන. ඒ වගේම මෙවර පළාත් පාලන මැතිවරණයට හොඳ අපේක්ෂකයෝ ඉදිරිපත් කිරීම හැම දේශපාලන පක්ෂයකටම තියෙන අභියෝගයක්. පාර්ලිමේන්තු මැතිවරණයේ වගේ හොර උපාධි, හොර සහතික පෙන්නලා බොරු උගත්තු වෙන්න මේ මැතිවරණයේදී බෑ. මොකද ගමේ මිනිහා ගමේ මිනිස්සු දන්නවා. ඒක නිසා පක්ෂය වගේම අපේක්ෂකයාගේ භාවිතාවත් මේ මැතිවරණයට ලොකු බලපෑමක් කරනවා.

හරි, එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

SendShareShare
Previous Post

ලාල් නිදහස් උත්සවය වර්ජනය කළ හේතුව උදය හොයාගෙන! Sri Lanka Latest News

Next Post

අල්ජසීරා එක ඇද්දට පස්සේ මෙන්න JVP ඇමැතිවරුන්ට බටලන්ද මතක් වෙලා! බේරෙන්න දෙන්නෙ නෑලු! වාර්තාව සූදානම්ලු! යටගහන්න දෙන්නේ නෑලු! ඒකත් බලමුකෝ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.